Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටම කලඹමින් ඩෙංගු මාරයා බිහිසුණු ලෙස හිස ඔසවයි
    Featured

    රටම කලඹමින් ඩෙංගු මාරයා බිහිසුණු ලෙස හිස ඔසවයි

    By LFNMay 11, 2023No Comments3 Mins Read192 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැනට පවතින ඩෙංගු ව්‍යාප්තිය මෙලෙසම පැවතිහොත් ඉදිරි මාස දෙකක කාලය රටට අතිශය අවදානම් වනු ඇති බවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි.

    මේ හේතුවෙන් නොපමාව අවශ්‍ය පියවර ගත යුතු කාලය දැන් එළඹ ඇති බව සෞඛ්‍ය විශේෂඥයන් පවසයි.

    දත්තවලට අනුව 2022 මැයි මාසය අවසන් වන විට මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,206 කි.

    නමුත් සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම වසර ආරම්භයේ සිට මැයි මස 09 වැනිදා, එනම් ඊයේ උදෑසන වන විට පමණක් රට තුළ ඩෙංගු රෝගීන් 31,993 ක් වාර්තා වී ඇති බවය.

    ඉන් වැඩිම අවදානම ඇත්තේ බස්නාහිර පළාතටය.

    එම පළාතෙන් මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 15,746 කි.

    2022 වසරේ එම පළාතෙන් මාසිකව වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සමග මේ වසරේ තත්ත්වය සන්සන්දනය කරන විට, මතුවෙමින් ඇති අවදානම හොඳින් අවබෝධ කරගත හැකිය.

    සෑම වසරකම පරිදි බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වෙද්දී එහි වැඩිම අවදානම දක්නට ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය තුළය.

    ඊයේ වන විට එම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7,166 කි.

    මේ අතර වයඹ පළාතෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් ගණන 3458 කි.

    මධ්‍යම පළාතෙන් මේ වන විට ඩෙංගු රෝගීන් 2401 දෙනෙක් වාර්තා වී තිබේ.

    දකුණ මෙන්ම උතුර පළාතේ ත් සැලකිය යුතු ඩෙංගු ව්‍යාප්තියක් දැකගත හැකිය.

    පළාත් කිහිපයකින්ම ඩෙංගු මරණ ද වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඒ අනුව වසරේ මුල සිට මේ දක්වා වාර්තා වූ ඩෙංගු මරණ ගණන 18 කි.

    මෙලෙස සියලු ම පළාත්වල ඩෙංගු ව්‍යාප්තියේ සහ මරණ වාර්තා වීමේ සැලකිය යුතු තත්ත්වයක් ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

    මැයි මාසයේ ගතවූ දින 09 තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගින් ගණන 674 කි.

    එහි මීගමුව, වත්තල, අත්තනගල්ල , බියගම, ජා ඇළ සහ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කර තිබේ.

    මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් පමණක් මෙතෙක් වාර්තා වී ඇති රෝගින් සංඛ්‍යාව 927කි.

    ගත වූ අවසන් දින 09 තුළ රෝගීන් 100කට වැඩි පිරිසක් වාර්තාවීම ද මීගමුව ඩෙංගු අධි අවධානම් කලාපයක් ලෙස නම් කිරීමට හේතුවුණි.

    ඩෙංගු අධි අවධානම් කලාපයක් ලෙස නම් කර ඇති මීගමුව ඉන් මුදා ගැනීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, මීගමුව නගර සභාව සහ මීගමුව පොලීසිය එක්ව නගර පිරිසිදු කිරිමේ වැඩසටහන් ආරම්භ කර තිබේ.

    එමෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද මීගමුව පෙරියමුල්ල ප්‍රදේශය ආශ්‍රිත නිවාස සහ ගෙවතුවල ඩෙංගු මදුරුවන් බෝ විය හැකි ස්ථාන පරික්ෂාවට ලක්කළේය.

    මේ අතර ඩෙංගු ව්‍යාප්තිය පාලනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට උපදෙස් දී තිබේ .

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයාගේ එම උපදෙස් සියලු පළාත් ලේකම්වරුන් වෙත ලිඛිතව අද දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ඩෙංගු මර්දන වැඩසටහන සඳහා උපරිම සහාය ලබාදෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට දැනුම්දී තිබේ.

    කෙසේ වෙතත් සෞඛ්‍ය වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ සිදුවෙමින් ඇති ඩෙංගු ව්‍යාප්තිය පාලනයට නම් සෞඛ්‍ය බලධාරීන් යාවත්කාලීන ක්‍රමවේද ඔස්සේ ක්‍රමවත් යාන්ත්‍රණයක් දියත් කළ යුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202604 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.