Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු
    Featured

    කළුතර සිසුවියගේ මරණයේ ප්‍රධාන සැකකරු

    By LFNMay 8, 2023No Comments2 Mins Read386 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කළුතර ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගැනීමේ සිද්ධියට අදාළව පළාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.

    අද පැවති මාධ්‍ය හමුවකදී එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අදාළ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවය.

    එසේම අදාළ සැකකරු කළුතර ප්‍රදේශයේ පදිචි විවාහක අයෙකු බවත් අනාවරණය වී ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

    මේ අතර ඉදිරි අවශ්‍යතාවය අනුව සැකකරුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගැනීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් කටයුතු සිදුකරනු ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    එසේම අදාළ අභිරහස් මරණය සම්බන්ධයෙන් සැකපිට එම ස්ථානයට පැමිණි 19 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවියක් සහ 22 හැවිරිදි පුද්ගලයෙකු මෙන්ම ඔවුන් එහි පැමිණි මෝටර් රථයේ හිමිකරු ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් එහි පැමිණි මෝටර් රථයද මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.

    හෝටලයේ කාමර වෙන්කරවා ගැනීම සඳහා අදාළ 16 හැවිරිදි දැරිය භාවිත කර තිබූ ජාතික හැඳුනුම්පත ඇයගේ හිතවතියකගෙන් ඉල්ලාගෙන තිබූ බවට ද මේ වනවිට තොරතුරු අනාවරණය තිබේ.

    මේ අතර ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කළද නිසිලෙස පරීක්ෂා කළේ නම් අදාළ දැරිය සහ හැඳුනුම්පත නොගැළපෙන බවට හෝටලයේ සේවකයින්ට පැහැදිළි වීමට ඉඩ තිබූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී පැවසීය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව අදාළ හෝටලය සම්බන්ධයෙන්ද වෙනත් විමර්ශන කටයුතු සිදුකෙරෙන බවය.

    එසේම අභිරහස් ලෙස මියගොස් සිටි කළුතර පාසල් සිසුවියගේ මෘත ශරීරය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විවෘත තීන්දුවක් ලබා දුන් බවද පොලීසිය වැඩිදුරටත් පවසයි.

    එසේම මෙම සිදුවීම ඝාතනයක් ද සියදිවි හානිකරගැනීමක් ද යන්න මේ වනතෙක් අනාවරණය වී නොමැති බවත් එය ඝාතනයක් යැයි අනුමාන කරමින් පොලිස් විමර්ශන කටයුතු සිදුකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.