Close Menu
Lanka Focus News
    What's Hot

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාතලේ මහ නගර සභාවේ බලයත් මාලිමාවට
    Featured

    මාතලේ මහ නගර සභාවේ බලයත් මාලිමාවට

    By LFNJune 23, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතලේ මහ නගර සභාවේ නගරාධිපති ලෙස ජාතික ජන බලවේගය නියෝජනය කළ අශෝක කොට්ටහච්චි මහතා තේරී පත්ව තිබේ.

    ඒ ඡන්ද 12ක් හිමිකර ගනිමින්ය.

    උප සභාපතිවරයා ලෙස ලෙස කම්කරු කොංග්‍රසය නියෝජනය කළ එම්. මෝගන් මහතා නිතරගයෙන් තේරී පත්ව ඇත.

    මාතලේ මහ නගර සභාවේ බහුතර බලය කිසිදු පක්ෂයට හිමි නොවීම හේතුවෙන් මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ සහභාගීත්වයෙන් නගරාධිපතිවරයෙකු හා උප නගරාධිපතිවරයෙකුත් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම මාතලේ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී අද (23) පැවැත්විය.

    ඡන්ද විමසීම ආරම්භ වී සුළු වේලාවකින් පසු සමගි ජන බලවේගය ඇතුළු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු ඡන්දය වර්ජනය කර රැස්වීම් ශාලාවෙන් පිටව ගොස් තිබේ.

    ඉන් අනතුරුව සභාවේ ඝණ පූර්ණය සිටින බැවින් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් ඡන්දය පැවැත්වා ඇත.

    එහිදී නගරාධිපති හා උප නගරාධිපති තෝරා පත් කර ගැනීම සිදුවූ බව ‘අද දෙරණ’ වාර්තාකරු පැවසීය.

    සභාව වර්ජනය කළ මන්ත්‍රී කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ, පළාත් පාලන පනතට පටහැනිව සභික ධූරයක් දැරීමට නොහැකි මන්ත්‍රීවරියක් සභාවේ සිටින බැවින් ඇයට විරුද්ධව ඔවුන් සභාවෙන් පිටව යන බවත් මෙම ඡන්ද විමසීම නීතිවිරෝධී බවත්ය.

    පළාත් පාලන ඡන්ද විමසීමේදී මාතලේ මහ නගර සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ආසන 10ක් හිමිව තිබුණි.

    මීට අමතරව, සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 06ක්, කම්කරු කොංග්‍රසයට මන්ත්‍රී ආසන 02ක්, එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ආසනයක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසනයක්, සර්වජන බලය පක්ෂයට මන්ත්‍රී ආසනයක් සහ එක්සත් ජාතික සන්ධානයට මන්ත්‍රී ආසනයක් ලෙස පළාත් පාලන ඡන්ද විමසීමේදී ජයග්‍රහණය කර තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 202607 Views

    භාණ්ඩ ආනයනය කිරීමකින් තොරව ව්‍යාජ ආයතන හරහා අමෙරිකානු ඩො.මි. 25ක් (රු:බි:7.5) විදේශ ගිණුම් වෙත බැර…

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026

    ලබන වසරේ 6ට එන අලුත් විෂයන් ගැන අගමැතිනියගෙන් අනාවරණයක්

    October 5, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.