Close Menu
Lanka Focus News
    What's Hot

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ පුරපති සටන උණුසුම් වෙන ලකුණු
    Featured

    කොළඹ පුරපති සටන උණුසුම් වෙන ලකුණු

    By LFNMay 18, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පළාත් පාලන ආයතනවල වැඩි අවධානයක් යොමුව ඇති කොළඹ මහ නගර සභා පුරපති ධුරය වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

    කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ඡන්ද විමසීම ජුනි මස 02 වැනිදා පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.

    කෙසේ වෙතත් මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සැලකෙන කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගයට 50% සීමාව ඉක්මවා යාමට හැකියාවක් නොලැබුණු බැවින් වූ එවැනි පසුබිමක මේ සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂවලයද දැඩි අවධානයක් යොමුව පවතී.

    කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය ඒ සඳහා යොමු කිරීම හේතුවෙන් මෙම සටන දැඩි මුහුණුවරක් ගෙන ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දී තිබේ.

    දේශපාලන පක්ෂ අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් රහස් සාකච්ඡාද ආරම්භ වී ඇති අතර ඇතැම් අවස්ථාවල දේශපාලන පක්ෂ සභිකයින් දිනා ගැනීම සඳහා විවිධ වරදාන වරප්‍රසාද ලබා දීමටද ඇතැම් පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

    මෙම තත්ත්වය තුළ පළාත් පාලන කොමසාරිස්වරයා විසින් පවත්වන ඡන්ද විමසීමේදි 50%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයා කොළඹ මහ නගර සභාවේ පුරපතිවරයා ලෙස තේරි පත් වනු ඇත.

    පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට තනි පක්ෂයක් ලෙස ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ආසන 48ක් හිමිවූ අතර සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් මන්ත්‍රී ආසන 69ක් හිමි විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026

    බස් ධාවනය ගැන අවසන් තීරණය අද – සංගම් සියල්ල රැස්වෙයි

    June 2, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,617 Views
    Don't Miss

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 202603 Views

    පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ද දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මාර්ගගත ක්‍රමයට ලබාදීමේ පහසුකම එළඹෙන සැප්තැම්බර්…

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026

    කඩුවෙල ප්‍රදේශයට අද විශේෂ රථවාහන සැලැස්මක්

    August 16, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.