Author: LFN

දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 6 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ. එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි ජන බලවේගය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත. දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේ දී සමගි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව ක්‍රියා නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව, 01. හේරත් මුදියන්සේලෑ සුසිල් හේරත් 02. අධිකාරීනායක මුදියන්සේලාගේ පෙනලබොඩේ ගෙදර අනිල් ඉන්ද්‍රජිත් දසනායක 03. කරදගොල්ලේ වලව්වේ ධනංජය සම්පත් කරදගොල්ල 04. අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක 05. හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි 06. ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න…

Read More

තවත් මහ නගර සභාවක සහ ප්‍රාදේශීය සභා දෙකක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද (16) සමත්වුණි. ඒ අනුව රත්නපුර මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. රත්නපුර මහනගර සභාවේ නගරාධිපති පත්කරගැනීම සඳහා වූ රහස් ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ කේ.ඒ.ඩී.ආර්.අයි. කටුගම්පල මහතා තේරී පත්වූයේ ඡන්ද 14ක් ලබාගනිමිනි. විපක්ෂයෙන් ඉදිරිපත් කළ නගරාධිපති අපේක්ෂකයාට හිමිව තිබුණේ ඡන්ද 12ක් පමණයි. එසේම දඹුල්ල හා කල්පිටිය යන ප්‍රදේශිය සභාවලද ජාතික ජන බලවේගය බලය පිහිටුවනු ලැබීය. මේ අතර දඹුල්ල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ ඩබ්ලිව්.එම්. තිලකරත්න අද තෙරී පත්වුණි. ඒ අද පැවති රහස් ඡන්ද විමසීමේදී ඡන්ද 15ක් දිනාගනිමිනි. විපක්ෂයෙන් අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් වූ අතර…

Read More

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

Read More

මිනුවන්ගොඩ – වේයන්ගොඩ මාර්ගයේ පමුණුව හන්දියේදී යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටී සිදුවු අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. මිනුවන්ගොඩ දෙස සිට වේයන්ගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (15) රාත්‍රීයේ දීය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකාරිය මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය ජීවිතක්ෂයට පත්ව ඇත. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 53ක් වූ හෙන්ඩිමහර, උඩුගම්පල ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

අද (16) උදෑසන බෙනිබරක් (Bnei Brak)ප්‍රදේශයට එල්ලවූ ඉරාන මිසයිල ප්‍රහාරයකින් ඉදිකිරීම් සඳහා පැමිණි ශ්‍රී ලංකික තරුණයෙකුගේ පාදයට තුවාල සිදුව තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව දැනුම්දී ඇත. එලෙස තුවාල ලබා ඇත්තේ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි විමුක්ති මධුසංක නැවති තරුණයෙකි. තුවාල ලැබූ තරුණයා ප්‍රතිකාර සඳහා යොමු කිරීමට දැනට කටයුතු යොදමින් සිටින බව ද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත. මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව්, හයිෆා සහ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක වීදුරුවක් කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබුණි. මෙලෙස තුවාල ලබා ඇත්තේ ඊශ්‍රායලයේ…

Read More

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය Gideon Sa’ar ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායලයේ වෙසෙන තානාපතිවරුන් හා පැවති සාකච්ඡාවේදී ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරන්නේ කවදා ද ? යන්න විමසූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ. කෙසේ වෙතත් සිය ගුවන්තොටුපොළ විවෘත කරන දිනය පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බවත්, හදිසි අවස්ථා ඇති පිරිසට ජෝර්දානයේ අම්මාන් ගුවන්තොටුපොළ හා ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපල හරහා ගොඩබිම මාර්ගයෙන් ඊශ්‍රායලයට පැමිණීමට හා පිටවීමට හැකි බව වැඩිදුරටත් පවසා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණීමට හෝ ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාව…

Read More

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද (16) දිනයේ WITබොරතෙල් බැරලයක මිල ඩොලර් 77.08කට අලෙවි වු අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී ඇත්තේ ඩොලර් 75.37ක් ලෙසය. ඊශ්‍රායලය සහ ඉරානය අතර ප්‍රහාරයන් ආරම්භ වීමට පෙර පසුගිය 12වනදා ලෝක වෙළෙඳපොළේ WITබොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 68.04ක් ලෙස වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අලෙවි වී තිබුණේ ඩොලර් 69.24ක් ලෙස වාර්තා වී තිබුණි. ඒ අනුව පසුගිය සතිය තුළ ලෝක වෙළෙඳපොළේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබේ. මැදපෙරදිග මෙම යුද වාතාවරණය අඛණ්ඩව පැවතියහොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බව…

Read More

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වීමට නියමිතව තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතය. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි. එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික…

Read More

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම සහ රත්නපුර ප්‍රදේශවලට අදියර 02 යටතේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට කටයුතු කර ඇත. අදියර 01 යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අඟලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ. මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, ඇහැළියගොඩ, නිවිතිගල, කුරුවිට, ඇළපාත සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 01 යටතේ නායයෑමේ අනතුරු…

Read More

වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ අපරාධයකට ආධාර අනුබල ලබාදුන් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2023.11.26 වනදා සීදූව, කොටුගොඩ ප්‍රධාන මාර්ගයේදී ටී 56 වර්ගයේ ගිනි අවියකින් පුද්ගලයෙකුට හා කාන්තාවකට වෙඩි තබා බරපතල තුවාල සිදු කර මනුෂ්‍ය ඝාතනය සිදු කිරීමට තැත් කර තිබුණි. ඒ අනුව ඊය‍ෙ (15) දහවල් කාලයේදී මීගමුව පොලිස් වසමේ 20 කණුව ප්‍රදේශයේදී වෙඩි තැබීම සඳහා යතුරුපැදිය පැද වූ සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 මිලිග්‍රෑම් 290 ක් හා ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන සීදූව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. සැකකරු වයස අවුරුදු 27 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සීදූව පොලිසිය…

Read More