Author: LFN
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවේ සිටියදීත්, තමන්ව ඉලක්ක කර ප්‍රහාර එල්ලකිරීම අසාධාරණ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ (25) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය.
මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ මන්දගාමී දුම්රියක ගැටී පාසල් සිසුවියක් මියගොස් තිබේ. ඊයේ (25) මාතර, නුපේ රේල් ගේට්ටුවත් පඹුරණ දුම්රිය ස්ථානයත් අතර දී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, 15 හැවිරිදි බෙන්තොටගෙවත්ත, හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. මරණකාරිය තවත් මිතුරියන් තිදෙනෙකු සමග සාදයකට ගොස් පා ගමනින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව ඇත. මෘත ශරීරය මාතර රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (26) සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ලෝක බැංකුව කටයුතු කර ඇත.ලෝක බැංකුවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු වාර්තාව මත පදනම්ව මෙම දර්ශකය නිකුත් කරනු ලබයි. උද්ධමනය පහළ යමින් තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාව මෙම දර්ශකයෙන් ඉවත් කිරීමට ලෝක බැංකුව තීරණය කර ඇත. පසුගිය වසරේ සිට ශ්‍රී ලංකාව මෙම දර්ශකයට ඇතුලත්ව සිටින ලදි.එම කාලය තුළ නිකුත් වූ දර්ශක වල විවිධ ස්ථාන හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙවර දර්ශකයේ ප්‍රථම ස්ථානය ලෙබනනයට හිමිව ඇති අතර එහි උද්ධමනය සියයට 261 ක් බව ලෝක බැංකුව පවසයි.දෙවන සහ තුන්වන ස්ථාන පිළිවෙලින් සිම්බාබ්වේ සහ ආර්ජන්ටිනාව හිමිකරගෙන…
යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල කැඳවා ඇති හර්තාල් ව්‍යාපාරය මේ වන විට ක්‍රියාත්මක වේ. දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් මෙම හර්තාල් ව්‍යාපාරය කැඳවනු ලැබීය. ඒ අනුව අද (25) උදෑසන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාපාර ස්ථාන වසා දමා ඇති අතර ප්‍රවාහන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව ද වාර්තා විය. පාසල්වලට සිසුන් පැමිණීම ඉතා අවම මට්ටමක පවතින අතර ඇතැම් පාසල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව ද වාර්තා වේ. නැගෙනහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන විවෘත කර ඇතත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා හෝ වෙනත් සේවා අවශ්‍යතා සඳහා ජනතාව පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව සඳහන් වේ. එහෙත්…
උත්සව සමය වෙනුවෙන් වැඩිකළ ඉන්ධන කෝටාව නැවත දැනුම්දෙන තුරු ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ඊයේ (24) ඛනිජ තෙල් සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී එම තීරණය ගත් බවය. එම ඉන්ධන කෝටාව ඉහළ නැංවීම හේතුවෙන් මාසික ඉන්ධන ඇනවුම් සැලසුමේ වෙනසක් නොවන බව නිරීක්ෂණය වූ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. පසුගිය සති තුනේ දෛනික ඉන්ධන භාවිතය සහ ඉන්ධන නිකුතුව පිළිබඳව දත්ත නිරීක්ෂණය කිරීමේ දී ඉන්ධන කෝටාව වැඩිකිරීමට පෙර පැවති දෛනික ඉන්ධන නිකුතුව හා සමාන බව අමාත්‍යාංශය සඳහන් කරයි. එමෙන්ම ඉන්ධන කෝටාව ඉහළ නැංවීමෙන් පසුව QR කේතය අවභාවිතා කිරීම සැලකිය…
සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 29 වනදා ආරම්භ කිරීමට මේ වනවිට සියලු කටයුතු සුදානම් කර අවසන් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසයි. අද (25) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ප්‍රශ්න පත්‍ර 10ක ආචාර්යවරු ඊයේ (24) දිනයේ එම කටයුතු ආරම්භ කළ බවය. මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය පිළිබඳ කල්වේලා ඇතිව දැනුම්දෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. “ඇත්ත වශයෙන්ම මම එක පැත්තකින් ස්තූතිවන්ත වෙනවා FUTA එකට. ඒ අය මාත් එක්ක නිරන්තර සංවාදයෙන් හිටියේ. පෙරේදා එවපු ලිපියට පිළිතුරු මම ඊයේ යැව්වා. ඒ අය සාධනීය ලෙස ඒක ගැන බලාවි. අද…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ සම්පූර්ණ වාර්තාව කතෝලික රදගුරු සමුළුවයට භාර දී තිබේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය සහිතව අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් එම වාර්තාවේ පිටපතක් කතෝලික රදගුරු සමුළුවේ සභාපති, ගරු හැරල්ඩ් ඇන්තනී පෙරේරා පියතුමන් ට භාර දී ඇත.
ඉදිරි වසර 25 සඳහා වු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සහ අදාළ ප්‍රතිසංස්කරණ යෝජනා සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් සාමාජිකයින් 10දෙනෙකුගෙන් සමන්විතව එම අනුකමිටුව පත්කිරීමට නියමිතය. ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව කැබිනට් මණ්ඩලය විසින් එය අනුමත කර තිබේ. රටේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කර ගැනීමේ ක්‍රියාවලිය අතරතුර කඩිනමින් ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු ප්‍රධාන අංශයක් ලෙස රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය හඳුනාගෙන ඇත. ඒ අනුව අදාළ සියලු පාර්ශවයන්ගේ දායකත්වයෙන් නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.
මැයි මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහල් 4කට වැඩි නව ගොඩනැගිලි ඉදිකිරීම සීමා කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරි පනතේ විධිවිධාන අනුව රෙගුලාසි පැනවීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනා සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙමින් එම තීරණය ගෙන ඇත. නුවරඑළිය ප්‍රදේශයේ සිදුකෙරෙමින් පවතින අවිධිමත් සංවර්ධනය හේතුවෙන් නුවරඑළිය නගරයේ සුන්දරත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පවනිත අතර එමගින් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් සිදුව ඇති බව ජනාධිපතිවරයා පසුගිය දා පැවසීය. එම නිසා එම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට අවශ්‍ය පරිසරයක් නිර්මාණය කෙරෙන පරිදි සවිස්තරාත්මක සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත.