Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවේදී ජනපතිගෙන් ඉල්ලීමක්
    Featured

    පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවේදී ජනපතිගෙන් ඉල්ලීමක්

    By LFNMay 6, 2023No Comments2 Mins Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායක හමුවකට සහභාගීවී තිබේ.

    එංගලන්තයේ පිහිටි පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පස්වරුවේ මෙම හමුව සිදුවී ඇත.

    පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් 56ක නායකයින් ඊට එක්වී තිබේ.

    එය පැවැත්වුණේ තුන්වන චාර්ල්ස් රජුගේ ප්‍රධානත්වයෙනි.

    ඊට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ද එක්වී තිබේ.

    මෙම වසර පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණයින්ගේ වසර ලෙස නම් කිරීමට ද මෙම සමුළුවේදී තීරණය කර තිබේ.

    එම රාජ්‍ය නායක හමුවේදී අදහස් දක්වමින් චාර්ල්ස් රජු ප්‍රකාශ කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලය තම ජීවිතයේ ප්‍රමුඛස්ථානයක පවතින අතර එම රටවල සාරධර්ම සහ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවය.

    මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී වූ බවය.

    එහිදී තරුණ සහභාගීත්වය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහාය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයේ වැදගත්කම අවධාරණය කර ඇති ජනාධිපතිවරයා, ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කරන ලෙස ඉල්ලා තිබේ.

    ඔහු ඝානා ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වූ අතර සමුළුවට සමගාමීව පැවැත්වූ ‘Fireside Chat’ වැඩසටහනට මහාචාර්ය වික්‍රමසිංහ මහත්මිය සහභාගීවී තිබේ.

    මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ රුවන්ඩා ජනාධිපති ලන්ඩන් නුවරදී හමුවී දෙරට අතර කෘෂිකර්මාන්ත, සෞඛ්‍ය ඇතුළු ක්ෂේත්‍ර රැසක ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කරගැනීම පිළිබඳ මෙන්ම එහි ඉදිරි කටයුතු සොයා බැලීමට දෙරටේ අමාත්‍යවරුන්ගේ හමුවක් පිළිබඳව සාකච්ඡා කර ඇත.

    දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ශක්තිමත් කරගැනීම පිළිබඳව ද නායකයන්ගේ අවධානය යොමුවී තිබේ.

    ස්වභාවික විපත්වලදී කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබඳ පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි සහාය ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම හමුවේදී එකඟතාව පළකර ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.