Author: LFN

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි දිල්ෂි හංසිකා නමැති 16 හැවිරිදි සිසුවිය සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29වනදාය. ඇය පදිංචිව සිටි පළමු මහලේ සිට 6 වැනි මහළට ගොස් ඉන් බිමට පැන මෙම අනතුරු සිදුකරගෙන තිබුණි. හංසිකා සිසුවිය ඉන් පහළට වැටෙන අයුරු CCTV කැමරාවක ද සටහන් වී තිබුණි. මහල් නිවාසය අසල මාර්ගයට ඇදවැටීමෙන් බරපතළ තුවාල ලැබූ ඇය, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ ද ඇයට සිදුවූයේ සිය ජීවන ගමනට සමුදීමටය. බම්බලපිටියේ පාසැලක ඉගෙනු ලැබූ තම දියණියට මෙවන් අකල් මරණයක් උදාවූයේ, අපයෝජනය කිරීමේ දරුණු මානසික පීඩනයකින් ඇය වේදනා විඳිමින් සිටි නිසා බවට ඇගේ මව්පියන් පවසයි. මෙම අපයෝජන සිද්ධියට එම පාසලේ ගුරුවරයෙකු සම්බන්ධ…

Read More

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල ඊයේ (8) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වූ මිරිස්යාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ. සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

Read More

අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වෙයි. ගිගුරුම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල…

Read More

දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේ වේලාවෙන් ඊයේ (8) පස්වරුවේ තේරී පත්විය. ඒ අනුව උන් වහන්සේ 14වන ලියෝ පාප් වහන්සේ ලෙසින් නම්කර ඇත. 69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේය. එමෙන්ම උන් වහන්සේ අමෙරිකාවෙන් තේරීපත් වූ පළමු පාප්වරයා ද ලෙසින් ඉතිහාසයට එක්විය. ඒ අනුව බිලියන 1.4ක් වූ ලොව පුරා කතෝලික ප්‍රජාව වෙනුවෙන් 14වන ලියෝ පාප් වහන්සේ නායකත්වය දෙනු ඇත. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් අනතුරුව අභිනව පාප් වහන්සේ තෝරාගනු ලැබීය. 88 හැවිරිදි වියේ පසුවූ ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉකුත් අප්‍රේල් 21වනදා වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදී ස්වර්ගස්ථ විය.…

Read More

කොළඹ විද්‍යාලයක 10 වන වසරේ පාසල සිසුවියක් අපයෝජන වීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවය. ඒ අනුව අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමටත්, සිද්ධියට අදාළ ගුරුවරයා වහාම ස්ථාන මාරු කිරීමටත් කටයුතු කර ඇතැයි අමාත්‍යාංශය යොමුකළ නිවේදනයේ දැක්වේ. මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන වාර්තාවක් කැඳවා ඇති අතර, වාර්තාව ලද වහාම විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Read More

මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එය අද (08) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඉන්ඳු – පකිස්තාන් යුද ගැටුම් සමඟ අද (08) උදැසන පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා විය.

Read More

තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන අධි චෝදනා පත්‍රය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් අධි චෝදනා පත්‍රය ගොනු කර තිබුණි. එමෙන්ම මෙම විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය විභාගයට ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කොළඹ මහාධිකරණයට නියම කර ඇත. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

පවතින තත්ත්වය තුළ විදුලි බිල ඉහළ නොදමා සිටිමේ බලාපොරොත්තුවෙන් රජය සිටින බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. අද (08) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින් පැනයක් යොමු කරමින් අසා සිටියේ IMF උවමනාව අනුව ඉදිරියේ දී විදුලි බිල ඉහළ දැමීමට රජය කටයුතු කරන්නේ ද ? යනුවෙනි. ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රජයට විදුලිබිල ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නොමැති වුවත් ණය ගෙවීම සඳහා විදුලිබිලෙන් ලැබෙන දායකත්වය ඉහළ බවය. කෙසේවෙතත් ලබන මාසයේ මුල් සතිය වනවිට මේ සම්බන්ධයෙන් නිවැරදි අදහසක් පළ කළ හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. “ඇත්තටම අපිටත් ඕනේ ගෙවල්වලට වගේම කර්මාන්ත සඳහා අවම මිලට විදුලිය ලබාදෙන්න.…

Read More

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත. පෙත්සම්කරු කියා සිටින්නේ ඉකුත් දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම හේතුවෙන් මෙරට ආණ්ඩුක්‍රමව ව්‍යවස්ථාවට මෙන්ම ජාත්‍යන්තර නීතියට ද පටහැනි බවය. මෙම අවබෝධතා ගිවිසුමේ අන්තර්ගත කරුණු පිළිබඳව මෙතෙක් මහජනතාව දැනුවත් කර නොමැති අතර එය ජනතාවගේ ව්‍යවස්ථාදායක අයිතිය උල්ලංඝනය කිරීමක් බව පෙත්සමෙන් චෝදනා කර තිබේ. මෙම අවබෝධතා ගිවිසුම තුළින් ශ්‍රී…

Read More