Author: LFN
අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබේ. පසුගිය 13 වනදා සිට අයහපත් කාලගුණය හේතුවෙන් මගී ප්‍රවාහන නවතා දමා තිබුණි. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට සුබම් සමාගමට අයත් සිවගංගෙයි නම් නෞකාව විසින් සෙනසුරාදා දිනය හැර අනෙක් සෑම දිනයකදීම මෙම මගී ප්‍රවාහන කටයුතු කර තිබුණි. පසුගිය 13 වනදා තමිල්නාඩුවේ සිට මෙරටට 95 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර 108 කන්කසන්තුරේ සිට තමිල්නාඩුවට ගොස් තිබේ.
හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ඔහුව අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව. හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. මේ අතර ඊයේ (18) දිනයේ අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි. ඒ්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැරීමට නියෝග කිරීමෙන් පසුවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත්දා සිදුකළ ජර්මානු සංචාරයේ නිරතව සිටියදී, ඒ පිළිබඳව ජනතාව කුපිත කරන ආකාරයේ අසත්‍ය හා ද්වේෂ සහගත තොරතුරු අන්තර්ජාලයේ මුදාහැර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු වන ජී. සුභාෂ් චමින්ද රොෂාන් මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත. ජර්මානු සංචාරය අතරතුර ජනාධිපතිවරයා කොටි…
2019 වසරේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී අමානුෂික වද හිංසාවට ලක් කිරීම තුළින් උරගස් මංහන්දිය පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා සහ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ඔවුන් සිය පෞද්ගලික මුදල් වලින් ලක්ෂ 10 බැගින් වන්දි සහ නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18) නියෝග කළේය. එම වන්දි මුදල් මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වේ. ඒ අනුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු වග උත්තරකාර උරගස්මං හංදිය පොලිසියේ ස්ථානාධිපති හරිත් සහ එහි අපරාධ අංශයේ ස්ථානාධිපති හිරාන් යන නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම…
තෙවන පාර්ශ්වයක් හරහා වැඩි මිලට ඖෂධ උපකරණ අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් තිදෙනා එක්ව සිදුකළ වංචාවේ තවත් කරුණු මේ වනවිට හෙළිවෙමින් තිබේ. මෙම වංචාව සිදුකර ඇත්තේ එම රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යවරියක වන අතර, ඇයට විරුද්ධව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශන ආරම්භකර ඇත්තේ 2023 වසරේදීය. එතැන් සිට අනාවරණය කරගත් කරුණු අනුව අදාළ වෛද්‍යවරිය සිදුකර ඇත්තේ ස්නායු සැත්කම් සඳහා අවශ්‍යවන EVD සහ VP Shunt නමැති උපකරණ, වෙළඳපොළ මිලට වඩා වැඩි වටිනාකමකට තෙවැනි පාර්ශ්ව හරහා අලෙවි කිරීමයි. මෙම ජාවාරමට සම්බන්ධ උපකරණයක වෙළෙඳපොළ වටිනාකම රුපියල් 30,000ත් 60,000ත් අතර වුවත්, ඇය ඒවා…
සංචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ. එහි මුලික සාකච්ඡාවක් ඊයේ (18) ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ දී පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව මෙම වර්ෂයේ දී දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි කුලී රථ රියදුරන් දස දහසක් පුහුණු කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 25ක මුදලක් ඇස්තමේන්තු කර ඇති අතර, එක් පළාතක් තුළ වැඩසටහන් 10 බැගින් පැවැත්වීමට අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මෙහිදි ත්‍රිරෝද රථ රියදුරන් සඳහා මාර්ග නීති සම්බන්ධයෙන් පුළුල් දැනුමක් ලබාදීම, රියදුරන් තුළ…
ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය මේ බව සඳහන් කළාය. “දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 111ක නැවතත් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරනවා. මෙහිදී අවධානම් පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කරන්න අපේ කණ්ඩායම්…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී.30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
බස්නාහිර නාගරික කොමසාරිස්වරිය කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී කළ නීති විරෝධී වැඩේට කවදා හෝ එතුමිය නීතිය හමුවට ගේන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. “පාලකයෝ එනව යනවා.කොමසාරිස් තුමිය ඒක මතක තියා ගන්න.ජනතා මතය කියන්නේ ගලේ කොටපු දේවල් නොවේ.දේශපාලන නායකයන්ට රටේ පාලකයන්ට මොන ආණ්ඩු තිබුණත් කඩේ යන්න එපා.ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සමඟ සෙල්ලම් කරපු ලේකම්වරු අද ඉන්නේ කොහෙද?දේශපාලන නායකයන්ගේ අතකොලු වූ රාජ්‍ය සේවකයන්ට අන්තිමට හිරේ ළඟින්න සිදුවුණා යැයි මුජිබුර් රහුමාන් මහතා කීය.