Author: LFN

අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේදී හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මිය පුද්ගලයෙකු මියයාම සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ මහෙස්ත්‍රාත් අධිකරණය මගින් පසුගිය 30 වැනි දින අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ඇඹිලිපිටිය නව නගරය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ජේ.ඒ. අසංක ඉඳුනිල් නැමැති පුද්ගලයෙකු අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත ඇතුළත් කළ බවය. එහිදී මෙම රැදවියා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නවක රැදවියන් රදවනු ලබන වාට්ටුවක රදවා සිටි බවත් එහිදි ඔහුගේ කලහකාරී හැසිරිම හේතුවෙන් වෛද්‍ය නිර්දේශ අනුව බන්ධනාගාර රෝහලේ වාට්ටුවකට ඇතුළත් කර පසුව තනිව රැදවීමට කටයුතු කළ බවත් අදාල නිවේදනයේ සඳහන් කර ඇත. මෙම රැදවියා මෙසේ රදවා සිටි අවස්ථාවේදී වාට්ටුවේ බිම…

Read More

සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ. නවක වධය හේතුවෙන් සිසුවෙකු මිය යාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

Read More

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අද පෙරවරු 7.00 ට දිවයින පුරා මධස්ථාන 13,759 කදී ආරම්භ වීමට නියමිතය. ඡන්ද විමසීම පස්වරු 4.00 දක්වා පැවැත්වෙන අතර ඡන්ද විමසීමෙන් අනතුරුව මධ්‍යස්ථාන 5,783කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුවන බව මැතිවරණ කොමිසම සඳහන් කළේය. පළාත් පාලන ආයතන 339ක් සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඡන්ද දායකයින් එක් කෝටි 71 ලක්ෂ 56,338 දෙනෙකු සුදුසුකම් ලබා සිටී. මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 75,589 දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර ඉන් සභිකයින් 8,287 දෙනෙකු…

Read More

බස්නාහිර සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර යන පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද පස්වරු 1.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එහි සඳහන් ඇත. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ මහතා විසින් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙනි. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදුකිරීමෙන්, දූෂණය නමැති වරද සිදුකළේ යැයි ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Read More

නවකවධය ලබාදීමේ සිදුවීමක් මුල් කරගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදු වූ සිසු මරණයට අදාළව අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනා එළැඹෙන මැයි මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අදාළ සිසුන් සිව්දෙනා ඊයේ (04) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අද (05) බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තුන් වන වසරේ ඉගෙනුම ලබන මහරගම, ඇඹිලිපිටිය, වාරියපොළ හා හබරාදුව යන ප්‍රදේශවල පදිංචි සිසුන් සිව්දෙනෙකු බව පොලිසිය සඳහන් කළේය. සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා දිවි නසාගෙන තිබුණේ අප්‍රෙල් 29 වෙනිදාය. විෂාදය හේතුවෙන් තමන්…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් මැයි මස 7 වන දින පාසල් කිහිපයක් වසා දැමෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. පහත සඳහන් පාසල් හැර සියලුම පාසල් එදිනට සාමාන්‍ය පරිදි පැවැත්වෙන බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මේ අතර හෙට (06) පැවැත්වෙන මැතිවරණය හේතුවෙන් අද (05) සහ හෙට යන දෙදින දිවයිනේ සියලු පාසල් වෙත නිවාඩු ලබාදී තිබුණි. මැයි මස 7 වන දින වැසෙන පාසල්වල නම් ලැයිස්තුව පහතින් දැක්වේ.

Read More

රේගු වංචා අවම කර බදු නිවැරදිව අයකර ගැනීමට සඳහා රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ අනන්‍යතාව මහජනතාවගේ දැනගැනීම සඳහා රේගු වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීමට රේගුව තීරණය කර ඇත. මෙවැනි පියවරක් මගින් චේතනාන්විතව බදු ගෙවීම පැහැර හරින්නන් අධෛර්යයට පත් කර, රජයට හිමිවිය යුතු නිසි බදු ප්‍රමාණය ගෙවීම සඳහා බදු ගෙවන්නන් පෙළඹවීම සහ ආනයන හා අපනයන නීති කඩකිරීම වැලැක්වීම තුලින් නීති විරෝධීව භාණ්ඩ දේශසීමාව හරහා රටට ඇතුල්වීම හා පිටකිරීම අවම කිරීම රේගුවේ බලාපොරොත්තුව බව සඳහන් වේ. ඒ අනුව, රේගු ආඥා පනත යටතේ නිසි විමර්ශනයකින් පසුව පැවැත්වෙන පරීක්ෂණයකදී වරදකරුවන් වන පුද්ගලයන්ගේ සහ ආයතනවල විස්තර ප්‍රසිද්ධ කිරීමට තීරණය කර…

Read More

වෙනත් රටවල නිෂ්පාදිත චිත්‍රපට සඳහා සියයට 100ක තීරු බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩාවැටීමෙන් පවතින බැවින් මෙම තීරු බදු පැනවීමට එක්සත් ජනපද වෙළඳ නියෝජිතවරයාට බලය පවරන බව ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත. යළි අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය වී ඇති බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසයි. ඊට සහයෝගය පළ කිරීමක් ලෙස වෙනත් රටවල නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා තීරුබදු ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More

නිෂ්පාදන ආයතනයක නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා පාරිභෝගිකයන් නොමඟ යවමින් ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා ඇත. පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව පසුගිය (03) මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස ටින්මාළු නිශ්පාදනය කරමින් තිබු ස්ථානයක් මෙලෙස වටලා තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූ ප්‍රමිති සහතිකය හා නිෂ්පාදන ආයතන නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් අපිරිසිදු හා අවිධිමත් ලෙස මෙම ටින්මාළු නිශ්පාදනය හා ඇසුරුම් කිරීම සිදුකොට ඇති බවට අනාවරණය වී ඇත. වැටලීමේදී ව්‍යාජ ලෙස නිශ්පාදනය කර වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම්කර තිබු ප්‍රමිතියෙන් තොර එකක ශුද්ධ බර ග්‍රෑම් 425ක් සහිත ටින්මාළු ඇසුරුම් 700 කට ආසන්න ප්‍රමාණයක් හා…

Read More