Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්
    Featured

    දේශපාලනඥයන් 28කගේ වත්කම් ගැන විමර්ශනයක්

    By LFNJune 20, 2025No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පැවැති ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනෙකුගේ වත්කම් පිළිබඳව, නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    අදාළ පුද්ගලයන් අයථා ලෙස ඉපැයූ බව කියන මුදල් යොදවා අදාළ දේපොළ මිලදීගෙන ඇති බවට ලද පැමිණිලිවලට අදාළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

    ඒ අනුව නාමල් රාජපක්ෂ, මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, කංචන විජේසේකර, සාගල රත්නායක, ජානක තිසකුට්ටි ආරච්චි, වජිර අබේවර්ධන, මහීපාල හේරත්, අනුර ප්‍රියදර්ශන යාපා, මනූෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ්, තුෂාර සංජීව පතිරණ, හර්ෂණ රාජකරුණා, ශානක්‍ය රාසමානික්‍යම්, ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හා ශාන්ත අබේසේකර යන අයගේ නම්ද අදාළ විමර්ශනයේ ඇතුළත්ව ඇති බව සඳහන්.

    ඔවුන්ව ඉදිරියේදී අදාළ ඒකකයට ගෙන්වා ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවයි වාර්තා වේ.

    මේ අතර හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ දේපළ සම්බන්ධයෙන් ද නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

    අදාළ විමර්ශනයේදී යම්කිසිවෙකු අයථා ලෙස මුදල් උපයාගෙන ඇති දේපළ මිලදීගෙන ඇති බවට හෙළි වුවහොත්, ඒවා පවරාගෙන අවශ්‍ය අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව උසස් නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.