Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 2026

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Hot News»දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්
    Hot News

    දුම්රිය මගීන්ට විශේෂ නිවේදනයක්

    By LFNMay 10, 2023No Comments2 Mins Read207 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පැය 24ක සංකේත වැඩවර්ජනය හේතුවෙන් නියමිත කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර තිබෙනවා.

    එම හේතුවෙන් අද (10) දින ධාවනය වීමට තිබූ කාර්යාල දුම්රිය ගමන්වාර 5ක් මෙලෙස අවලංගු කර තිබෙනවා.

    දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ, අද (10) මාධ්‍යම රාත්‍රිය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

    ස්ථානාධිපති වර්ජනය හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේනතුව පවසනවා.

    ඒ අනුව නානුඔය සිට මහනුවර සහ කොළඹ කොටුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ටිකිරි මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවන බව නිවේදනය කර තිබෙනවා.

    ගනේවත්ත සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා පෙ.ව 3.55ට ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය මෙන්ම අනෙකුත් දුම්රිය ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව දුම්රිය ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

    එමෙන්ම පෙ.ව 3.40ට අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා පැමිණ හලාවත දක්වා ධාවනය වන දුම්රිය අද දිනයේ මීගමුව දක්වා පමණක් ධාවනය වන අතර පෙ.ව 4ට කොළඹ කොටුව සිට නූර්නගර් දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය හලාවත දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය වනවා.

    එමෙන්ම නූර්නගර් සිට කොටුව දක්වා ධාවනය වීමට තිබූ මන්දගාමී දුම්රිය අද දිනයේ හලාවත දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹයි.

    පෙ.ව 7ට කොටුව සිට මීගමුව දක්වා ධාවනය වීමට නියමිත සීඝ්‍රගාමී දුම්රිය ද අද ධාවනය නොවන අතර ඒ හේතුවෙන් පෙ.ව 9ට මීගමුවේ සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය ද අවලංගු කර තිබෙනවා.

    පෙ.ව 4.30ට පුත්තලම සිට ගල්කිස්ස දක්වා ධාවනය වීමට නියමිතව තිබූ සීඝ්‍රගාමී දුම්රිය අද ධාවනය නොවේ.

    මේ අතර ප.ව 6.15ට හලාවත සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද කොටුව දක්වා ඇති සියලුම දුම්රිය ස්ථානවල නවත්වා ධාවනය කිරීමට නියමිතයි.

    මේ අතර මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පෙ.ව 4.20ට හලාවත සිට පැමිණ මරදාන දුම්රිය ස්ථානයෙන් පෙ.ව 6.57ට මොරටුව දක්වා ධාවනය වීමට නියමිත දුම්රිය අද පානදුර දුම්රිය ස්ථානය දක්වා ධාවනය වනවා.

    එම දුම්රිය සුපුරුදු නැවතුම් ස්ථානවලට අමතරව දෙහිවල දුම්රිය ස්ථානයේ නවත්වා ධාවනය වන අතර එය මරදානෙන් පෙ.ව 7.05ට පිටත් වන බව සඳහන්.

    මේ අතර පෙ.ව 5.50ට අලුත්ගම සිට ගාල්ල දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය විනාඩි 34ක ප්‍රමාදයක් සහිතව ධාවනය වනවා.

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ පෙ.ව 6.30ට වග සිට කොටුව දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 31ක් ප්‍රමාද වී ධාවනය වන අතර පෙ.ව 6.30ට අවිස්සාවේල්ල සිට කොටුව දක්වා ධාවනය වන මන්දගාමී දුම්රිය ද අද දින ධාවනය නොවන බවයි වාර්තා වන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    July 21, 2026

    රියැදුරන් ඉලක්ක කරන මූල්‍ය වංචාවක්

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,451 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,410 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,612 Views
    Don't Miss

    බෙල්ලන්විල වෙඩි තැබීමට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

    July 26, 202607 Views

    බෙල්ලන්විල ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන…

    වත්තල වෙඩි තැබීමට සම්බන්ධ බවට සැක දෙදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

    July 25, 2026

    වත්තල, පල්ලියවත්තේ වෙඩිතැබීමේ තවත් තොරතුරු එළියට

    July 24, 2026

    ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු

    July 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.