Author: LFN
වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජය මඟින් කමිටුවක් පත්කර තිබේ. වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට ,කෘෂිකර්මාන්තයට හා වැවිලි ක්ෂේත්‍රයට සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම මෙම කමිටුවේ ප්‍රධාන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත වේ. ඊයේ එහි පළමු හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම, ඊට අවශ්‍ය මානව, භෞතික හා මූල්‍ය සම්පත් ලබා දීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදුකිරීමට නියමිතය. මෙහිදී…
ඊශ්‍රායලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ට ඕනෑම අවස්තාවක එරටින් පිටවීම සඳහා පහසුකම් සැලසීමට සුදානම් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, ඊයේ (19) දිනයේ පමණක් සිව්දෙනෙකු ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පහසුකම් සැලසූ අතර ඊශ්‍රායලයේ නිවාඩු දින වන අද (20) සහ හෙට (21) තානාපති කාර්යාලය විවෘතව පවතින බවය. “ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්න අය අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. යුද්ධය ආරම්භ වූ ජූනි 14 වන දා සිට යම් අයෙකුගේ වීසා කාලය කල් ඉකුත් වෙලා තියෙනවා නම් ඔවුන්ට නැවතත් ජාත්‍යන්තර ගුවන්ගමන් ආරම්භ කළ විට ගුවන් සමාගම්වලට දැනුම්දෙන බව දැනුම්දීලා තියෙනවා අපිට. ඒ නිසා වීසා කල්…
මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් මියගොස් ඇති බව රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද (19) සවස ආරම්භ කිරීමට නියමිතව තිබූ බේරුවල නගර සභාවේ සභාව පිහිටුවීම තාවකාලිකව නවතා දමා ඇති බව බේරුවල නගර සභා සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පවසයි. අද දින සභාව පිහිටුවීම බස්නාහිර පළාත් නාගරික කොමසාරි යටතේ සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබුණද බේරුවල නගර සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් 6 දෙනාගෙන් 4 දෙනෙකුට ඒ බව දන්වා එවන ලිපිය නොලැබීම නිසා සමගි ජන බලවේගයේ එම මන්ත්‍රීවරුන් 4දෙනා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව අභියාචනාධිකරණය තීන්දු කර ඇත්තේ එම ලිපි නිසියාකාරව ලබාදී දැනුවත් කිරීමෙන් අනතුරුව නගර සභාව පිහිටුවීමට කටයුතු කරන ලෙසය. බේරුවල නගර සභාවට සමගි ජන බලවේගයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරු ඒ පිළිබඳව අදහස් දක්වමින්…
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව නවකවධය බවට මේ වනතෙක් සිදුකරන ලද මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මේ වසරේ ගතවූ මාස 6 තුළ නවකවධ සිද්ධි 30කට අධික සංඛ්‍යාවක් නවකවධ පැමිණිලි විමර්ශන අංශයට වාර්තාවී තිබේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි චරිත් දිල්ශාන් නම් සිසුවා පසුගිය අප්‍රේල් මස 29 වනදා ලිපියක් ලියා සියදිවි නසාගෙන තිබුණි. අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවකවධ පැමිණිලි විමර්ශන අංශය මගින් ආරම්භ කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ සිදුවීමට සම්බන්ධ බවට සැකකෙරෙන එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අදාළ සිදුවීම පිළිබඳව විමර්ශන නිලධාරීන් විසින්…
සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ තෙවන ශතකය රැස්කිරීමට පැතුම් නිස්සංක මීට සුළු වේලාවකට පෙර සමත් විය. ශ්‍රී ලංකාව හා සංචාරක බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි. හයේ පහරක් හා හතරේ පහර 13ක් එල්ලකර ඇති පැතුම්, මේ වනවිට පැතුම් පන්දු 138කට මුහුණදෙමින් ලකුණු 101ක් ලබා සිටියි. පැතුම් සමගින් කඩුලේ රැඳී සිටින දිනේෂ් චන්දිමාල් ලකුණු 48ක් රැස්කරගෙන සිටින අතර, ඔවුන් දෙදෙනා 2වන කඩුල්ලට ලකුණු 134ක සබඳතාවක් පවත්වා ඇත. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට පන්දුවාර 44කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 181ක් රැස්කරගෙන බංග්ලාදේශ පළමු ඉනිමට වඩා තවත් ලකුණු 314ක් පසුපසින් සිටියි. බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු…
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක කාලයක් සඳහා කල්දමා තිබේ.
හයවන දිනටත් ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන නාගරික කලාපයන් ඉලක්ක කොට එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර ඊයේ (18) රාත්‍රිය මුළුල්ලේ ක්‍රියාත්මක වී තිබේ. ජනතාවට ආරක්‍ෂිත ස්ථානවලට ගමන් කරන මෙන් මෙම ප්‍රහාරවලට පෙර දැනුම් දී ඇත. එවැනි අනතුරු ඇඟවීම් තුනක් මේ දක්වා වාර්තා වී ඇති අතර ඒවා සියල්ල සම්පුර්ණයෙ විනාශ කිරීමට ඊශ්‍රායිල් ආරක්ෂක අංශ සමත් විය. පවතින යුද වාතාවරණය යටතේ ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය හෙවත් PIBA ආයතනය ඊශ්‍රායලයේ රැදීසිටින විදේශිකයන්ගේ විසා කාලය මාස තුනක් දක්වා කාලයකට සක්‍රිය කරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දැනට විසා කාලය ඉකුත්වන් සියලු දෙනාට මෙම සහනය හිමිවේ. එම විසා කාණ්ඩයන් මෙසේය. B/1 – සාමාන්‍ය රැකියා වීසා…
අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබේ. පසුගිය 13 වනදා සිට අයහපත් කාලගුණය හේතුවෙන් මගී ප්‍රවාහන නවතා දමා තිබුණි. 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට සුබම් සමාගමට අයත් සිවගංගෙයි නම් නෞකාව විසින් සෙනසුරාදා දිනය හැර අනෙක් සෑම දිනයකදීම මෙම මගී ප්‍රවාහන කටයුතු කර තිබුණි. පසුගිය 13 වනදා තමිල්නාඩුවේ සිට මෙරටට 95 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර 108 කන්කසන්තුරේ සිට තමිල්නාඩුවට ගොස් තිබේ.