Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ. පොලීසිය පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල වූ අපේක්ෂකයාව කළුතර නාගොඩ රෝහල ඇතුලත් කර ඇති බවයි. ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පොලිස් විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු ඊයේ (4) අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් බව පොලීසිය පවසයි. සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වූ විමර්ශන සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. අදාළ නවක වද සිදුවීම සම්බන්ධව පසුගිය 29වනදා සමනළවැව පොලිස් ස්ථානය වෙත ලද පැමිණිල්ලකට අනුව ඉකුත් 2වනදා සමනළවැව පොලිස් ස්ථානය විසින් නවක වදයට ලක්වූ සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් 20කගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කර තිබුණි.…
මෙරටට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍ය Nakatani Gen මහතා සමඟින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උප අමාත්‍ය Kano Koji මහතා ඇතුළු දූත පිරිසක් ඊයේ උදෑසන (04) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත පැමිණ තිබුණි. ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණි ජපාන ආරක්‍ෂක අමාත්‍යවරයා වෙත ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් පුද කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) විසින් ඔහු ඇතුළු ජපන් දූත පිරිස උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව පැවති සාකච්ඡාවලදී, ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සහ සහයෝගීතාව වර්ධනය කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, පවත්නා ද්විපාර්ශ්වික සබඳතා තවත්…
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඊයේ (04) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථානවලින් එකක් වන බායි ඩිං (Bai Dinh) විහාරස්ථානයට පැමිණ වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලබාගෙන තිබේ. ශ්‍රී ලංකා සහ වියට්නාම් ජාතික ධජ අතැතිව වියට්නාම් ජනතාව එහි පිවිසුම් දොරටුව අසලදී ජනාධිපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. විහාරස්ථාන භූමියේ සංචාරයක නිරත වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැකබලා ගැනීමට මඟ දෙපස විශාල පිරිසක් රැස්ව සිට ඇති අතර ඔහුද දෙරටේ ජාතික ධජ ලෙලවමින් සිය ආචාරය පිළිගැන්වූ බව සඳහන් වේ. ජනාධිපතිවරයා විහාරස්ථානයේ ප්‍රධාන බුද්ධ මන්දිරය වෙත පැමිණ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව, භික්ෂුන් වහන්සේලා විසින්…
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන සකස් කිරීමේ කටයුතු අද (05) පෙරවරුවේ ආරම්භ කරන බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හෙට (06) පෙරවරු 7ට ආරම්භ වීමට නියමිත අතර දිවයින පුරා මධ්‍යස්ථාන 13,759ක දී ඡන්දය පස්වරු 04 දක්වා පැවැත්වීමට නියමිතය. පළාත් පාලන ආයතන 339ක් සඳහා පැවැත්වෙන ඡන්ද විමසීමේ දී ඡන්දහිමියන් එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 56,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට මෙවර සුදුසුකම් ලබා තිබේ. ඡන්ද විමසීම පැවැත්වීම සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර මැතිවරණ රාජකාරී සඳහා සහභාගී වන රාජ්‍ය නිලධාරීන් අනිවාර්යෙන්ම ඒ සඳහා පැමිණිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.…
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ පළාත්වලත් අම්පාර,මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර පළාතෙත් මන්නාරම, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. මධ්‍යම සහ ඌව පළාත්වලත්…
ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී පැවති එකම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 308ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමත් විය. සිව්දින තරගයක් ලෙස පැවති මෙම තරගය ඊයේ (2) අවසන් විය. ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය යටතේ මෙය පැවැත්විණි. ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 406/10ක් රැස් කළේය. එහිදී ළහිරු උදාර (107), සොනාල් දිනුෂ (104) ශතක රැස්කළහ. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායමට පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ හැකිවූයේ ලකුණු 168ක් පමණි. ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපීපෙනෙන පන්දු යැවීමක නිතර වූ ඉසිත විජේසුන්දර ලකුණු 35කට කඩුලු 6ක් දවාගත්තේය. ලකුණු 238ක් ඉදිරියෙන් සිටිමින් යළි දෙවන ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාව එවර ලකුණු 376/4ක්…
එළැඹෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මැයි මස 05,06 සහ 07 යන දිනවලදී විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම සීමා කිරීමට සිදුවන බවය. මේ හේතුවෙන් එක්දින සේවය සඳහා ක්‍රියාත්මක වූ පැය 24 සේවාව එම දිනවලදී ක්‍රියාත්මක නොවන බවද එම දෙපාර්තමේන්තුව මහජනතාව වෙත දැනුම් දී තිබේ.
අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කර තිබේ. අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පසුගිය මස 08 දින පැවැත්වූ අතර එහිදී දෙවනවර කියවීමේ විවාදයෙන් පසුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී. අනතුරුව පනත් කෙටුම්පත තෙවනවර කියවීමෙන් පසු ඡන්ද විමසීමකින් තොරව සංශෝධන රහිතව එය පාර්ලිමේන්තුවේදී සම්මත විය. මෙම පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා මාර්තු මස 01 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත වශයෙන් බලාත්මක වන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය නිවේදනය කර…
ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයාව වශයෙන් කටයුතු කළ මැක්ස්වල් ද සිල්වා මහතා එම තනතුරින් අත්හිටුවීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුනු පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (30) නියම කළේය. එහෙත් මැක්ස්වල් ද සිල්වා මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ධුරයේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. තමන්ව එම තනතුරේ කටයුතු කිරීම අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් මැක්ස්වල් ද සිල්වා මහතා විසින් ගොනු කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතාගේ එකඟතාවය ඇතිව විනිසුරු…