Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අද පස්වරුවේ මුහුදුබඩ දුම්රිය ධාවනය නතර වෙයිද ?
    Featured

    අද පස්වරුවේ මුහුදුබඩ දුම්රිය ධාවනය නතර වෙයිද ?

    By LFNJune 6, 2025No Comments1 Min Read105 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතියේ ඇතිවූ දෝෂ සහිත තත්ත්වයට විසදුම් ඉල්ලා ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය අද (06) දහවල් 12 සිට මුහුදුබඩ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට සූදානම් වෙන බව වාර්තා වෙයි.

    අදාළ ගැටලුව සම්බන්ධයෙන් අද උදෑසන දුම්රිය සාමානාධිකාරීවරයා සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර, එහිදී ඔවුන්ට සාධනීය පිළිතුරක් නොලැබුණහොත් ඉහත තීරණය ක්‍රියාක්මක කිරීමට සූදානමින් පසුවෙන බව සඳහන් ය.

    මුහුදුබඩ මාර්ගයේ පානදුර සහ එගොඩඋයන දුම්රිය ස්ථාන අතර දී ඊයේ (5) පෙරවරුවේ දුම්රිය පීල්ලක් කැඩීගොස් තිබෙන දුටු ප්‍රදේශවාසියෙකු ඒ අවස්ථාවේදී කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය නැවැත්වීමට කටයුතු කර සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගත්තේය.

    කෙසේ නමුත් සාගරිකා දුම්රිය නවත්වා තිබෙන අතරවාරයේ, තිබූ දෝෂයක් හේතුවෙන් තවත් දුම්රියක් එම මාර්ගයේම මරදානට දෙසට ඉදිරියට පැමිණ තිබුණි.

    ඒ සම්බන්ධයෙන් ඊයේ කළ විමසීමකදී ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පැවසුවේ, මුහුදුබඩ මාර්ගයේ වර්ණාලෝක සංඥා පද්ධතියේ බරපතළ දෝෂයක් හේතුවෙන් මෙවැති තත්ත්වයක් මතුව ඇති බවයි.

    ඊට කඩිනමින් අදාළ සංඥා දෝෂයට විසඳුම් ලබාදිය යුතු බව එම සංගමය දුම්රිය බලධාරීන්ට ලිඛිතව දැනුම් දී තිබුණි.

    ඒ අනුව ගැටලුවට ක්ෂණිකව විසඳුම් නොලැබුණහොත් මගීන්ගේ ආරක්ෂාව තකා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවයෙන් ඉවත් වීමට සිදුවන බව එම සංගමය ඊයේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.