Author: LFN

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන් තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබේ. පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කරයි. කණ්ඩායම් බහුලව ගැවසෙන ස්ථානවල සහ රාත්‍රී කාලයේ ගමන් හා උත්සව අවස්ථා සඳහා සහභාගී වීම හා දුරගමන්වල යෙදීම තාවකාලිකව නතර කරන ලෙස දැනුම් දී ඇත. එළිමහනේ දී ගැවසීමේ දී තමන්ගේ ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායාපිටපතක් ලග තබා ගැනීම සිදුකරන ලෙස ද ලෙබනන් තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී තිබේ.

Read More

බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංගම සහ පෞදගලික බස් රථ ධාවනයේ දී ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවය. කොළඹ මධ්‍යම බස්නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බිමල් රත්නායක අමාත්‍යවරයා මේ බව සදහන් කළේය. මෙම මස 30 වන දින සිට වාහන ධාවනයේ දී ආරක්ෂණ යෝජනා ක්‍රම 85ක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය. “පුද්ගලික බස් රථ ධාවනය කරන රියදුරු මහත්වරුන් හා කොන්දොස්තර මහත්වරුන් යම් කිසි සමාජ ආරක්ෂණ ක්‍රමයකට…

Read More

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433ක් ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබා දී ඇති බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා මේ බව සඳහන් කළේය. “2023 අංක 3 දරණ වියදම් නියාමන පනත යටතේ, ආදායම් වියදම් වාර්තා භාරදිය යුතු අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මුළු සංඛ්‍යාව 78,725 දෙනෙකුගෙන් 76,292 තම තමාට අදාළ වියදම් වාර්තා තේරීම්භාර නිලධාරීන් වෙත භාරදීලා තියෙනවා. 2,433ක් අපේක්ෂකයින්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මේ…

Read More

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුමදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර තිබේ. එම නිවේදනයෙන් ටික වේලාවකට පසු ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. අමෙරිකානු ජනාධිපතිවරයා එම නිවේදනය කර තිබුණේ සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින්ය.

Read More

අද (17) බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තු සඳහන් කරන්නේ, ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය. වයඹ පළාතේත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි…

Read More

2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් සංවිධානය කර තිබේ. එහිදී, 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුලසතා දැක්වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023/2024 විභාගවලට අදාළව නිකුත් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මෙම විශිෂ්ටයන් තෝරා ගනු ලැබ තිබේ. පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහනේ පළමු වැඩසටහන ලෙස 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ උතුරු පළාතේ සිසුන් ඇගයිම 2025 ජූනි 22 වන දින…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය ඇතුළු දූත පිරිස හමු විය. ශ්‍රී ලංකාවට මෑත කාලීන මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මඟ පෙන්වමින් දැක්වූ අඛණ්ඩ සහයෝගය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සිය කෘතඥතාව පළ කළේය. මෑතකදී එක්සත් ජනපදය විසින් පනවන ලද තීරුබදු පිළිබඳව සඳහන් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් 25% ක් පමණ, එක්සත් ජනපදයට අපනයනය කරන බැවින්, එසේ තීරු බදු ඉහළ නැංවීම තුළින් ඇති විය හැකි බලපෑම පිළිබඳවද සඳහන් කළේය. ගෝලීය වශයෙන් පවතින අර්බුද හේතුවෙන් ශ්‍රී ලංකාවට එල්ල වන…

Read More

වෙන්නප්පුව පැබ්රෝනියා මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසේ මුරකරු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාව වෙන්නප්පුව පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සීදුව ප්‍රදේශයේදීය. එකකුස උපන් සහෝදරයන් දෙදෙනෙකු වන ඔවුන් දෙදෙනා වයස අවුරුදු 25 සහ 29 යන වයස්වල පසුවන බව පොලීසිය පැවසුවේය. සැකකරුවන් දෙදෙනාව සූක්ෂ්ම ලෙස සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා අදාළ පොල්වත්තේ හිමිකරුගේ දුරින් ඥාතීන් දෙදෙනෙකු බව ද පොලීසිය පැවසුවේය. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ, තමන් මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් අදාළ වෑන් රථය රැගෙන ගොස් විකුණා මුදල් සොයාගැනීමට උත්සහ කළ බවය. කෙසේවෙතත් මුරකරු වෑන් රථයේ යතුර ඉල්ලූ විට ලබා නොදුන් නිසා ඝාතනය කළ බව…

Read More

බේරුවල, සමඩ් මාවතේ පිහිටි සුඛෝපභෝගී නිවසක සේවය කරන පුද්ගලයකු ස්වයංක්‍රීය ගේට්ටුවට හසුවීමෙන් මියගොස් තිබේ. දුරස්ථ පාලක මගින් ක්‍රියාකරන නිවසේ ප්‍රධාන ගේට්ටුවට සිරවීමෙන් මෙම පුද්ගලයා මෙලෙස මියගොස් ඇති බව වාර්තා වෙයි. එලෙස මියගොස් ඇත්තේ, බේරැවල, මහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් රිසාන් නැමැති 55 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ශ්‍රී ලංකාව මේ වන විට අනුගතව ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එවන් වැඩසටහනකට යන අවසාන අවස්ථාව බවට පත් කරගැනීමේ අපේක්ෂාවක් තමන්ට ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මියගේ සහභාගීත්වය ඇතිව අද (16) පෙරවරුවේ කොළඹ දී පැවති Sri Lanka’s Road to Recovery : Debt and Governance විශේෂ සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා පැවසුවේ, 2028 වන විට ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය, ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කරගැනීමට…

Read More