Author: LFN

කුරුණෑගල ප්‍රදේශයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහරදීමට විරෝධය පලකරමින් සංඛේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සභාපති කෝසල රංගනාත් මහතා සඳහන් කළේ තම සාමාජිකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන තෙක් ක්ෂේත්‍ර රාජකාරී වලින් ඉවත් වන බවය. එමෙන්ම ඒ මහතා පැවසුවේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු නොකළහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළෙඹෙන බවය. නාරම්මල ප්‍රදේශයේ සත්ත්ව ගොවිපලක බිත්තර තොග සඟවාගෙන ඇති බවට ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසකට පහර දීමක් සිදුව තිබුණි. අනතුරුව එම පහරදීමට සම්බන්ධ පුද්ගලයින් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…

Read More

කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබේ. එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොවිඩ් 19 ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි බවය. කොවිඩ් 19 ආසාධිතයින් රෝහල් ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවද එම සංවිධානය පෙන්වා දී ඇත. එමෙන්ම ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. ගත වූ වසර 03 තුළ කොවිඩ් ආසාධිතයින් සීඝ්‍ර ලෙස ඉහළයාම…

Read More

ජනාධිපතිවරයෙකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්විම අගමැති ඉවත්වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර සිටියි. එහෙත් වත්මන් ජනාධිපති පත්වූ පසු එම සම්ප්‍රදාය ඉටු කරමින් ආණ්ඩුකාරවරු ඉල්ලා අස්නොවීම නිසා ඔවුන් ඉල්ලා අස්වනතෙක් ජනාධිපතිවරයා කාලයක් බලා සිටි බවද එම ප්‍රකාශකයා සඳහන් කළේ. එම නිසා පළාත් කිහිපයක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වීමට ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී ඇත. ඒ අතරට නැගෙනහිර, උතුර, සබරගමුව හා ඌව පළාත් ද ඇතුළත් බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. එම ආණ්ඩුකාරවරු ඉවත් වූ පසු නව ආණ්ඩුකාරවරු පත් කිරිම ජනාධිපතිවරයා මෙරටට පැමිණිමෙන් පසු සිදු කිරිමට නියමිතයි.

Read More

පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝව, රජය මගින් මෙහෙයවන සෙසු ව්‍යාපෘති තුළ සේවය කරන චීන ජාතිකයින්ගේ ආරක්ෂාව වැඩි කිරීමට එලෙස පියවර ගෙන ඇති බවය. ඒ සම්බන්ධයෙන් කරච්චි පොලිස් ප්‍රධානීන් සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා වෙයි. චීන ජාතිකයින් සේවය කරන ස්ථානවල CCTV කැමරා පද්ධති සවිකිරීමට අමතරව ඔවුන්ව නිරීක්ෂණය කිරීමට වෙනම පොලිස් නිලධාරීන් යෙදවීමට ද පියවර ගන්නා ලෙසට ද මෙහිදී උපදෙස් ලබාදී ඇතැයි සඳහන් ය. එමෙන්ම තමන්ගේ පළාතේ චීන ජාතිකයින් සේවය කරන ස්ථාන වෙත නොදන්වා ගොස් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්…

Read More

මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ගංඟාවල ජල තත්ත්වය සහ ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ මේ වනවිට දිවයිනේ කිසිදු ප්‍රධාන ගංඟාවක් ගංවතුර තත්ත්වයකට ළඟාවී නොමැති බවය. කෙසේවෙතත් නිරිතදිග සහ බස්නාහිර හරහා ගලාබසින ගංඟාවල ජල මට්ටම් සාමාන්‍ය තත්ත්වයට වඩා ඉහළ මට්ටමකට පැමිණ තිබේ. අත්තනගලු, කළු, කැලණි, ගිං, නිල්වලා සහ බෙන්තර යන ගංඟාවල ජල මට්ටම් පහළ ප්‍රදේශවලදී තරමක් ඉහළ මට්ටමක පවතී. කෙසේවෙතත් ඉදිරි පැය 24ක කාලය තුළ කිසිදු ගංඟාවක ගංවතුර තත්ත්වයකට ළඟාවීමේ හැකියාව ඉතා අවම බවද වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.…

Read More

කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් බිඳ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරාගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. බොරැල්ලේ පිහිටි නිවසක් තුළ මෙම සොරකම සිදුවී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ‘කබර සුරේශ්’ නමින් හඳුන්වන පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකි. සැකකරුවන් සතුව තිබී හොරොයින් මත්කුඩු ග්‍රෑම් 06කට ආසන්න ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් අතර පිටකොටුවේ ‘බබා’ නමැති කාන්තාව ද වන බව පොලීසිය කියයි. සැකකරුවන් දෙදෙනාගෙන් සහ සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරාගෙන තිබූ දේපළවලින් රන් මාල දෙකක්, මුදු දෙකක්, පෙන්ඩන් දෙකක් හා උණු කරන ලද කැරට් 22යි ග්‍රෑම් 22ක රන් ගුලියක්, කැරට් 18යි ග්‍රෑම් 15ක රන්…

Read More

“ඩෙංගු” වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් ඇති බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අනතුරු අඟවයි. සෞඛ්‍ය අංශ පෙන්වාදෙන්නේ ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන්ගේ ඝීඝ්‍ර වර්ධනයක් පවතින බවය. 2022 මැයි මාසය අවසන් වන විට වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 24,206 කි. නමුත් මෙම වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 31,098 ක් වාර්තාවීම අවදානම් තත්ත්වයක් බව සෞඛ්‍ය අංශ පවසයි. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන අතර එම සංඛ්‍යාව 6,953කි. දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 6,500 ක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ වසරේදී ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ කැපී පෙනන වර්ධනයක් පෙන්නුම්කරන අතර…

Read More

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මගී ජනතාව නොමිලේ ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. එසේම, හැටන් ප්‍රදේශයේ බස් රථ හිමිකරුවෙකු ද අද (05) මගීන් නොමිලේ ප්‍රවාහනය කිරීමට කටයුතු කළා.

Read More