Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»RMVයෙන් ත්‍රීවිල්වලට අලුත් වෙනසක්
    Featured

    RMVයෙන් ත්‍රීවිල්වලට අලුත් වෙනසක්

    By LFNMay 11, 2023No Comments2 Mins Read194 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට පවතින ත්‍රීරෝද රථ විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය අද (11) සිට ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

    එම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර වශයෙන් ත්‍රිරෝද රථ 300ක් විද්‍යුත් ත්‍රිරෝද රථ බවට පරිවර්තනය කිරීම සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේය.

    “මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පෙට්‍රල් ත්‍රීවිල් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කිරීමට අදාළ නියමු ව්‍යාපෘතියක් පටන් ගන්නවා අද සිට. ඒ අනුව තෝරාගන්නා ලද පෙට්‍රල් ත්‍රීවිල් 300ක් විදුලි ත්‍රීවිල් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය කටයුතු කරනවා. මේ සඳහා අපිට සම්පූර්ණ මුල්‍ය ආධාර ලබාදෙනවා UNDP ආයතනය විසින්. එතකොට ත්‍රීවිල්හිමියන්ට වියදමක් වෙන්නේ නෑ සතයක්වත් මේ ත්‍රීවිල් 300ට අදාළව. ඒ අනුව අද සිට මේ නියමු ව්‍යාපෘතිය පටන්ගන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා ලක්ෂ 5ක් දක්වා ත්‍රීවිල් මේ විදියට වෙනස් කරන්න. UNDP බලාපොරොත්තු වෙනවා ලෝක බැංකුවෙන් ආධාරයක් අරන් ඇවිල්ලා බැංකු හරහා ලෝන් එකක් විදියට ත්‍රීවිල් හිමියන්ට ලබාදීලා මේ ක්‍රියාවලිය සිදුකරන්න.”

    මෙම ව්‍යාපෘතිය යටතේ ත්‍රිරෝද රථහිමියන්ට හිමිවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෙලෙස පැහැදිලි කළේය.

    “දැනට ත්‍රීවිල් ගහණය ඇතුළේ තියෙන වැඩියෙන්ම පරිසරයට හානිකර දුම් පිටකරන ටූස්ට්‍රෝක් ත්‍රීවිල් තමා අපි දැනට තහනම් කරලා තියෙන්නේ. ෆෝස්ට්‍රෝක් විතරයි ලංකාවේ ලියාපදිංචි කරන්න පුළුවන්. නමුත් ටූස්ට්‍රෝක් ත්‍රීවිල් ගොඩක් ලංකාවේ තාම තියෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වුණේ මේවා මුල් අදියර යටතේ වෙනස් කරන්න. මේක පරිසරයට කිසිදු හානියක් නොවන ක්‍රමවේදයක් තමා ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් කියන එක. ඒ වගේම ත්‍රීවිල් එකටත් ලොකු ලාභයක් වෙනවා. අඩු පිරිවැයක් තමා දරන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202604 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.