Author: LFN
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ. නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (19) දින සහ ඉදිරි දින කිහිපයේ දී බලාරොත්තු වේ. බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එනිසා අදාළ ප්‍රදේශවල ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණ අංශ පවසයි.
“16 වන ජාතික රණවිරු සැමරුමට” සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස් වීම් ලබා දී තිබේ. අද (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම උසස්වීම් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් 22 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,256 දෙනෙකුට උසස් වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 12 දෙනෙකුට සහ සෙසු නිලයන් 848 දෙනෙකුට උසස් වීම් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේය. 16 වන ජාතික රණවිරු සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙසු නිලයන් 10,093 දෙනෙකු…
දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි තබා තිබේ. පොලීසිය පවසන්නේ, ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවය.
හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබන 26වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟිනි.
පැවති පළාත් පළාන ඡන්ද විමසීමේ දී විපක්ෂයට බහුතර බලය ලැබී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළව සමහි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර අද (19) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මුලිකත්වයෙන් විපක්ෂනායක කාර්‍යාලයේදීයි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් තලතා අතුකෝරාල, පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන, සාගල රත්නායක සහ රුවන් විජේවර්ධන යන අය සහභාගී වූවා. එහිදී විපක්ෂයට බහුතර බලය හිමිවී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට අදාළ ප්‍රතිපත්තිමය කාරණා සාකච්ඡා කෙරුණු අතර එහිදී විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව මෙම සභාව බලය පිහිටුවීම සඳහා වෙන එකඟතාවයට එළැඹුණා. ඒ සඳහාවන ඒකාබද්ධ නිවේදනය සමගි ජන…
පොදු දේපල පණත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප දෙකක් මත මුදාහරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඌව පලාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදි 2016 වර්ෂයේ දි පෙර පාසල් ළමුන් සදහා පාසල් පොත් බෑග් ලබාදීම සදහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපල පණත යටතේ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.. අදාල සිද්ධිය සම්බන්ධයෙන් වු ඇප අයදුම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරයේදි මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් සලකා බැලීමෙන් අණතුරුව රුපියල් ලක්ෂ දහය බැගින් වු ඇප දෙකක් මත මන්ත්‍රිවරයා…
අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින බවය. යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන් විසින් ඉටුකරනු ලබන වැදගත්, තීරණාත්මක කාර්යභාරය, අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් අධිකරණ හැසිරීම සමාලෝචනය කිරීම සඳහා නීතිය පැහැදිලි ක්‍රියා පටිපාටි ගෙනහැර දක්වයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ, සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා…
රුපියල් හත් කෝටි අනූ ලක්ෂයක් වටිනා “කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද (19) දින අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 21 හැවිරිදි තායිලන්ත ජාතික තරුණයෙකි. අදාළ තරුණයා අදාළ මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයෙන් මිලදී ගෙන, මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් අද දින අලුයම 12.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීගේ අවධානය වෙනතකට යොමු කිරීම සඳහාය. ඔහු විසින් රැගෙන පැමිණ තිබූ ගමන් මලු තුළ වූ රසකැවිලි අඩංගු පැකට් කිහිපයක් තුළ ”කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 07යි…
දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇති බව කියන විෂමාචාර සහ ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව අද (19) සිට පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ. අදාළ කමිටුව පසුගිය සති කිහිපය තුළ දී පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වී මූලික විමර්ශන සිදුකරනු ලැබීය. ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතාට පරීක්ෂණ කමිටුවේ හමුවේ පෙනී සිටින ලෙස නොතීසියක් මඟින් දැනුම්දී ඇත. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා පරීක්ෂණ කමිටුව හමුවේ පළමු වරට පෙනී සිටීමට නියමති බවය. මෙම කමිටුව පසුගිය 15 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස් වී පරීක්ෂණ කටයුතු පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය. ඒ අනුව විමර්ශන කමිටුව අද පස්වරු…