Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නවය, සැඟවුණු කථාව – විමල්ගේ හෙළිදරව්ව
    Featured

    නවය, සැඟවුණු කථාව – විමල්ගේ හෙළිදරව්ව

    By LFNApril 26, 2023No Comments2 Mins Read272 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන විට රනිල් වික්‍රමසිංහ මහතාවද අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කළ යුතු බවට අමෙරිකාව සහ ඉන්දියාව තරයේ යෝජනා කර තිබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

    ඔහු රචනා කළ, “නවය, සැඟවුණු කථාව” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයේදී මේ බව පැවසීය.

    ගාලුමුවදොර අරගලයේ ඇතුළාන්තය පිළිබඳව පුළුල් අධ්‍යනයකින් පසු, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රචනා කළ “නවය, සැඟවුණු කථාව” නම් කෘතිය එළිදැක්වීම ඊයේ සිදුකෙරුණි.

    ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය.

    උත්සවය අමතමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා,

    “මම මේ පොතේ කියනවා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහු ඉල්ලා අස්වෙන්න තීරණය කරපු අවස්ථාවේදී.. පළා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඔයා ඉල්ලා අස්වෙන්න කළින් අගමැති තනතුරේ ඉල්ල රනිල්වත් අයින් කරලා ඔයා ඉල්ලා අස්වෙන්න කියලා. ගාමිණි සෙනරත් ලියුම් දෙකම හදළා මාලදිවයිනට යැව්වා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අත්සන් කළේ එක ලියුමටයි. ඒ එයා ඉල්ලා අස්වෙන ලියුමට පමණයි. දැන් රනිල් වික්‍රමසිංහ අයින් කරළාත් නැහැ ඉල්ලා අස්වෙලත් නැහැ. ඔය වෙලාවේ එනවා කථානායක නිල නිවසට අමෙරිකානු තානාපතිනිය. මේක සමහර විට කථානාකතුමා ප්‍රකාශයක් කරයි එහෙම දෙයක් වුණේ නැහැ කියලා. එතුමියත් එක්ක කතා කරනකොට එතුමිය කියනවා දැන් ගෝඨාභය අයින් වෙනවා ඔයා මේක භාර ගන්න. එතකොට කථානායකතුමා කියනවා එහෙම කොහොමද කරන්නේ තානාපතිතුමියනි ව්‍යවස්ථාව අනුව ජනාධිපති ඉවත් වුණොත් ඊළඟට වැඩ බලන ජනාධිපති වෙන්නේ අගමැතිවරයා. ඉතින් මම කථානායක එයා ඉන්දෙද්දී මට බැහැ කියලා. ව්‍යවස්ථාව වැඩක් නැහැ අපි බලාගන්නම් ඔයා මේක ගන්න. ඊට කලින් දවසේ කථානයකතුමාට ඔය යෝජනාවම අරගෙන එනවා අපේ රටේ තියෙන යම්කිසි ආගමික සංස්ථාවක නායකතුමෙකුත්, ආගමික නායකයෙක් සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇවිල්ලා කථානායකතුමාත් එක්ක පැය දෙකක් පමණ සාකච්ඡා කරලා කථානායකතුමා ඔය යෝජනාවට එකඟ කරගැනීම සඳහා උත්සාහයක් යනවා. ඒකෙදිත් කථානායකතුමා දැරුවේ අර ස්ථාවරය. ඒකේදී කථානායකතුමා ඒ වැඩේට එකඟකරගන්න ඒ අයට බැරිවුණා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    රුපියලේ කඩාවැටීම ගැන එජාපය රජයෙන් ප්‍රශ්න කරයි

    May 21, 2026

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.