Author: LFN

කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට යන දුම්රිය ස්ථාන අතර සැතපුම් 01 දම්වැල් 15 ස්ථානයේ පිහිටි රේල්වේ ඇවනිව් දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුතු සඳහා තාවකාලිකව වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත. ඒ අනුව, 2025.05.17 දින පෙ.ව. 09.00 සිට ප.ව. 02.00 දක්වා අර්ධ වශයෙන් හා එදිනම රාත්‍රී 08.00 සිට 2025.05.18 දින පෙ.ව. 05.00 දක්වා සම්පූර්ණයෙන්ම වසා තබන බව දැනුම් දී තිබේ. මෙම කාල සීමාවන් තුළ ඇති විය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට හා සිදුවන අපහසුතා අවම කර ගැනිමට විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තවදුරටත් දැනුම් දී…

Read More

මේ වනවිට තංගල්ල විශේෂ බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නැමැත්තාට පවතින රෝග තත්ත්ව පිළිබඳ තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරියා හෝ ඔහු විසින් නම් කරන වෛද්‍ය නිලධාරියකු ලවා පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (14) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර ‘හරක් කටා’ විත්ති කුඩුවේ සිට අධිකරණයට කරුණු දක්වමින් තමා කලක පටන් අර්ශස් රෝගය ඇතුළු රෝගාබාධ කිහිපයකින් පෙළෙන බවත් ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බව කියා සිටියේය. තමා හමුවීමට වෛද්‍යවරයෙකු පැමිණියද ප්‍රතිකාර ලැබෙන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ තංගල්ල ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ…

Read More

මෙරට රත්‍රං මිල රුපියල් 6,000කින් පමණ පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 240,500ක් දක්වා පහළ ගොස් තිබේ. පසුගිය සෙනසුරාදා දිනයේ දී එය දැක්වුණේ රු. 246,000ක් ලෙසය. මේ අතර සෙනසුරාදා රු. 266,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 260,000ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

කළුතර උතුර වස්කඩුව ප්‍රදේශයේ බේකරි සේවකයෙකු එහි පඩිපෙළක් අසල සැකකටයුතු ලෙස මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ මතුගම අගලවත්ත ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි. අදාළ බේකරියේ හිමිකරු විසින් පොලීසියට සිදුකළ දැනුම්දීමක් අනුව සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ මූලික පරීක්ෂණ ආරම්භ කර තිබුණි. කළුතර උතුර පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Read More

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය අඟහරුවාදා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම නිවේදනය කර ඇත. මෙම සේවක කප්පාදුව මයික්‍රොසොෆ්ට් සමාගමේ ශ්‍රම බළකායෙන් 3% කටත් වඩා අඩු ප්‍රමාණයක් බව වාර්තා වෙයි. සේවක කප්පාදුව හරහා මයික්‍රොසොෆ්ට් සමාගම බලාපොරොත්තු වන්නේ, පිරිවැය පාලනය කිරීම සහ කෘතිම බුද්ධිය සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කිරීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අතර 2023 දී මයික්‍රොසොෆ්ට් සේවකයින් 10,000ක් සේවයෙන් ඉවත්කිරීමෙන් පසු සිදුකරන විශාලතම සේවක කප්පාදුව මෙය වේ.

Read More

මුතුරාජවෙල ලිට්‍රෝ ගෑස් පර්යන්තයේ 250කට ආසන්න මෑන්පවර් කම්කරුවන් පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ වසර ගණනාවක් පුරා තම වැටුප් ඉහළ නොදැමූ බවටත්, රජය විසින් නියම කළ අවම වැටුප හෝ ලබා නොදුන් බවටත් චෝදනා කරමිනි. රජය විසින් නියම කළ වැටුප ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දෙනතෙක් තමන් වැඩවර්ජනය අවසන් නොකරන බව එම සේවකයින් පවසයි.

Read More

මෙම වසරේ ගත වු කාලය තුළ ඩෙංගු රෝගීන් 19,901 දෙනකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මැයි මාසයේ මේ දක්වා කාලය තුළ දී පමණක් ඩෙංගු රෝගීන් 2,355ක් වාර්තා වී ඇති බවය. ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එය සියයට 48ක ප්‍රතිශතයක් වන බව වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. එමෙන්ම චිකන්ගුන්‍යා රෝගීන් වාර්තාවීම ද මෙම කාලය තුළ ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

Read More

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් වන්දි ලබාදීමට තීරණය කළේය. ඒ අනුව අදාළ වන්දි මුදල් මේ වනවිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇත. අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල,…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (14) මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වනදා කැඳවන ලෙසය. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් මහතා විසින් මේ පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Read More

ගල්කිස්ස, සිල්වෙස්ටර් මාර්ගයට හැරෙන හන්දිය ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මැයි 05 වනදා යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා එම ඝාතනය සිදුකර තිබූ අතර ඒ සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය සහ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී එම අපරාධය සඳහා ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු ගල්කිස්ස පොලිස් වසමේදී ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 21 හා 32 වයස්වල පසුවන ගල්කිස්ස හා දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස…

Read More