Author: LFN
උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනා මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු හෙළි විය. රටේ අහිංසක ගොවි ජනතාවගේ බදු මුදල් මෙලෙස වංචා කිරීම ඛේදවාචකයක් බවත් මෙය මාර්ග සංවර්ධන ඉතිහාසයේ විශාලතම වංචාවක් බවත් කමිටුවේ සභාපති අරවින්ද සෙනරත් මහතා පැවසීය. උතුරු මැද පළාත් සභාව 2011 වර්ෂයේදී රුපියල් කෝටි එකසිය දාහතකට අධික ඇස්තමේන්තුවක් මත මාර්ග පනස් තුනක් ප්‍රතිසංස්කරණය කර ඇතැයිද එම කමිටුවේදී තොරතුරු අනාවරණයවී ඇත. එසේම රුපියල් කෝටියක් පමණ වැය වන මාර්ග කිලෝමීටරයක් සඳහා රුපියල් කෝටි හතර හමාරක් පමණ වැය කර ඇතැයි කමිටුව පවසයි. මේ…
ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව දැනුම්දී ඇත. එමෙන්ම ඒ මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද අදාළ නිවේදනය මඟින් දන්වා තිබේ. ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ දී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව පක්ෂය විසින් දැනුවත් කර තිබී ඇත. එවන් පසුබිමක පක්ෂයේ උපදෙස්වලට පටහැනිව ඡන්ද විමසීමේ දී කටයුතු කර ඇති බවත්, ඒ තුළින් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස ප්‍රියන්ත ගොඩගම මහතා තේරී…
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබේ. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම තීන්දුව ලබා දී ඇත. ඒ අනුව රුපියල් ලක්ෂ 2ක බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර ඇති අතර, අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රජයේ වත්කම් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවක් සම්බන්ධයෙන් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියේය.
ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණි. ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනාවා ද එසේත් නැතිනම් විවෘත ඡන්දයක් පවත්වනවාද යන්න තීරණය කිරීම සඳහා පැවති ඡන්ද විමසුමේදී 19 දෙනෙකු රහස් ඡන්දයට පක්ෂවත් 17 දෙනෙකු විවෘත ඡන්දයට පක්ෂවත් ඡන්දය ප්‍රකාශ කර තිබේ. බහුතර කැමැත්ත මත රහස් ඡන්දයෙන් ඡන්ද විමසුම සිදුකිරීමට තීරණය කිරීමත් සමඟ සභාවේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවුණි. පසුව සමගි ජනබලවේගයේ සභිකයින් කිහිපදෙනෙකු සභාවෙන් පිටතට ගොස් වර්ජනය කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීමට පොලීසිය ද කැඳවනු ලැබීය. මේ හේතුවෙන් සභාව මිනිත්තු 30ක කාලයකට කල්තැබුණි.…
බූස්ස බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් එම බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු අදත් (20) එහි වහළය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබේ. මීට පෙර ඉකුත් 18වනදා මෙම සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් එහි රැඳවියන් 5දෙනෙකු බන්ධනාගාර වහළය මත නැගී විරෝධතාවයක් ආරම්භ කළ අතර, ඔවුන් මේ වනවිට එම විරෝධතාව අවසන්කර ඇති බව සඳහන්.
වාහන ආනයනයට අවසර දීමත් සමග මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා පැවසුවේ, මෙම වසරේ ලබා දී ඇති ආදායම් ඉලක්කයන් ඉක්මවා යෑමට රේගුවට හැකියාව පවතින බවය. “2025 වසරේ දී අපට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක්. ගිය වසරේ දී අපිට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,533ක්. අපි ගිය වසරේ දී ඒ ඉලක්කය ඉක්වමින් රුපියල් බිලියන 1,535ක ආදායමක් උපයලා තියෙනවා. ඉතින් මේ වසරේ දීත් අපේ ඉලක්කයෙන් ජූනි මැද වෙනවිට රුපියල් බිලියන 900 ඉක්මවමින් අපි ආදායමක් කරලා තියෙනවා.…
පහේ ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි. ඒ අනුව 2029 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය නොවෙනස්ව පැවැත්වීමට රජය තීරණය කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. 2029 වසරෙන් පසුව ශිෂ්‍යත්වය පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේ දී සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට නියමිතව ඇතැයි ද වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු යොමු කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. විභාග පීඩනය අඩු කිරීමට මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් පවතින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.…
2025 පාද යාත්‍රාව වෙනුවෙන් යාල වනෝද්‍යානයේ නැගෙනහිර දෙසට වන්නට පිහිටි කුමන පිවිසුම අද (20) දිනයේ සිට විවෘත කිරීමට නියමිතව තිබේ. උතුරු නැගෙනහිර ජනතාව කතරගම පුදබිම වෙත පැමිණෙන මෙම පාද යාත්‍රාව මෙරට දීර්ඝතම පාද යාත්‍රාව ලෙස සැලකෙයි. කුමන සහ යාල වනෝද්‍යාන මැදින් කිලෝමීටර් 100කට වැඩි ප්‍රමාණයක් විවිධ පරිසර පද්ධති සහ වනසතුන් ගහන ප්‍රදේශ පසු කරමින් බැතිමතුන් කතරගම වෙත පැමිණෙනු ලබයි. ඔකඳ සිට යාල හරහා කතරගම පාද යාත්‍රාව සඳහා සති 2ක කාලයක් මෙලෙස කුමන පිවිසුම විවෘතව පවතී. කතරගම දෙවියන්ට දක්වන භක්තිය සහ බැතිමතුන් සිදුකළ විවිධ භාරහාර වෙනුවෙන් මොවුන් මෙලෙස පාගමනින් කතරගමට පැමිණෙයි. ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ පෙරහැර මංගල්‍යය එළඹෙන 26 වනදා…
රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ ‘ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත්’ ද්‍රාවණවල තිබී ඇත්තේ මිනිස් ශරීරයට අහිතකර බරපතළ ගණයේ බැක්ටිරියා සහ ලුණු බව ජර්මනියේ රසායනාගාර පරීක්ෂාවකින් තහවුරු වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය ඊයේ (19) අධිකරණය හමුවේ අනාවරණ කළාය. ඒ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් රැසක් සැකකරුවන් බවට පත්වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ නඩුව අද අධිකරණයේ කැඳවූ අවස්ථාවේදීය. අදාළ විමර්ශන අවසන් කළ බව නීතිපතිවරයා ඊයේ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුනි.
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. අදාළ පුද්ගලයන් අයථා ලෙස ඉපැයූ බව කියන මුදල් යොදවා අදාළ දේපොළ මිලදීගෙන ඇති බවට ලද පැමිණිලිවලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත. ඒ අනුව නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිසකුට්ටි ආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හා…