Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් ඩෙංගු මර්දන සතියක් – මරණ 14ක් – රෝගීන් 26,000 පනී
    Featured

    තවත් ඩෙංගු මර්දන සතියක් – මරණ 14ක් – රෝගීන් 26,000 පනී

    By LFNJune 19, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන 30 වැනිදා සිට ජුලි මස 05 වැනිදා දක්වා දිස්ත්‍රික් 16ක මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

    එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය මේ බව සඳහන් කළාය.

    “දිස්ත්‍රික්ක 16ක සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 111ක නැවතත් මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරනවා. මෙහිදී අවධානම් පරිශ්‍රවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කරන්න අපේ කණ්ඩායම් එනවා. එහිදී ඔබ අපරික්ෂාකාරී ලෙස මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගියොත් රතු නිවේදන නිකුත් කිරීම සහ නීතිමය කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.”

    මේ අතර දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,000කට අධික පිරිසක් මේ වන විට වාර්තා වි ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළාය.

    මේ වනවිට ළමා මරණ එකක් වාර්තා වී ඇති අතර, රෝගීන්ගෙන් 45%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයි ද සමරවීර මහත්මිය පැවසුවාය.

    “ලංකාව පුරා ඩෙංගු රෝගීන් 26,775ක් සහ ඩෙංගු මරණ 14ක් සිදුව තිබෙනවා. බස්නාහිර, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල රෝගීන් වැඩි වශයෙන් වාර්තා වෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.