Author: LFN
කොළඹ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී උළුවටුගේ සඳමාලි මහත්මියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. පසුගිය (16) රාත්‍රියේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි සිය කාර්යාලය අසලදී ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් තමාට පහරදුන් බව මන්ත්‍රීවරිය මාධ්‍යට සදහාන් කර ඇක. පහර කෑමෙන් තුවාල ලැබු මන්ත්‍රීවරිය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. අදාළ පාර්ශ්ව දෙකෙහිම පුද්ගලයින් මේ වනවිට රෝහල්ගත කර ඇති බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වන සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ජූලි මස 23 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. තමන්ව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පිල්ලෙයාන් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර ඇත. මෙම පෙත්සම ඊයේ එස්. තුරෙයි රාජා, මේනකා විජේසුන්දර සහ සම්පත් විජේරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණය හමුවේ කරුණු…
කථානායකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලනයට සහ අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන බව විපක්ෂය පවසයි. විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා මහතා ඒ බව පැවසීය. මැතිසබයෙන් පිටව යෑමෙන් පසු පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡා දෙකකදී විපක්ෂ නියෝජිතයන් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ කථානායකවරයා ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස කටයුතු කරමින් සිටින බවය. ඉරාන ඊශ්‍රායල ගැටුමෙන් මෙරටට ඇති බලපෑම සම්බන්ධයෙන් අදහස් පළකිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කථානායකවරයා අවස්ථාවක් ලබානොදෙන බව පවසා ඊට විරෝධය පළකරමින් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ(17) පාර්ලිමේන්තුවේදී සභා ගර්භයෙන් පිටව ගොස් තිබුණි.
තුන්වන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අදාළ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තුන්දෙනා එම කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (17) රාත්‍රියේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා ඇත. එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කළේය.
රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 20ක මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟිනි. පසුගිය ජූනි 9 වන දින මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට කප්පම් මුදල් වශයෙන් කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කර ඉන් ලක්ෂ 20ක මුදලක් කප්පම් මුදලක් ලෙස ගෙවන ලද බවට හා ඉතිරි කොටස නොගෙවන්නේ නම් බඩල්ගම පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ ඔහුගේ දරුවා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලකට අනුව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි. මේ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක්…
ත්‍රිකුණාමලය – අඹේපුස්ස මාර්ගයේ ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට ආන්ද්‍රම්කුලම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පදික මාරුවෙන් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. ඊයේ (17) රාත්‍රී කාලයේ අනතුර සිදුව ඇති අතර, අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, අවුරුදු 56ක් වූ චම්පාලෙන්, ආන්ද්‍රම්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුර සම්බන්ධව වයස අවුරුදු 19ක් වන පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර උප්පුවේලි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව පොලීසිය පවසයි.
මත්තල රාජපක්‍ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වටා ඉදිකර ඇති ආරක්‍ෂිත වැට සම්බන්ධව පවත්නා ගැටලු සාකච්ඡා කිරීම සඳහා ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික)ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා තිබේ. එම රැස්වීම ඊයේ (17) ආරක්ෂක අමාත්‍යාංශයේ දී පවත්වා ඇති අතර, එහිදී මූලික වශයෙන් අවධානය යොමු කර ඇත්තේ, වනඅලින්ගෙන් ගුවන්තොටුපොළ ආරක්‍ෂිත වැටට නිරන්තරයෙන් සිදුවන හානි සහ එම හානි වළක්වා ගැනීමට ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙනි. ගුවන්තොටුපොළ මෙහෙයුම් සහ මහජන ආරක්‍ෂාව යන දෙයංශයටම ඇති විය හැකි තර්ජනය හඳුනා ගනිමින්, ආරක්‍ෂක ලේකම්වරයා ත්‍රිවිධ හමුදාව ඇතුළු අදාළ සියලුම පාර්ශ්වකරුවන්ට ගැටලු විසඳලීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා උපදෙස් ලබා දී තිබේ. තවදුරටත්, ආරක්‍ෂිත වැටට සිදුව ඇති…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
පොතුහැර සහ කුරුණෑගල අතර දුම්රිය මාර්ගයේ අමුණුගම දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහා මාර්ගය මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව මේ මස 19, 20 සහ 22 යන දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 6.30 දක්වා අර්ධ වශයෙන් ද, මේ මස 21 වැනිදා පෙරවරු 9.00 සිට පසු දින එනම් 22 වැනිදා පෙරවරු 6.00 දක්වා සම්පූර්ණ වශයෙන් ද, මහා මාර්ගය වසා තබන බවද එම දෙපාර්තමේන්තුව කීය. එම කාලසීමාව තුළ ඇතිවිය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීමට සහ අපහසුතා අවම කරගැනීමට විකල්ප මාර්ග භාවිත කරන මෙන් ඉල්ලා සිටින බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත්…
ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ පාර්ශ්වයකට බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම ඊයේ මෙන්ම අදත් සිදුකෙරුණි. ඉකුත් ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට හෝ පාර්ශ්වයකට බහුතරය හිමිනොවූ කුරුණෑගල මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය අද සමත් වුණා. ඒ, නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වයඹ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද සභාව රැස්වූ අවස්ථාවේදී පැවති රහස් ඡන්ද විමසීමේදීය. සභිකයින් විසි 22 දෙනෙකුගෙන් සමන්විත එහි සභික ධුර 10ක් ජාතික ජන බලවේගයට හිමිව තිබේ. සමගි ජන බලෙවේගයට සභිකයින් පස් දෙනෙකු ඇතුළුව විපක්ෂයට හිමිව ඇති සභික ධුර සංඛ්‍යාව 12කි. ඒ අනුව ජාතික ජන බලවේගයෙන්…