Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (7) එම කොමිසම හමුවට පැමිණි අවස්ථාවේදීය. අත්අඩංගුවටගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා රෝමයේ පැවැත්වෙන රහස් සමුළුව මීට ටික වේලාවකට පෙර ආරම්භ විය. එම සමුළුව සඳහා මහාද්වීප පහක රටවල් 70ක කාදිනල්වරු 133 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව සඳහන්ය. ඒ අනුව ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා වෙසෙන කාදිනල් හිමිවරු එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන කිසිදු පක්ෂයක් සමග සන්ධානගතව සභා පිහිටුවීමට ජාතික ජන බලවේගය කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. අද (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ස්වාධීනව තරගකර ජයග්‍රහණය කළ එක්වෙන්න කැමතිනම් ඒ පිරිස් එක්කරගනිමින් සභා පිහිටුවීමට අපේක්ෂා කරන බවය. “ජාතික ජන බලවේගය විශාල ආයතන සංඛ්‍යාවක බහුතර බලය ලබාගන්න සමත්වෙලා තිබෙනවා. සමහරතැන්වල ගැටලුවක් තියෙනවා. අපි පක්ෂයක් ලෙස වැඩි ඡන්ද දිනා ගත්තට, අනෙකුත් පක්ෂ එකතුවෙලා සමහර තැන්වල ජාතික ජනබලවේගයට වඩා මන්ත්‍රී සංඛ්‍යාව වැඩි තැන් ටිකක් තියෙනවා. එතකොට තනි පක්ෂයක් ලෙස මාලිමාව විශාල ජයක් ලබාගත්තට පස්සේ, එකට ඡන්දේ ඉල්ලන්න බැරුව වෙන වෙනම ඡන්දේ ඉල්ලපු…
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කිරිබත්ගොඩ පිහිටි රජයේ ඉඩමක් ව්‍යාජ ලිපිලේඛන සකසා අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය මඟහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අද (07) පෙරවරුවේ මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබුණි. ඒ ඔහු අධිකරණය මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබු පසුබිමකය. අධිකරණය වෙත භාර වු හිටපු අමාත්‍යවරයා ලබන 19වනදා දක්වා රක්ෂිත බන්ධනාගත කරන ලෙස මහර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව සඳඟහන්ය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ද මේවන විට රක්ෂිත බන්ධනාගාරගතව තිබේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට සිසුන් පිරිසක් විසින් හෙල්මට්වලින් හා අතින් පයින් පහරදී තර්ජනය කිරීමක් සම්බන්ධව සිසුන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ පසුගිය අප්‍රේල් මස 29 වන දා හෝමාගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි. මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.
පැවති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දෙපිරිසක් අතර කරන්දෙණිය යක්කටුව පදේශයේ ඊයේ (6) රෑ ඇතිවූ ගැටුමකින් කරන්දෙණිය පාදේශීය සභාවට තරග කළ සමගි ජන බල වේගයේ අපේක්ෂකයකු හා ජාතික ජන බල වේගයේ ආධාරකරුවකු තුවාල ලබා රෝහල් ගත කළ බව ඇල්පිටිය පොලීසිය කියයි. මේ ගැටුමට මැදිහත්වූවේ යයි කියන පුද්ගලයෙක් ඊයේ (6) රෑම සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බවද පොලීසිය කියයි. මේ ගැටුම ඇති කරගත් දෙපිරිසම කරන්දෙණිය යක්කටුව පදේශයේම පදිංචි අය බවත් ඔවුන් හොද මිතුරන් බවත් පොලීසිය කියයි. පැවති පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්වූ කතා බහක් දුරදිග යාම මේ ගැටුමට හේතුව බව මූලික පරීක්ෂණවලදී අනාවරණයවූ බවද පොලීසිය කියයි. ඇල්පිටිය පොලීසිය මේ පිළිබදව වැඩි…
මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් පළාත් පාලන ආයතනවලට ඒ ඒ පක්ෂ අනුව සභිකයන් තේරී පත්වීමේදී විපක්ෂයට හිමි සියලුම ආසන්න සංඛ්‍යාව එක් කළ විට ආණ්ඩුවට වඩා විපක්ෂයේ සභික සංඛ්‍යාව වැඩි වී තිබේ. ඒ අනුව විපක්ෂයේ පක්ෂ එක්වුවහොත් ඇතැම් පළාත් පාලන ආයතනවල බහුතරය විපක්ෂයට ලබා ගැනීමට අවස්ථාව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් පුද්ගලයෙකු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සාවද්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, එම ප්‍රකාශය මඟින් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටළු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදු වී ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(6) වගන්තිය ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් මාධ්‍ය ඔස්සේ එම ප්‍රකාශය කරන ලද තුසිත හල්ඔළුව 07 වනදා උදෑසන 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කොළඹ කොටස් වෙළෙඳ පොළේ (CSE) සියලු කොටස් මිල දර්ශක ඊයේ (06) ඉහළ අගයක පෙන්නුම් කළා. එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 44.90කින් ඉහළ ගොස් 15,961.59ක් ලෙසයි වාර්තා වී ඇත්තේ එය ප්‍රතිශනාත්මක වශයෙන් 0.28%ක ඉහළ යාමක්. ඒ අනුව අද දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.5ක් ලෙසයි සටහන්ව ඇත්තේ.