Author: LFN

බැටරියක් සහිතව වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති මගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා සිදුකරන ගෙවීම් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර තිබේ. ඒ අනුව එලෙස උත්පාදනය කරන විදුලි ඒකකයක් සඳහා ගෙවන මුදල රුපියල් 27 සිට රු.45.80 දක්වා ඉහළ නංවා තිබේ. එහෙත් බැටරියක් රහිත සූර්ය පැනල පද්ධති සඳහා මෙම ගාස්තු ඉහළ නංවීම අදාල නොවනබව සඳහන් වේ.

Read More

ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී සිදුකෙරෙන ක්‍රමවේදයේ නව සංශෝධනයක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. මෙහිදී ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාවක් සඳහා යොමුවීමට බලාපොරොත්තු වන පුද්ගලයා කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර, එම ශ්‍රමිකයා ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන විදේශ රටෙහි සිටින සේවා යෝජකයා විසින් එම රටෙහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මගින් රැකියා ගිවිසුම සහතික කරගැනීම අනිවාර්ය බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැනුම් දී තිබේ. එමෙන්ම, මේ සඳහා ඩොලර් 60ක මුදලක් අයකෙරෙන බවද කාර්යාංශ පවසයි.…

Read More

මේ වනවිට ඊශ්‍රායලයේ පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව බලා ගමන් කිරීමට අපේක්ෂිත පිරිස වෙනුවෙන් ඉන්දියන් ගුවන් සමගම මගින් ක්‍රියාත්මක කරන ජෝර්දානයේ අම්මාන් සිට ඉන්දියාවේ නවදිල්ලිය දක්වා පියාසර කරන ගුවන් යානාවල ආසන කීපයක් ලබාදීමට ඉන්දියානු රජය එකඟ වී තිබේ. ඒ අනුව මෙම ගුවන් යානාවල ගමන් කිරීමට අපේක්ෂා කරන පිරිස තානාපති කාර්යාලයට පැමිණ ලියා පදිංචි වන මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දී ඇත. 1. ටෙල්-අවිව් සිට ජෝර්දානයේ අම්මාන් නුවර දක්වා ප්‍රවාහන පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත. 2. අම්මාන් සිට නවදිල්ලිය දක්වා ගුවන් ගමන් සඳහා මුදල් අය කිරීමකින් නොමැත. 3. නවදිල්ලිය හා කොළඹ අතර ගුවන් ගමන සඳහා මුදල්ගෙවා ටිකට්පත ලබා ගත…

Read More

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා…

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඔහු අද සිට ලබන 26 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවය. 2016 වසරෙන් පසු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙකු ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය බව සඳහන් වේ. සංචාරය අතරතුර මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද හමුවීමට නියමිතව තිබේ. විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල්…

Read More

ගාල්ල, අක්මීමන, වැවේගොඩවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. අද (23) අලුයම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවියකින් නිවසකට වෙඩි තබා පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය. වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නොමැති බව සඳහන්ය. අදාළ නිවස හිමි පුද්ගලයා මිදිගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විධායක ශ්‍රේණියේ රැකියාවක නිරත වන අතර ඔහු මීට දින කිහිපයකට පෙර එහි සේවකයෙකුගේ ගැටලුවක් හේතුවෙන් සේවයෙන් ඉවත් කර තිබේ. අදාළ සේවකයා විසින් ඔහුට දුරකථන ඇමතුම් ලබා දී මීට පෙර තර්ජනය කර ඇති බව ද පොලීසිය සඳහන් කළේය. ඒ අනුව පොලීසිය සැකපළ කරන්නේ එම පුද්ගලයා විසින් මෙම වෙඩිප්‍රහාරය එල්ල කරන්නට ඇති බවය. ගාල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස්…

Read More

අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එල්ලකළ ප්‍රහාරය සැලකිල්ලට ගනිමින්, ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය හදිසි රැස්වීමක් කැඳවා තිබේ. ඉරානයේ උද්ගතව ඇති හදිසි තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට (23) දිනයේ මෙම රැස්වීම කැඳවා ඇති බව වාර්තා වේ. අමෙරිකාව සිදුකළ ප්‍රහාර පිළිබඳව විමර්ශනයක් අවශ්‍ය බවට ඉරාන න්‍යෂ්ටික වැඩසටහන් ප්‍රධානී මොහමඩ් එස්ලාම් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය වෙත ලිඛිත දැනුම් දීමක්ද මේ වනවිට සිදුකර ඇත. අමෙරිකානු ප්‍රහාරය හෙළා දකින ලෙසද එහි ඉරානය ඉල්ලා ඇති බව සඳහන්. මේ අතර අමෙරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ලකළ ප්‍රහාර හේතුවෙන් විකිරණ මට්ටමේ වැඩිවීමක් සිදුව නොමැති බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය තහවුරු කර තිබේ.

Read More

සමාජ මාධ්‍ය ඔස්සේ යුද හමුදාව සම්බන්ධව පැතිර යන කරුණු සම්බන්ධව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වන එම තොරතුරු සාවද්‍ය වන බවය. තවද සිවිල් සමාජය තුළ යුද හමුදාව අපකීර්තියට ලක් කිරීම සඳහා යම් යම් මාධ්‍ය, සමාජ මාධ්‍ය ජාලා විසින් කටයුතු කර ඇති බවද යුද හමුදාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ. ඒ අනුව කූට ලියකියවිලි මගින් ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව වංචාකාරි ලෙස නිලධාරින් කිහිප දෙනෙකු පෞද්ගලික හේතු මත යුද හමුදාවෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවට පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය වන බවය. යුද හමුදාව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්, සමාජ මාධ්‍ය…

Read More

ගුරු හිඟයට පිළියමක් ලෙස ඉදිරි මාස 6 තුළ ඉගැනුම් පරතරය අවම කර ගැනීම සඳහා ඩිජිටල් ඉගැනුම් ක්‍රම හඳුන්වාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. සියලු පාසල් ආවරණය වන පරිදි මානව සහ භෞතික සම්පත් බෙදීයාම සහතික වන ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රමවේ ද හඳුන්වා දිය යුතු අතර ඒ සඳහා බහුවිධ අංශ නියෝජනය කරන ශක්තිමත් කාර්ය සාධක බළකායක් අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරිය පවසන්නීය. කැබිනට් මණ්ඩල තීරණයක් අනුව පත්කරන ලද ඩිජිටල් අධ්‍යාපනය පර්වර්තනය සඳහා වන කාර්ය සාධන බළකායේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. අධ්‍යාපනය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සහ ඊට අදාළ අභියෝග මෙන්ම අවශ්‍ය…

Read More

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබේ. ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමයද ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කියුබාව, චිලී රාජ්‍යය, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් විසින් අමෙරිකාව සිදුකළ මෙම ප්‍රහාරය දැනටමත් හෙළා දැක ඇත. ප්‍රහාරය හෙළා දකිමින් එම රටවල් පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග ගැටුම භයානක ලෙස උත්සන්න කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා උත්සාහ ගත් බවත් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද බෝම්බ හෙළිම හෙළා දකින බවත්ය. මෙම ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයිද එය ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක සහිත…

Read More