Close Menu
Lanka Focus News
    What's Hot

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 2026

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»International»ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් විරෝධය
    International

    ට්‍රම්ප්ගේ ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් විරෝධය

    By LFNJune 22, 2025No Comments2 Mins Read149 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය හෙළා දකිමින් විදෙස් රටවල් කිහිපයක් හෙළා දැක තිබේ.

    ප්‍රහාරය හෙළා දකිමින් ඇතැම් රාජ්‍ය නායකයින් අනතුරු ඇඟවීමක් මෙන්ම තවත් නායකයින් සාමයද ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

    කියුබාව, චිලී රාජ්‍යය, වෙනිසියුලාව, කොලොම්බියාව, මෙක්සිකෝව ඇතුළු රටවල් කිහිපයක් විසින් අමෙරිකාව සිදුකළ මෙම ප්‍රහාරය දැනටමත් හෙළා දැක ඇත.

    ප්‍රහාරය හෙළා දකිමින් එම රටවල් පෙන්වා දී ඇත්තේ මැදපෙරදිග ගැටුම භයානක ලෙස උත්සන්න කිරීමට අමෙරිකානු ජනාධිපතිවරයා උත්සාහ ගත් බවත් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපද බෝම්බ හෙළිම හෙළා දකින බවත්ය.

    මෙම ප්‍රහාර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයිද එය ආපසු හැරවිය නොහැකි ප්‍රතිවිපාක සහිත අර්බුදයකට මනුෂ්‍යත්වය ඇද දමන බවද එම රටවල් චෝදනා කර තිබේ.

    ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ට්‍රම්ප්ට අමෙරිකාවෙන්ම විරෝධයක් – කොංග්‍රස් අනුමැතියකින් තොරව ප්‍රහාර එල්ල කරලා

    මේ අතර ඉරානයට එල්ල කළ මෙම ප්‍රහාරය සම්බන්ධව අමෙරිකාව තුළද දැඩි කතා බහක් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    අමෙරිකාවේ ඇතැම් ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති අතර ඔවුන් චෝදනා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපතිවරයා කොංග්‍රස් අනුමැතියකින් තොරව මෙම ප්‍රහාර සිදු කර ඇති බවය.

    කොංග්‍රස් සභික ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ පවසා ඇත්තේ මෙය අමෙරිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ කොංග්‍රස් යුද බලතල බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන බවත් දෝෂාභියෝගයකට සම්පූර්ණයෙන්ම සහ පැහැදිලි හේතුවක් ද වන බවය‍.

    තවද අමෙරිකානු ජනාධිපතිවරයා අවේගශීලිව අමෙරිකාව පරම්පරා ගණනාවක් උගුලට හසුකර ගත හැකි යුද්ධයක් දියත් කිරීමේ අවදානමක් ගෙන ඇති බවද ඇය සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

    එමෙන්ම ට්‍රම්ප් ප්‍රහාරයට පෙර කොංග්‍රස් මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත යුතු වුවද කිසිදු අනුමැතියකින් තොරව සිදුකළ මෙම ප්‍රහාරය මැදපෙරදිග යුද්ධයකට අමෙරිකාව ඇද දැමූ බවද ඇය චෝදනා කර ඇත.

    මේ අතර අමෙරිකානු කොංග්‍රස් සභික රෂිඩා ට්ලයිබ් ද අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට්‍රම්ප් විසින් උල්ලංඝනය කර ඇති බවත් මේ සම්බන්ධව වහාම මැදිහත් වන ලෙසත් කොංග්‍රසයෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.

    එමෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයද මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ එක්සත් ජනපදය අනවශ්‍ය ගැටුමකට ඇද නොදැමීම සඳහා කොංග්‍රසය ඉදිරියට ගොස් ට්‍රම්ප්ගේ අරමුණු සහ සැලසුම් පැහැදිලි කළ යුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    පේරු රාජ්‍යයේ සංචාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් 13ක් ජීවිතක්ෂයට

    August 2, 2026

    අමෙරිකා – ඊශ්‍රායල තර්ජන හමුවේ ඉරානය චීනයෙන් දැවැන්ත මිසයිල මිලදී ගැනීමක්

    July 29, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,470 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,422 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,627 Views
    Don't Miss

    ප්‍රදේශ කිහිපයකට මි.මී.100 ඉක්මවූ වැසි

    September 21, 202605 Views

    දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය…

    අද මි.මී. 100ට වැඩි තද වැසි

    September 20, 2026

    දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල අද සිට වැසි වැඩි වෙයි

    September 19, 2026

    පාකිස්තාන රජයෙන් දැඩි වියදම් කප්පාදුවක්

    September 18, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.