Close Menu
Lanka Focus News
    What's Hot

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඖෂධ හිඟයක් ගැන පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
    Featured

    ඖෂධ හිඟයක් ගැන පළවන වාර්තා ගැන සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

    By LFNMay 17, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් සම්බන්ධව සහ පැපොල රෝගීන්ට ලබා දෙන ඖෂධ හිඟතාවක් සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

    එහි සඳහන්ව ඇත්තේ පැපොල රෝගයේ අසීමිත පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත් පැපොල රෝගය වැළඳුණු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිඟයක් රජයේ රෝහල්වල නොමැති බවත්ය.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ පැපොල රෝගයට වූ එන්නත්කරණයක් රජයේ රෝහල් පද්ධතියෙන් මේ වන තෙක් සිදු නොකෙරුණු බවත් එවැනි අවශ්‍යතාවක්ද මතු නොවනු ඇති බවය.

    ඒ අනුව මෙතෙක් රජයේ රෝහල්වල නොතිබුණු ඖෂධයක් යොදා ගනිමින් එහි ක්ෂණික හිඟයක් ඇති වූ බව පෙන්වමින් රටේ ඖෂධ හිඟයක් පවතින බව පෙන්වීම අරමුණු කරගනිමින් මෙම මාධ්‍ය වාර්තා හිතා මතා නිර්මාණය කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා චෝදනා කර ඇත.

    එමෙන්ම මෙරට ජනතාවට ලබා දිය යුතු ඖෂධ කිසිදු හිඟයකින් තොරව අඛණ්ඩව ලබා දීමට රජය කටයුතු කරන බවත් සඳහන් කර ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට අදාළ ඖෂධ තොග මේ වනවිටත් රට තුළ පවතින බවද සඳහන් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 202604 Views

    තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. පොලිසිය සඳහන් කළේ පහරකෑමෙන්…

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.