Author: LFN
තෙල් හිඟයක් ගැන ව්‍යාජ ප්‍රවෘත්තිවලට නොරැවටෙන්න ලෙස බලශක්ති අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, මැද පෙරදිග යුද වාතාවරණය හේතුවෙන් මෙරට ඛනිජ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරන බවක් නිරීක්ෂණය වී ඇති බවය. ඉදිරි මාස දෙකකට අවශ්‍ය තෙල් තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව ඇති බවත්, ඉදිරියට ඇනවුම් කරන ලද තෙල් තොග ගැටලුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවත්, එබැවින් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් තිබේ. ඒ ඉරාන – ඊශ්‍රායල් ගැටුම සාකච්ඡා කිරීමට කාලය වෙන් කිරීම කතානායකවරයා විසින් අද (17) ප්‍රතික්ෂේප කිරීමත් සමගය.
2016 වසරේ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ හයකට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් කර නොමැති බව අල්ලස් කොමිසම අද (17) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදාහැර සිටින චාමර සම්පත් දසනායක මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය. අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර නොමැති බව…
ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමට අත්සන් තබා තිබේ. ඊට අදාළ නිල අත්සන් තැබීමේ උත්සවය ඊයේ (16) කොළඹ දී පැවැත්වුණි. ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ප්‍රංශ ජනරජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ද්විපාර්ශ්වික ගිවිසුම අත්සන් කිරීම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිළිබඳව සාක්ෂි දරන බව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. පානදුර සහ මොරටුව අතර දුම්රිය මාර්ගයට හානි සිදුවීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ දී වනඅලියෙකු පහරදීමෙන් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. පොලීසිය පවසන්නේ, දෙහිඅත්තකණ්ඩිය වලස්ගල කැලෑ ප්‍රදේශයේ දී එම වනඅලි ප්‍රහාරය එල්ල වී ඇති බවය. වනඅලි පහරදීමෙන් තුවාල ලබා මාර්ගයේ ඇදවැටී සිටි අදාළ පුද්ගලයා එම මාර්ගයේ ගමන් කළ බස් රථයක් මඟින් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 53 හැවිරිදි වීරලන්ද, අරලගංවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු දෙහිඅත්තකණ්ඩිය පොලීසියට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරයෙකු බව සඳහන්ය. ඔහු රාජකාරී සඳහා පොලිස් ස්ථානය වෙත යමින් සිටියදී මෙම වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බවට අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකිකයන්ට තම RE-ENTRY වීසා කාලය දිගු කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර කිහිපයක් නිවේදනය කර තිබේ. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් එම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලය වෙත ඇතුළුවීම වීම සඳහා RE-ENTRY වීසා කාලය දික් කරගැනීමට තානාපති කාර්යාලය පහත සඳහන් පියවරයන් අනුගමනය කළ යුතු බව දැනුම් දෙයි. 1. ඉරාන-ඊශ්‍රායල් යුද්ධය ආරම්භ වී දින පටන් මාස දෙකක කාලයකට RE-ENTRY වීසා කාලය දික් කර දෙන මෙන් PIBA ආයතනයෙන් ලිඛිත ඉල්ලීමක් කිරීම. එය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පමණක් නොව අනෙකුත් රටවල පුරවැසියන්ට අදාළ වන ලෙස ක්‍රියාත්මකවීමට බොහෝ දුරට ඉඩ තිබේ.…
කොළඹ නගර සභාවේ බලය පිහිටුවීමේදී මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කර ඇති බැවින් ඒ සම්බන්ධව ගත යුතු සියලුම පියවර ගැනීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කිරීඹට ඉහළ තැනකින් බලපෑම් ලැබුණේද යන්න දැන ගැනීමට අවශ්‍ය වන බවත් මේ වන විට ස්ථාන ගණනාවක මෙම මාර්ගෝපදේශ පැහැර හැර ඇති බැවින් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් වන බවය. මේ හේතුවෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දෙන විපක්ෂනායකවරයා පැවසුවේ මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සඳහා ගත යුතු සියලුම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවය. පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු…
ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50,000ක මුදලක් බැර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (16) එම නියෝගය ලබාදුන් බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සැකකරු විසින් ඉෂාරා සෙව්වන්දි නමැත්තියගේ බැංකු ගිණුමට මුදල් සම්ප්‍රේෂණය කර ඇති බවය. එම ඝාතනය සිදුවූ වකවානුවේ මෙම මුදල් තැන්පත් කිරීම් සිදුකර…
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා පිල අතර පළමු ටෙස්ට් ක්‍රිකට් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගයද මෙයයි. 2025 – 2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියට තරග 2ක් ඇතුළත්ය. දෙරට අතර පළමු තරගය ගාල්ලේදී අද ආරම්භ වන අතර පළමු තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ සිය අවසන් පුහුණු සැසියට එක්වුණි. මැතිව්ස්ගේ සමුගැනීම වෙනුවෙන් වෙනුවෙන් ගාල්ල ක්‍රීඩාංගණය සූදානම් කර තිබූ අයුරු දැකගන්නට හැකි විය. දෙපිලේ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් ටෙස්ට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන…