Author: LFN
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ස.තො.ස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව අද (23) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගැනුණි. කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ මෙම නඩුව විභාගයට ගැනුණි. එහිදී අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් කටයුතු කළ ඒ.එම්. විජේරත්න මහතාගෙන් විත්තියේ නීතිඥවරු විසින් හරස් ප්‍රශ්න වීමසීම සිදුකළේය. ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය ජුලි 30 වනදා දක්වා කල් දැමූ විනිසුරුවරිය එදින සාක්ෂිකරුවෙකුට අධිකරණයේ පෙනී සිටින දෙස දන්වා සිතාසි නිකුත් කරන…
ගතවූ මාස 5ක කාලය තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ටොන් 2කට ආසන්න ප්‍රමාණයක් නීතියේ රැහැනට හසුකර ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ එළැඹෙන 26 වන දිනට යෙදෙන මත්ද්‍රව්‍ය විරෝධී දිනය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා, නව රජයට බලයට පත්වූ 2024.09.23 වන දින සිට අද දක්වා සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් ද අදහස් දැක්වීය. ඒ අනුව මේ දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 1,253ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,121ක්, ගංජා කිලෝග්‍රෑම් 12,439ක්, කොකේන් කිලෝග්‍රෑම් 22ක්, මත්පෙති ලක්ෂ 16ක් සහ ටැබ්ලට්…
වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සඳහා හෙට දින පැවත්වීමට නියමිත සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අදාළ ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක සමන්ත මුණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය. ඉන් අනතුරුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා පෙත්සම යළි ජූලි මස 16 වනදා කැඳවන ලෙසත් නියම කළ බව වාර්තාවේ. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සමන් ගලප්පත්ති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ප්‍රාදේශීය සභාවේ එක් එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව…
පවතින යුදමය තත්ත්වය හමුවේ තෙල් සම්බන්ධයෙන් ඉදිරියේදී අර්බුදකරී වතාවරණයක් පැන නැගුණහොත් ඊට අවශ්‍ය පිළියම් යෙදීමට සැලසුම් කරමින් සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය වසාදැමීමට ඉරානය උත්හාස කරමින් සිටින පසුබිමක මැදපෙරදිග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ඉහළගොස් තිබේ. අමෙරිකාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු ගෝලීය ඉන්ධන ප්‍රවාහනයේ මර්මස්ථානයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය උත්සාහ කරමින් සිටී. එම තත්ත්වයත් සමග මතුව ඇති අස්ථාරවත්වය හමුවේ ගෝලීය ඉන්ධන මිල ද ගණන් අද ඉහළ ගොස් තිබුණි. මේ අනුව සියයට 3ක මිල ඉහළයාමත් සමග බ්‍රෙන්ට් වෙළෙඳපොළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 79ක් ආසන්නයේ සටහන් වුණි. විශ්ලේෂකයින් පුරෝකථනය…
හිටපු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය ඒ බව සඳහන් කර ඇත. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාව සිටි මහින්ද සිරිවර්ධන මහතා පසුගිය දා එම ධූරයට සමුදුන් අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) විකල්ප විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස වැඩභාර ගැනීමට නියමිතය. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වත්මන් රජයේ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළේය. මහින්ද සිරිවර්ධන මහතාගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරය පිරවීම වෙනුවෙන් සූරියප්පෙරුම මහතා පසුගිය සතියේ දී සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී තිබුණි.
මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි මහතා තේරී පත්ව තිබේ. ඒ ඡන්ද 12ක් හිමිකර ගනිමින්ය. උප සභාපතිවරයා ලෙස ලෙස කම්කරු කොංග්‍රසය නියෝජනය කළ එම්. මෝගන් මහතා නිතරගයෙන් තේරී පත්ව ඇත. මාතලේ මහ නගර සභාවේ බහුතර බලය කිසිදු පක්ෂයට හිමි නොවීම හේතුවෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයෙකු හා උප නගරාධිපතිවරයෙකුත් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම මාතලේ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (23) පැවැත්විය. ඡන්ද විමසීම ආරම්භ වී සුළු වේලාවකින් පසු සමගි ජන බලවේගය ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය වර්ජනය කර රැස්වීම් ශාලාවෙන් පිටව ගොස් තිබේ. ඉන් අනතුරුව සභාවේ…
පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට වැඩි බහුතරයක් හිමි හම්බන්තොට මහ නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරය ලබා ගැනීමටත් අද (23) සමගි ජන බලවේගයට හැකි වුණි. හම්බන්තොට නගර සභාවේ මංගල සැසිවාරය අද පැවැත්වුණි. එහිදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ඩී.ඒ. ගාමිණි මහතා හම්බන්තොට නගර සභාවේ අභිනව නගරාධිපතිවරයා ලෙස වැඩි ඡන්දයෙන් තෝරා පත්කර ගැණුනි.
ජාතික පාසල්වල ගුරුවරුන්ගේ ජුනි මාසයට අදාළ වැටුප අද (23) දහවල් 12ට පෙර නොලැබුණහොත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය පවසයි. එහි සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමි සඳහන් කළේ, සෑම මසකම 20 වැනි දින ගුරුවරුන්ගේ මාසික වැටුප ලබාදීම සිදුවුව ද ජුනි මාසයේ වැටුප මෙතෙක් ලැබී නොමැති බවය. පසුගිය මාසයේ ද ගුරුවරුන්ගේ වැටුප් ලබාදීම ප්‍රමාද වූ අතර ඊට හේතුව කුමක්ද යන්න සොයා බැලිය යුතු බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය. “මේ 20 වෙනිදා වැටුප් ගෙවීමට අදාළ බැංකුවලට අවශ්‍ය උපදෙස් ලබාදීලා නෑ. ගුරුවරුන්ගේ වැටුප් ගෙවන්නේ කලාප අධ්‍යාපන කාර්යාල හරහා. එයට අවශ්‍ය උපදෙස් ලැබී නෑ.…
පොල් වගාවට හානිකරන සුදු මැස්සා ඇතුළු පළිබෝධකයින් මර්දනය කිරීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය “පොල් දෙසතිය” නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. එහි පළමු අදියර ලබන මස 14 වනදා යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට නියමිත බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවසුවේය. “සියලුම දිස්ත්‍රික්කවල අපි තීන්දු කරලා තියෙනවා දැන් පොල් දෙසතිය කියලා තීන්දු කරලා ක්ෂණික වැඩිපිළිවෙලක් විදියට ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ජූලි 14 වන දා ඒක ක්‍රියාත්මක කරනවා. යාපනයෙන් අපි පටන් ගන්නවා. විශේෂයෙන් සුදු මැස්සාට විසඳුමක් ලෙස යාපනය දිස්ත්‍රික්කයේ සියලුම පොල් ගස් වතුර ස්ප්‍රේ කරලා හෝදලා දානවා. මේක ලොකු වැඩක්. නමුත් ඒ සඳහා අවශ්‍ය පිරිස් බලය…
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව දැඩිව අවදානමකට ලක්විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව “ලොව පුරා අනතුරු ඇඟවීමක්” නිකුත් කර තිබේ. ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස මැදපෙරදිග හරහා ගමන් කිරීමට බාධා ඇති වී ඇති අතර වරින් වර ගුවන් අවකාශය වසා දමා තිබෙන බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අනතුරු ඇඟවීමේ සඳහන්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එමෙන්ම එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහිව විරෝධතා ඇතිවීමේ හැකියාවක් පවතින බවත් එබැවින් ලොව පුරා සිටින එක්සත් ජනපද පුරවැසියන්ට දැඩිව ප්‍රවේසම් වන ලෙසද රාජ්‍ය දෙපාර්තමේන්තුව උපදෙස් ලබා දී තිබේ.