Author: LFN

මෙරට ළමුන් 2000ත් 2500ත් අතර පිරිසක් තැලසිමියා රෝගයට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසයි. එම අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය සඳහන් කළේ මෙරටින් වසරකට උපත ලබන ළමුන්ගෙන් 40ත් 50ත් අතර පිරිසක් තැලසීමියා රෝගීන් බවට හඳුනාගෙන ඇති බවය. එමෙන්ම තැලසීමියා රෝග වාහකයින් ලක්ෂ 5ක් පමණ සිටින බව අදට යෙදී ඇති ජාත්‍යන්තර තැලසීමියා දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහත්මිය පැවසීය. “තැලසීමියා සමඟ එක්ව ප්‍රජාවන් එක්සත් කිරීම, රෝගීන්ට ප්‍රමුඛතාව දීම“ යන තේමාව යටතේ මෙවර තැලසීමියා දිනය සමරනු ලබයි.

Read More

විල්පත්තු අභයභූමි කලාපය හරහා මීට පෙර යෝජනා කර තිබූ පරිදි අධිවේගී මාර්ගයක් ඉදිනොකිරීමට බලධාරීන් තීරණය කර ඇතැයි නීතිපතිවරයා ඊයේ (07)ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම අධිවේගී මාර්ගය ඉදිකිරීමට එරෙහිව පාරිසරික පදනම විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය විසින් මෙම දැනුම්දීම සිදුකළාය. එහිදී අදාළ අධිවේගී මාර්ගය ඉදිනොකරන බවට රජයේ පාර්ශය විසින් දැනුම්දීමෙන් අනතුරුව අදාළ පෙත්සම සමතයට පත්කර ගැනීමට දෙපාර්ශ්වයම අධිකරණය හමුවේ එකඟවිය. කෙසේ වෙතත් මේ වන විට විල්පත්තු අභයභූමිය හරහා වැටී තිබෙන මාර්ගය වනසත්ව හා වෘක්ෂලතා…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය, 2025 අප්‍රේල් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් බිලියන 6.32ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම දත්ත වාර්තා පෙන්වාදෙයි. මෙය 2025 මාර්තු මාසයේ දී වාර්තා වූ ඩොලර් බිලියන 6.53 හා සැසඳීමේ දී එය 3%ක පහළ යාමකි.

Read More

මාතර, අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු වෑන් රථයක් දක්ෂිණ අධිවෙගී මාර්ගයේ පාලටුව පිවිසුම ආසන්නයේදි මාර්ගය අයිනේ නවතා තිබු කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අද(08) උදෑසන බිහිසුණු අනතුරක් සිදුව තිබුණි. අනතුරින් වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත. මෙම වෑන් රථයේ ගමන් කළ පිරිස කටුනායක ගුවන්තොටුපොළට ගොස් නැවත පැමිණෙමින් සිටි පිරිසක් බවත් ඔවුන් මාතර මුලටියන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලීසය පවසයි. අනතුරෙන් තුවාල ලැබු තුවාල කරුවන් 1990 ගිලන් රථ උපයෝගි කරගනිමින් ප්‍රදේශවාසින් හා පොලීසිය එක්ව ⁣කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. අනතුර සම්බන්ධයෙන් මාලිම්බඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

Read More

ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී වැඩකටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව ඊයේ (07) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී සිය පක්ෂයට හිමි වූ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දක්විමන් ඒ මහතා මේ බව පැවසීය. සර්වජන බලය අනෙකුත් පක්ෂ සමඟ එකතුවී ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම්ද යනුවෙන් මාධ්‍යවේදියෙකු එහිදි වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා, “සර්වජන බලය එවැනි තීරණයක් ගැනීමට කිසිදු සූදානමක් නෑ. අපි විශ්වාස කරනවා ලංකාවේ දැනට පවතින අනෙකුත් දේශපාලන ව්‍යාපාර සහ සංවිධාන, රටට අවශ්‍ය උන්නතියට අවශ්‍ය දර්ශනයක්…

Read More

මෝටර් රථයකට අනවසරයෙන් ඇතුළු වී වයස අවුරුදු 08ක දැරියක් හා දැරියගේ මව බියට පත් කරන ලද සැකකරුවෙකු කුරුඳුවත්ත පොලීසිය විසින් ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු ඉකුත් 2වනදා කුරුඳුවත්ත, මල්පාර ප්‍රදේශයේදී මෝටර් රථයකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි වයස අවුරුදු 08ක දැරියක් තල්ලු කරමින් තර්ජනය කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ලද පැමිණිල්ල අනුව කුරුඳුවත්ත පොලීසිය විසින් සිදුකළ විමර්ශනයට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අදාළ සැකකරු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් කොළොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු වයස අවුරුදු 36ක් වන කොළොන්නාව, වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි. දැරියගේ මව තම දැරිය පාසල නිමවීමෙන් පසුව නිවසට රැගෙන යාම සඳහා මෝටර්…

Read More

එළඹෙන වෙසක් සහ පොසොන් උත්සවය වෙනුවෙන් පවත්වනු ලබන දන්සැල් සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් පොදු උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. දන්සල් යනු ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්ප්‍රදායකි. විශේෂයෙන් වෙසක්, පොසොන් සහ අනෙකුත් ආගමික හා සංස්කෘතික උත්සව වලදී දන්සල් දක්නට ලැබේ. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ මේ දිනවල බොහෝ අය නොමසුරුව සියලු පුද්ගලයන්ට නොමිලේ ආහාර පාන පිරිනැමීම සඳහා දන්සල් කුටි ඉදිකරමින් සිටින බවය. මෙම ප්‍රජා සේවය පුළුල් ලෙස අගය කරනු ලැබුවද, එය මහජන සෞඛ්‍ය අභියෝග ද ඇති කිරීමට ද හේතු විය හැකි බව සඳහන් වේ. එබැවින් දන්සල් ක්‍රියාත්මක කිරීම ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ අවදානම සමඟ සම්බන්ධ වී ඇති…

Read More

මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ. ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වසර තුනක් තුළ මෙම ආධාර පැකේජය ලබා දීමට කටයුතු කරන බවත් ඒ තුළින් රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් බවයත්ය. ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවෙන් පසුව මේ බව නිවේදනය කර ඇත. එම නිවේදනයේ සඳහන් පරිදි ඉදිරි දශකය තුළ තරුණයින් මිලියනයකට…

Read More

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ. නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීමට අදාළ ඡන්ද විමසීමේ කටයුතු වතිකානයේ දී ඊයේ (07) ආරම්භ වුණි. වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවට රැස්වු ලොවපුරා සිටින කාදිනල්හිමිවරු එහි පැවති දිව්‍ය පුජාවෙන් අනතුරුව ඡන්ද විමසීමේ කටයුතු ආරම්භ වු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව එම ධුරය සඳහා නව පාප්වරයෙකු තෝරා පත් කර ගැනීම මෙලෙස සිදුකෙරෙන අතර ඒ සඳහා කාදිනල්හිමිවරුන් 133 දෙනෙකු සුදුසුකම් ලබා සිටී. වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දුම්කවුළුවේ චිමිනියෙන් කළු දුමාරයක් නිකුත් වී ඇති අතර එමඟින් සංකේතවත් වන්නේ ඊයේ…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකිය. මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රිකවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Read More