Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ස්වයං මාර්ගයෙන් විදෙස් රැකියාවට යන්නන්ට නව නීතියක්
    Featured

    ස්වයං මාර්ගයෙන් විදෙස් රැකියාවට යන්නන්ට නව නීතියක්

    By LFNJune 23, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමේදී සිදුකෙරෙන ක්‍රමවේදයේ නව සංශෝධනයක් සිදුකරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    මෙහිදී ස්වයං මාර්ගයෙන් විදේශ රැකියාවක් සඳහා යොමුවීමට බලාපොරොත්තු වන පුද්ගලයා කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර, එම ශ්‍රමිකයා ගෙන්වාගැනීමට බලාපොරොත්තු වන විදේශ රටෙහි සිටින සේවා යෝජකයා විසින් එම රටෙහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අවශ්‍ය ලිපි ලේඛන ඉදිරිපත් කිරීම මගින් රැකියා ගිවිසුම සහතික කරගැනීම අනිවාර්ය බවද නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ දැනුම් දී තිබේ.

    එමෙන්ම, මේ සඳහා ඩොලර් 60ක මුදලක් අයකෙරෙන බවද කාර්යාංශ පවසයි.

    පළමු අදියරේදී මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශ ක්‍රියාත්මක වන රටවල් 13ක තානාපති සේවා සැපයෙන අංශ 15ක් සඳහා පමණක් වන බව ද එම නීතිය 2025 ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වන බව ද කෝශල වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.

    තවද මෙම නීතිය ක්‍රියාත්මක වන්නේ වෘත්තීය කාණ්ඩයේ නොවන රැකියාවන් සඳහා වන අතර, වෘත්තීය රැකියාවන්ට අයත් වන්නේ කුමන රැකියා කාණ්ඩද යන වග ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවියෙහි (www.slbfe.lk) ලැයිස්තුගත කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

    නමුත් අදාළ රටේ තානාපති කාර්යාලය මගින් සේවා ගිවිසුම සහතික කරගැනීමේ අවශ්‍යතාවයෙන් නිදහස් වීම සඳහා, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී තම වෘත්තීයභාවය සනාථ කිරීමට අවශ්‍ය ලියවිලි ඉදිරිපත් කිරීම හෝ තම විදේශ ගමන් බලපත්‍රයේ වෘත්තිය සඳහන්ව තිබීම අත්‍යවශ්‍ය වේ.

    ස්වයං මාර්ගයෙන් රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රී ලාංකිකයන් විවිධ අතරමැදි පුද්ගලයන්ගේ අකටයුතුකම් හා වංචාවන්ට හසුවීම් වාර්තාවී ඇති බවත්, විගමනික ශ්‍රමිකයාට නිශ්චිත රැකියා ගිවිසුමක් සහිත, නිසි වැටුපකට, නිසි කාලයකදී ගිවිසුම අවසන් කර නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය මාර්ග සකසාදීම ජාතික කර්තව්‍යයක් වශයෙන් සළකා, රැකියා සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

    මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කම්කරු අංශ ක්‍රියාත්මක වන රටවල් 13 සඳහා පමණක් 2025 ජූලි 1 දින සිට ක්‍රියාත්මක කළ ද එම ක්‍රමවේදයේ සාර්ථකත්වය මත ඉදිරියේදී අනෙකුත් රටවලද සාර්ථකව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.