Author: LFN

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය සඳහා අය කරන ආහාර මිල ගණන් නැවත ස‍ංශෝධනය කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව තීරණය කර තිබේ. ඒ එම කාරක සභාවේ සභාපති කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව 2025.05.23 දිනැති තීරණය පරිදි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර සඳහා වන මිල ගණන් 2025.06.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු සඳහා මාසිකව රුපියල් 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සඳහා මාසිකව රුපියල් 2,500ක් වන පරිදි අයකිරීමට තීරණය කෙරිණි. කෙසේ වුවද මෙම මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම් කාරක…

Read More

අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධව චෝදනා ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනෙකි. වැලි ප්‍රවාහනය කිරීමේ ව්‍යාපාර කටයුතු ඉදිරියට කරදරයකින් තොරව සිදු කිරීමට සහ එම ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු නොකර සිටීම සඳහා අදාළ නිලධාරීන් දෙදෙනා එම පුද්ගලයාගෙන් රුපියල් 25,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇත. ඒ අනුව ලද පැමිණිල්ලක් මත අදාළ පොලිස් සැරයන්වරු දෙදෙනා අල්ලස් කොමිසම විසින් අල්ලස් මුදල් ඉල්ලීම සහ භාර ගැනීම මෙන්ම එයට අනුබල දීම යන චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්…

Read More

කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (21) පස්වරුවේ පැවැත්විණි. ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ වාර්ෂිකව සිදු කරන ශ්‍රී දළදා පොසොන් පෙරහැර වර්ෂ 1925 ආරම්භ වී ඇති අතර මෙම සියවස් සමරුව නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදු විය. ශ්‍රී දළදා පොසොන් පෙරහැර නිමිත්තෙන් ශාස්ත්‍රීය සංග්‍රහයන් දෙකක් එළිදැක්වීම සහ ශ්‍රී දළදා පොසොන් පෙරහැර වෙනුවෙන් ගීතයක් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණි. ඇත්කඳ විහාරයේ පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවරත්සරයට සමගාමීව පැවැති තරගාවලියෙන් ජයග්‍රහණය කළ සිසු දරුවන්ට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද ජනාධිපති අනුර කුමාර දිසානායක…

Read More

බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ පෙරළීයාමෙන් ඊයේ (21) පස්වරුවේ සිදුවූ අනතුරින් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය. මෙලෙස අනතුරට ලක්ව තිබුණේ බදුල්ල සිට අනුරාධපුර දක්වා වන්දනාකරුවන් පිරිසක් ප්‍රවාහනය කරමින් පැවති බස් රථයකි. බදුල්ල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ 4 කණුව ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී මෙම බස් රථය පෙරළී ගොස් තිබුණේ ඊයේ පස්වරු 6ට පමණය. අනතුරට පත් පිරිස අනුරාධපුර, තඹුත්තේගම පහළගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව වාර්තා වනවා. ඔවුන් ඊයේ අලුයම බදුල්ල මුතියංගන වෙහෙර වැඳපුදාගෙන නැවත නිවෙස බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත. අනතුර සැළවීමත් සමඟ කඩිනමින් ක්‍රියාත්මක වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු…

Read More

යාපනය පොලිස් වසමේ පන්නේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක විදුලි සෝපානයකින් ඇදවැටී තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ (21) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, නිර්වේලි, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි. මරණකරු මෙම හෝටලයේ සේවකයෙකු වශයෙන් කටයුතු කරන අතර භාණ්ඩ ප්‍රවාහනය සඳහා සකස් කර ඇති විදුලි සෝපානයේ අනාරක්ෂිතව ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. මෘත ශරීරය යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

මැද පෙරදිග පවතින යුද ගැටුම් හමුවේ ඉරානයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධව තොරතුරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකු සිටි බවත් ඉන් සිව් දෙනෙකු මේ වන විට රටින් පිටව ගොස් ඇති බවය. ඒ අනුව මේ වන විට ඉරානය තුළ ශ්‍රී ලාංකිකයින් 37 දෙනෙකු සිටින බවද අමාත්‍යාංශය සඳහන් කළේය. අමාත්‍යාංශය පැවසුවේ මෙම රැඳී සිටින පිරිස අතරට ඉරානයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් 05 දෙනෙකුද අයත් බවය. මේ අතර මෙම රැඳි සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් සිව් දෙනෙකු හෙට (23) දිනයේදී තුර්කි දේශසීමාව හරහා පිටත්වීමට නියමිත බවත් අමාත්‍යංශය සඳහන්…

Read More

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මීට සුළු මොහොතකට පෙර එරට ජාතිය අමතා තිබේ. එහිදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉරානය දැන් සාමය ඇති කර ගත යුතු බවත් ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ විශාල වනු ඇති බවය. “මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. සමහර විට වඩාත්ම මාරාන්තික විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ කුසලතාවයෙන් අනෙක් ඉලක්ක වෙත යන්නෙමු” ට්‍රම්ප් ජාතිය අමතමින් එලෙස පැවසීය. එමෙන්ම සිදුකළ ප්‍රහාර විශ්මයජනක මිලිටරි සාර්ථකත්වයක් ලඟා කර ගත් බවත් තමාට ලෝකය හමුවේ පවසා සිටිය හැකි බවද ට්‍රම්ප් පැවසූ අතර ඊශ්‍රායලයට…

Read More

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (22) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියේ සිද්ධියක් සම්බන්ධව තමා සම්බන්ධ කරගෙන පළවන පුවත් සම්බන්ධව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ එල්ලවන චෝදනා අසත්‍ය මෙන්ම සාවද්‍ය කරුණු අන්තර්ගතව ඇති බවය.

Read More

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න යටතේ ශල්‍යකර්මවලට ලක්ව අගතියට පත් පුද්ගලයින්ගේ තොරතුරු රැස්කිරීමට එම කොමිෂන් සභාව තීරණය කර තිබේ. ශල්‍ය උපකරණ භාවිතයෙන් සිදුකළ ස්නායු ශල්‍යකර්මවලදී එම උපකරණ බාහිර ආයතනවලින් ලබා ගැනීමට සැලැස්වීම තුළින් රෝගීන්ට අලාභ සිදුකිරීම් ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අදාළ වෛද්‍යවරිය පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එලෙස අගතියට පත්වු පුද්ගලයින් 77 දෙනෙකුගෙන් පමණ මේ වනවිට ප්‍රකාශ ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම පැවසීය. අගතියට පත් තවත් පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාව පිළිබඳව තොරතුරු දන්නා පුද්ගලයින්ට අදාළ තොරතුරු ලබාදිය හැකි බව අල්ලස් කොමිසම පවසයි. ඒ අනුව 1954 යන අල්ලස් හෝ දූෂණ…

Read More