Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ලොවම බලාසිටි රාජාභිෂේකයේ තවත් තොරතුරු එළියට
    International

    ලොවම බලාසිටි රාජාභිෂේකයේ තවත් තොරතුරු එළියට

    By LFNMay 7, 2023No Comments3 Mins Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය ඊයේ (06) එංගලන්තයේ ලන්ඩන් නුවරදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විය.

    මෙහිදී බ්‍රිතාන්‍යයේ නව රැජින ලෙස අභිෂේක ලැබුවේ, ඩයනා කුමරියගේ දික්කසාදයෙන් පසු චාල්ස් කුමරු විවාහ කරගත් කැමිලා බෝල්ස් පාකර් ය.

    දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග රාජ්‍යත්වයට පත්වූ තෙවන චාල්ස් රජු සහ රජ මෙහෙසිය කැමිලාගේ රාජාභිෂේක මංගල්‍යය අද පැවැත්විය.

    ඒ ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේදීය.

    වසර 70 කට පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පළමු රාජාභිෂේකය වන මෙය වසර 1,000ක පැරැණි චාරිත්‍ර විධි අනුගමනය කිරීම විශේෂත්වයකි.

    III චාල්ස් රජුගේ රාජාභිෂේක සැමරුම් විධිමත්ව ආරම්භ වුණේ බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත ගමන් කරනා පෙරහැරකිනි.

    ඒ අනුව එය ගමන් කරනා මඟ දෙපස පිහිටුවා ඇති නැරඹුම් ස්ථාන අද උදෑසන 10.30 ට විවෘත කෙරුණි.

    මෙම අවස්ථාව දැකගැනීමට වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් සම්බන්ධයෙන් පැවැති පුරෝකතනය පවා නොතකමින් දහස් සංඛ්‍යාත පිරිසක් ලන්ඩන් හි ‘ද මෝල් ‘ මාර්ගය දෙපස රැස්වී සිටියේය.

    තෙවැනි චාල්ස් රජු සහ මෙහෙසිය එක්වූ රාජකීය පෙරහැර බකිංහැම් මන්දිරයෙන් ගමන් ආරම්භ කළේ ඉන් අනතුරුවය.

    රාජකීයයන් ට්‍රැෆල්ගා චතුරස්‍රය, පාර්ලිමේන්තු චතුරස්‍රය පසුකරමින් වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත පැමිණියේ දෙවැනි එලිසබෙත් රැජිනට අයත්ව තිබූ දියමන්ති ජුබිලි රාජකීය අශ්ව රථය යොදාගනිමිනි.

    2012 වසරේ දී රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේදී නිර්මාණය කළ මේ රථය බරින් ටොන් 3කි.

    රාජකීයයන්ගේ සම්ප්‍රාප්තියත් සමග පස්වරු 3.30 ට පමණ මංගල්‍යය ආරම්භ වූ අතර, වෙස්ට්මින්ස්ටර් ඇබේ හි පැවැති මෙම අවස්ථාවට රටවල් 203කින් ආරාධිතයන් 2,200ක පිරිසක් එක්ව සිටියේය.

    උත්සව සභාවට බ්‍රිතාන්‍ය හිටපු අගමැතිවරුන්, බ්‍රිතාන්‍ය යටත් විජිතවල නායකයින්, පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින් ද අයත් වේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

    එමෙන්ම කොවිඩ් වසංගත සමයේ කළ සේවය වෙනුවෙන් රැජිනගේ සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලාංකික වෛද්‍ය හරීන් ද සිල්වා ද රාජාභිෂේකයට ඇරියුම් ලබා තිබුණි.

    බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයින් සියලුදෙනාම පාහේ මෙම ඓතිහාසික උත්සවය සඳහා එක්වූ අතර ඊට රාජකීයත්වය අත්හැර ගොස් අමෙරිකාවේ රැඳී සිටින හැරී කුමරුන් ද අයත් වේ.

    කෙසේ නමුත් ඔහුගේ බිරිඳ වන මේගන් මර්කල් හෝ දරුවන් ඊට සහභාගි වූයේ නැත.

    මෙම රාජාභිෂේක උත්සවයට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ට සහ බෙලරුස්, ඉරාන, මියන්මාර, සිරියානු, ඇෆ්ගනිස්තාන සහ වෙනිසියුලානු රාජ්‍ය නායකයින් ඇරියුම් ලබා තිබුණේ නැත.

    පැය කිහිපයක් පැවැති අභිෂේක මංගල්‍යය ක්‍රියාත්මක වූයේ අදියර කිහිපයක් යටතේ ය.

    ඇන්ග්ලෝ-සැක්සන් සමය දක්වා දිවෙන සම්ප්‍රදායකට අනුව, පළමුව චාල්ස් රජු “මහජනයා” වෙත ඉදිරිපත් කළ අතර ඉන් පසුව, කැන්ටබරියේ ආදිපාදවරයා විසින් චාල්ස් “නිසැක රජු” ලෙස හඳුන්වා දුනී.

    පසුව රජු බයිබලය මත අත තබා දිවුරමින් රාජාභිෂේක ප්‍රතිඥාව ලබාදුන්නේ සාම්ප්‍රදායික මෙන්ම නීතිමය අවශ්‍යතාවක් ද සපුරමිනි.

    රාජාභිෂේක මංගල්‍යය සඳහා ඔටුන්න, ගෝලය, සෙංකෝලය වැනි රාජකීයත්වය සංකේතවත් කෙරෙන අභිෂේක භාණ්ඩ යොදා ගත් අතර එවන් රාජාභිෂේක භාණ්ඩ තවමත් භාවිත කරන එකම යුරෝපීය රට වන්නේ බ්‍රිතාන්‍යයයි.

    රාජාභිෂේකයේ සිවුවැනි අදියර වූයේ නිලප්‍රතිෂ්ඨානය එනම් රජු ඔටුනු පළඳවන මොහොතය.

    එහිදී රජු ඔහුගේ ජීවිතයේ එකම වරකට සාන්ත එඩ්වඩ්ගේ ඔටුන්න පැළඳුවේ, කිලෝ 2කට වැඩි බරකින් යුතු මේ ඔටුන්න පළඳින හත් වැනි රජු බවට පත්වෙමිනි.

    අවසන් වරට මෙම ඔටුන්න භාවිත කර ඇත්තේ මීට වසර 70කට පෙර එනම් දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජාභිෂේක උත්සවය අතරතුරදීය.

    ඔටුන්න රජුගේ හිස පැළඳවීමත් සමග ට්‍රම්පට් නාද කෙරෙන අතර එක්සත් රාජධානිය පුරා තුවක්කු ආචාර වෙඩිමුර පැවැත්වීම සිදු කෙරේ.

    චාල්ස් කුමරු සහ විවාහ වූ කැමිලා මෙහෙසිය රැජින ලෙස දිවුරුම් දුන්නේ ඉන් අනතුරුවය.

    වෙස්ට්මින්ස්ට් ඇබේ හි රාජාභිෂේක චාරිත්‍ර අවසන් වූ පසු තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජින ආපසු බකිංහැම් මන්දිරය වෙත පැමිණියේ වසර 261 ක් පැරැණි රන්වන් අශ්ව රථයකිනි.

    1831 වසරේදී හතරවැනි විලියම් රජු විසින් එම කරත්තය සිය රාජාභිෂේකයට යොදාගත් අතර එය සැලකෙන්නේ එරට පැරැණිම රාජකීය අශ්ව කරත්තය ද ලෙසය.

    බරින් ටොන් 4ක් වන එම කරත්තය එය ඇදගෙන යාමට අශ්වයින් 8 දෙනෙකු යොදවා තිබුණි.c

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.