Author: LFN

අද (17) දිනයේ ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව දුරගමන් දුම්රිය ධාවනය නොකෙරෙන බව වාර්තා වෙයි. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ මෙම ඉල්ලීම් සඳහා ලබන සතිය ඇතුළත විසඳුම් ලබාදීමට පියවර නොගත හොත් අඛණ්ඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බවය. මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයවීමට නියමිතව තිබූ සියලුම තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි. මේ අතර අද දෙරණ බදුල්ල වාර්තාකරු සඳහන් කළේ…

Read More

ලංකා විදුලිබල මණ්ඩලය 2025 මාර්තු 31න් අවසන් කාර්තුව වෙනුවෙන් රු. බිලියන 18.47 ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තා පෙන්වා දේ. විදුලිබල මණ්ඩලය 2024 මාර්තු කාර්තුවේ දී රු. බිලියන 84.67 ක ලාභයක් වාර්තා කර තිබූ අතර ඒ හා සැසඳීමේ දී මෙය 121.8% ක ලාභදායීත්වයේ පහළ යාමකි. මණ්ඩලය මෙලෙස යම් කාර්තුවක අලාභයක් වාර්තා කර ඇත්තේ 2024 දෙසැම්බර් 31 දක්වා අඛණ්ඩව කාර්තු 5ක් පුරාවට ලාභ ලබා තිබෙන පසුබිමක වීම විශේෂත්වයකි. මණ්ඩලයේ ආදායම ද පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 ක් දක්වා 44%කින් පහළ ගොස් ඇත. ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ඉතිහාසයේ වර්ෂයක් තුළ වාර්තා කරන…

Read More

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවට සම්බන්ධව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව අන්තර් විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු මදුෂාන් චන්ද්‍රදිත් ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. මාලිගාකන්ද උසාවිය විසින් උසාවිය කොළඹ රෝහල් චතුරස්‍රයට සහ සෞඛ්‍ය අමාත්‍යංශය පිහිටි ස්ථානයට ඇතුළත් වීම සහ රෝහල් කටයුතුවලට බාධා කිරීම වළක්වාලමින් විරෝධතාකරුවන් පිරිසට එරෙහිව අද (16) දහවල් 12 සිට හෙට පස්වරු 05 දක්වා නියෝගයක් ද ලබා දී තිබුණි.

Read More

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් ලබා ගැනීම අරඹා ඇතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලංකාවේ බල පැවැත්වෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට ලද කැබ්නට් අනුමැතිය මත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් පත් කළ විද්වත් කමිටුවක් මඟින් ත්‍රස්ත විරෝධී පනත කෙටුම්පත් කිරීමට කටයුතු කරමින් පවතියි. නව පනතක් හඳුන්වාදීම තුලින් නූතන ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණ දීම, දේශීය සහ විදේශිය වශයෙන් පුද්ගලයන්ගේ මානව හිමිකම් සහ අන්තර්ජාතිකව පිළිගන්නාවු ප්‍රමිතීන්ට අනුගත වීමට අදහස් කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය කියයි. ඒ අනුව මහජන අදහස්, නිර්දේශ සහ…

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එළැඹෙන 19වනදා ප.ව. 2ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ. ‘පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව’ විසින් මෙම දැනුම්දීම සිදුකර ඇත.

Read More

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට අල්ලක් කොමිසම විසින් නඩු පැවරීමට පියවර ගෙන තිබේ. ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කිය සිදුවීමකට අදාළවය. ඒ අනුව හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක…

Read More

දුරගමන් සේවා සඳහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂා කිරීම මේ වනවිට ආරම්භ කර ඇත. ඒ අනුව හැටන් සිට දුරගමන් සේවා සඳහා යොදවා ඇති බස් ගිනිගත්හේන පොලීසිය මගින් අද (15) හදිසි පරීක්ෂාවට ලක් කෙරුණි. හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදි දුර ගමන් සේවා බස් රථ පරීක්ෂාව සිදුකෙරුණි. මෙහිදී මගීන්ට අනතුරුදායක ලෙස අඩුපාඩුකම් සහිතව ධාවනයේ යෙදුණු ලංගම බස් රථ 5ක්, පෞද්ගලික බස් රථ 6ක් ඇතුළු රියදුරන් 11 දෙනෙකුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර තිබේ. තවත් බස් රථ කිහිපයක රියදුරන්ට එම අඩුපාඩුකම් නිවැරදි කරගැනීමට උපදෙස් ලබාදී ඇත. මෙම බස් රථ පරික්ෂාවේදී බස් රථවල ගමන් ගන්නා…

Read More

අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබීය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරියේ මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී, රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාද අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරිනිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකරු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුමක මුදල් කල්පිරීමට පෙර ඉවත් කර ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළාය. ඉන්…

Read More

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම හා ජාවාරම්කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (16) මරණීය දණ්ඩනය නියම කළේය. 2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 17කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙකු නිදොස්කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.

Read More

රුපියල් කෝටි 21ක් වටිනා රත්‍රං තොගයක්, වාහන අමතර කොටස් තුළ සඟවාගෙන පැමිණි දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළේ ව්‍යාපාරිකයන් සඳහා වූ ‘රක්ත මාවත’ ඔස්සේ මෙම ගමන්කරමින් සිටියදී මෙම ගුවන් මගීන් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත. මොවුන් අතරින් එක් අයෙකු කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙක්ය. අනෙක් පුද්ගලයා මහනුවර, රඹුක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙක්ය. ඔවුන් ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා මත ගුවන්ගමන් වල නිරත වෙමින් විදේශ රටවලින් විවිධ භාණ්ඩ මෙරටට ගෙනැවිත් දීමේ ක්‍රියාවලියක නිරත වී සිටින්නන් බව අනාවරණය වී ඇත. මොවුන් දෙදෙනා ඊයේ උදෑසන ඩුබායි සිට පැමිණි ගුවන් යානයකින් ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි. එහිදී ඔවුන් ගෙන…

Read More