Author: LFN
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති වේ. උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති වේ. තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (8) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධව සිදුකරන විමර්ශනයට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අදාළ අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම්දීමක් මගින් අදාළ සිරකරුවා ජනාධිපති පොදුසමාව යටතේ නිදහස් කර ඇති බව පවසා තිබේ. ඒ අනුව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරුවෙකු ඉකුත්…
හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ.
ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අහිටුවා තිබේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලා එම සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමේ සූදානමකින් සිටියේය. කෙසේ නමුත් අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් ලැබීම හේතුවෙන් සැලසුම්කර තිබූ තීරණය ක්‍රියාක්මක නොකිරීමට තීරණය කර ඇත.
හෙළි නොකළ මුදල් සහ රුපියල් මිලියන 800කට අධික වත්කම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට අදාළව කොළඹ මහාධිකරණය හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට අධිචෝදනා ගොනු කර ඇත.
බියගම – පන්නිපිටිය ප්‍රධාන විදුලි රැහැනක සිදු වූ කාන්දුවක් හේතුවෙන් කොළඹ හා කළුතර ආදී ප්‍රදේශ කිහිපයක විදුලිය ඇනහිටීමක් සිදුව තිබේ. මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය පවසා සිටියේ, බොහෝ ප්‍රදේශවල විදුලිය යථා තත්ත්වයට පත්කර ඇති බවයි.
දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත කරුණාතිලක මහතා ඉවත් වී ඇත. අද (6) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායක ජගත් වික්‍රමරත්න මහතා මේ බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය. ඒ අනුව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා වෙනුවට නීතිඥ රවුෆ් හකීම් මහතා පත්කළ බව කථානායකවරයා දන්වා සිටියේය. ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබුණි. මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය කටයුතු කරන අතර, අනෙක් සාමාජිකයා වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය…
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලා ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම් වෙන බව වාර්තා වෙයි. අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් ඉහත තීරණය ක්‍රියාක්මක කිරීමට සූදානමින් පසුවෙන බව සඳහන් ය. මුහුදුබඩ මාර්ගයේ පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී ඊයේ (5) පෙරවරුවේ දුම්රිය පීල්ලක් කැඩීගොස් තිබෙන දුටු ප්‍රදේශවාසියෙකු ඒ අවස්ථාවේදී කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය නැවැත්වීමට කටයුතු කර සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගත්තේය. කෙසේ නමුත් සාගරිකා දුම්රිය නවත්වා තිබෙන අතරවාරයේ,…
අබිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුරක් මොනරාගල දොඹගහවෙල ප්‍රදේශයේ කැලෑවක ගල්ලෙනක් තුළ තිබී සොයාගෙන තිබේ. මළසිරුරේ අනන්‍යතාවය තහවුරු කරගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවද වාර්තා වෙයි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ මීට මාස කිහිපයකට පෙර අපයෝජනයකට ලක්වී පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබූ 51 හැවිරිදි කාන්තාවකි.
අද (6) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවේ. ඌව, නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ විටින් විට පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන්…