Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දිගින් දිගටම චණ්ඩි පාට් දාන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ
    Featured

    දිගින් දිගටම චණ්ඩි පාට් දාන්න ආණ්ඩුවට ඉඩ දෙන්න බෑ

    By LFNApril 25, 2023No Comments2 Mins Read172 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ආරක්ෂක හේතූන් මත කොළඹ කොටුව ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව ආසන්නයට රැගෙන යාමේ සැලසුමක් සම්බන්ධයෙන් රජයේ අවධානය මේ වන විට යොමු වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මාදිවෙල ජාතික සඳුන් උයන පිහිටි අක්කර 9 ක භූමි භාගය ජනාධිපති කාර්යාලය ඉදිකිරීමටත් මාදිවෙල කුරුලු උයන සංකීර්ණය ඉදිකිරීමට යෝජිත අක්කර 38 ක භූමිය ජනාධිපති මන්දිරය ඉදිකිරීමට අවධානය යොමු වී ඇත.

    තලංගම පොලිස් වසමේ පිහිටි ජාතික සඳුන් උයන පිහිටි ඉඩම පහළවෙළ ග්‍රාම සේවා වසම ට අයත් වන අතර මිරිහාන පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුලු උයන ඉදිකිරීමට යෝජිත භූමිය මිරිහාන උතුර, මාදිවෙල, ප්‍රගතිපුර, හා උඩහමුල්ල ග්‍රාම සේවා වසම් වලට අයත්ය.

    ජාතික සඳුන් උයන ව්‍යාපෘතිය 2021 වසරේ ජූලි මස ආරම්භ කළේ සඳුන් පැළ 1000 ක් රෝපණය කරමිනි. ඒ සඳහා ජනතා මුදල් රුපියල් කෝටි ගණනක් වැය කෙරිණි.

    ඉකුත් අරගල සමයේ ජනාධිපති මන්දිරය සහ ජනාධිපති කාර්යාලය අරගලකරුවන් අත්පත් කරගෙන සිටියදී එහි වැදගත් බොහෝ ආරක්ෂක ස්ථාන වල ඡායාරූප වීඩියෝ දර්ශන ජංගම දුරකථන සහ විවිධ තාක්ෂණ ක්‍රමවේදයන් ඔස්සේ විවිධ පුද්ගලයන් අතට පත්වීම මෙන්ම ජාත්‍යන්තරය වෙතද නිරාවරණය වීය.

    ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ප්‍රධානීන් රජයේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ අවධානය යොමු කර ඇතැයි ද දැනගන්නට ඇත. එය ජාතික ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් බැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට දැඩි ගැටළුවක් බවට පත්ව ඇත.

    එම ප්‍රදේශයේ නව ජනාධිපති කාර්යාලය සහ නව ජනාධිපති මන්දිරය ඉදි කිරීම සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය විසින් භූ විද්‍යා පතල් කැනීම් හා ඉඩම් ගොඩකිරීම් යන රාජ්‍ය ආයතනවලින් වාර්තා මෙන්ම ආරක්ෂක අංශ වල බුද්ධි නිලධාරීන්ගෙන් ද වාර්තා කැඳවා ඇතැයිද වැඩිදුරටත් දැනගන්නට ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.