Author: LFN
බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණු පළාත්වල අද (10) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකි බවය. උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්රදේශවලත් මධ්යම කඳුකරයේ බටහිර බෑවුම්වලත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි…
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වනදා සිට ආරම්භ කිරීමට නියමිතය. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්රකාරව ඊට අදාළ ගැසට් පත්රය මේ වනවිට ප්රකාශයට පත් කර තිබේ. ඒ අනුව සංක්රාන්තික, අවදානමට ලක්වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ. මෙහිදී සංක්රාන්තික ප්රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500.00 බැගින් 2023 දෙසැම්බර් 31 වනදා දක්වාද, අවදානමට ලක්වූ ප්රතිලාභීන්…
දූෂණ චෝදනා ලබා සිටින නිලධාරියෙක් දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී (වාණිජ) තනතුර පිරිනැමීමට විරෝධය දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරු අද (9) මධ්යම රාත්රීයේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්රධාන ලේකම් කසුන් චාමර මහතා පැවසීය. ඒ අනුව අද රාත්රී 12.00 සිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරු සියලුම සේවා වාරවලින් ඉවත් වීමට තීරණය කළ බව ද කීය. අදාල නිලධාරියා දුම්රිය නියෝජ්ය සාමාන්යාධිකාරී (වාණිජ) තනතුර පත් නොකරන ලෙස දිගින් දිගටම දුම්රිය බලධාරීන්ට දැනුම් දුන්න ද ඒ පිළිබඳව අවදානය යොමු නොකරන බව කී කසුන් චාමර මහතා එම සංගමයේ විධායක සභාව හදිසි වැඩවර්ජනයකට යෑමට තීරණ කළ බව ද සඳහන් කළේය.
පාදුක්ක වටරැක ගම්මාන පාර ප්රදේශයේ නිවසක කුලී පදනම මත පෙදරේරැවෙකු සමග ජීවත්වූ කාන්තාවක් ඝාතනය කර පළායමින් සිටි එකම පවුලේ සහෝදරයා සහ සහෝදරිය ප්රදේශවාසීන්ගේ සහාය ඇතිව අද (09) දහවල් අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලීසිය පවසයි. ඔවුන් එම කාන්තාවගේ ගෙල කපා ඇති බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකාරිය අදාළ පෙදරේරුවාගේ දික්කාසද බිරිඳ බවත් අනෙක් සැකකරැ එම කාන්තාවගේ බාල සහෝදරයා බවත් පොලිසිය කීය. පෙදරේරුවා අද (09) උදෑසන නිවසින් පිටව ගිය පසු ඝාතනය සිදුකළ සැකකාරිය සහ සැකකරු එම නිවසට පැමිණ ඝාතනයට ලක්වූ කාන්තාවට කතාකර නිවසින් පිටතට ගෙන්වා ගෙන තියුණු ආයුධයකින් පහරදී ඇති බව අනාවරණය වූ බව පොලිසිය කීය. මෙලෙස ඝාතනය කර ඇත්තේ වලස්මුල්ල, කටුවන…
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආශ්රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වාත් ක්රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව එම දෙපාර්තමේන්තුව විසින් ගිනිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්රදේශයේ යාත්රා කරන බහු දින ධීවර යාත්රා සඳහා රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ සැලකිලිමත් වන ලෙසය. මෙම පද්ධතිය නිසා උතුරු අක්ෂාංශ 02ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100ත් අතර මුහුදු ප්රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් පමණ වන අතර විටින්විට එය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකිය. ඒ අනුව ඉහත මුහුදු ප්රදේශ ඉතා රළුවන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත…
මෙරට නිෂ්පාදිත තිරිඟු පිටි මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති බව කැබිනට් මාධ්ය ප්රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද (09) පැවති අමාත්ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට එක්වෙමින් ඒ මහතා පවසා සිටියේ, මිල වැඩිව ඇත්තේ ආනයනික තිරිඟු පිටිවල පමණක් බවය. මෙරට තිරිඟු පිටි නිෂ්පාදකයින්ගෙන් මිල ගණන් සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් මේ බව සඳහන් කළ බව අමාත්යවරයා පැවසුවේය. ප්රශ්නය – පිටිවල රේගු බදු 3%කින් වැඩිවුණා. නමුත් වෙළෙඳපොළේ පිටි මිල රු 10කින් වැඩිවෙනවා. මොකද්ද මේ සූත්රය ? “මේ පිළිබඳ ඉතාම වැරදි සහගත ප්රවෘත්තියක් යන බව තමා පිටි නිෂ්පාදනය කරන සමාගම් සඳහන් කළේ. මම අදාළ සමාගම් දෙකෙන්ම ප්රධාන නිලධාරීන්ට දුරකථනයෙන් කතා කළා. මට වගකීමෙන්…
මැයි 09 මිනිමරු අරගල සහසිකයන්ගේ දිනයයි මුලු රටම ගිණිබත් කල ලේ විලක් කල මිලේච්ඡයන් පසු පස අරගල සාපය ලුහුබදිමින් ඇත. අට දෙනෙකු අමානුෂිකව මරා 274 දෙනකෙුට මාරාන්තික ප්රහාර එල්ල කර රෝහල් ගත කර, නිවාස සහා වාහාන 186 ක් ගිණිබත් කල ලේපිපාසිත අරගලකරුවන්ගේ මිලේච්ඡ ත්රස්තවාදී ප්රහාරයට අදට වසරක් සපිරෙයි. මැයි 09 වන දින මංකොල්ලකෑම්, දේපල හානි, පහරදීම් ඇතුලු සිද්දීන් 856 සිදුවී ඇති අතර,මේ වන විට පුද්ගලයින් 2637 ක් අත්අඩංගුවට ගෙන ඇත. ගාලුමුවදොර අරගලයේදී පුලක් කෑපු කට්ටඩියාට හෙණයක් ගැසුවා. ගාලුමුවදොර අරගලයේ මුලින්ම පාරට බැස්ස ක්රියාකාරිකයා සිය දිවි නසාගත්තා. පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාල ඝාතනය කර බන්ධනාගර ගතව සිටි දෙදෙනෙකුට පිළිකාවක් සෑදී මිය ගියා.…
සෙල්වම් සන්නිදි මුරුගන් කෝවිලේ සිට කතරගම දේවාලය දක්වා සිදුකරන වාර්ෂික පාද යාත්රාව පසුගිය (06) වන දින ගමන් ආරම්භ කරන ලදී. පාද යාත්රාවේ බැතිමතුන් අද (09) දින උදෑසන වන විට කිලිනොච්චිය දිස්ත්රික්කය හරහා ගමන් කරමින් සිටී. මේ දක්වා ගමන් කල ගමන් මාර්ගයේදී බැතිමතුන්ගේ විඩාව සමනය කිරීම සඳහා බොහෝමයක් යුද්ධ හමුදා කඳවුරු අසලදී විවිධ සංග්රහ සහ වෛද්ය ආධාර වැඩසටහන් සිදුකරනු දක්නට ලැබිණ. අද (09) දින අලිමංකඩ යුද්ධ හමුදා මර්ග බාධකය හරහා බැතිමතුන් ගමන් කරමින් සිටියදී, ඔවුන්ගේ විඩාව දුරු කිරීමට තේ පැන් සංග්රහයක් සහ වෛද්ය ආධාර ලබා දීමේ වැඩ සටහනක් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සංවිධානය කර තිබුණි. යාපනය ප්රදේශයේ දමිළ දේශපාලන නායකයින් බෞද්ධ…
ශ්රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත් මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට නොගෙන කල්දැමීමට තීරණය කර ඇති බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී ප්රකාශයක් සිදුකරමින් අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේය. මේ අතර, දැනට ඉදිරිපත්ව ඇති “ශ්රී ලංකා මහ බැංකුව කෙටුම්පත” වෙනුවට, ශ්රේෂ්ඨාධිකරණයට ලබාදුන් ප්රතිඥාවන්ට අනුකූලව, නව කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා, විපක්ෂයේ මන්ත්රිවරු පිරිසක් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා වෙත පාර්ලිමේන්තුවේ අග්රාමාත්ය කාර්යාලයේදී ලිපියක් භාර දී තිබේ. අතුරලියේ රතන හිමි, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිඳු කුමාරතුංග, ජයන්ත සමරවීර, මොහොමඩ් මුසම්මිල්, වීරසුමන වීරසිංහ, අසංක නවරත්න යන මන්ත්රීවරු එම ලිපියට අත්සන් තබා ඇත.
පසුගිය වසරේ මැයි 09 සිද්ධීන් අනුස්මරණය කිරීමට සිටින විරෝධතාකරුවන් පිරිසකට ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් කොටුව මහෙස්ත්රාත් තිලිණ ගමගේ මහතා වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අනුව ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, මුදල් අමාත්යාංශයට සහ අරලියගහ මන්දිරයට ඇතුළුවීම විරෝධතාකරුවන්ට තහනම් වේ. කොල්ලුපිටිය පොලීසිය විසින් කළ ඉල්ලීමක් සලකා බලා මහෙස්ත්රාත්වරයා එම නියෝගය නිකුත් කළ බව .