Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ලබා දී ඇති උපදෙස් යාවත්කාලින වෙයි
    Featured

    ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ලබා දී ඇති උපදෙස් යාවත්කාලින වෙයි

    By LFNJune 19, 2025No Comments3 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හයවන දිනටත් ඉරානය විසින් ඊශ්‍රායලයේ ප්‍රධාන නාගරික කලාපයන් ඉලක්ක කොට එල්ල කරන බැලස්ටික් මිසයිල ප්‍රහාර ඊයේ (18) රාත්‍රිය මුළුල්ලේ ක්‍රියාත්මක වී තිබේ.

    ජනතාවට ආරක්‍ෂිත ස්ථානවලට ගමන් කරන මෙන් මෙම ප්‍රහාරවලට පෙර දැනුම් දී ඇත.

    එවැනි අනතුරු ඇඟවීම් තුනක් මේ දක්වා වාර්තා වී ඇති අතර ඒවා සියල්ල සම්පුර්ණයෙ විනාශ කිරීමට ඊශ්‍රායිල් ආරක්ෂක අංශ සමත් විය.

    පවතින යුද වාතාවරණය යටතේ ඊශ්‍රායලයේ ආගමන හා විගමන ආයතනය හෙවත් PIBA ආයතනය ඊශ්‍රායලයේ රැදීසිටින විදේශිකයන්ගේ විසා කාලය මාස තුනක් දක්වා කාලයකට සක්‍රිය කරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව දැනට විසා කාලය ඉකුත්වන් සියලු දෙනාට මෙම සහනය හිමිවේ.

    එම විසා කාණ්ඩයන් මෙසේය.

    B/1 – සාමාන්‍ය රැකියා වීසා
    B/2 – සංචාරක වීසා
    B/4 – ස්වේච්ඡා වීසා
    A/1 – තාවකාලික නේවාසික වීසා
    A/2 – ශිෂ්‍ය වීසා (කෘෂිකාර්මික අභ්‍යාසලාභීන් හැර)
    A/3 – පූජක/ආගමික වීසා
    A/4 – සහකාර ( Companion)වීසා
    A/5 – තාවකාලික නේවාසික වීසා
    DCL බලපත්‍රය – පවුල් නැවත එක්වීම් සහ මානුෂීය කටයුතු සඳහා අදාල වීසා

    දැනට ශ්‍රී ලංකාවට ගොස් සිටින 119 දෙනෙකු ඉක්මනින් ඊශ්‍රායලයට පැමිණීමට අවශ්‍ය බව දන්වා තිබේ.

    එහෙත් ශ්‍රී ලංකා රජය හා විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්යංශය විසින් ගන්නා ලද ප්‍රතිප[ත්ති තීරණය මත ඔවුන් ඊශ්‍රායලයට එවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

    PIBA ආයතනයට අප තානාපති කාර්යාලය කරන ලද ඉල්ලීමට පිළිතුරු දෙමින් ඔවුන් පැවසුවේ දැනට RE-ENTRY විසා මත ශ්‍රී ලංකාවට ගොස් සිටින අයගේ RE-ENTRY විසා කාලය ගුවන් ගමන් ආරම්භ වූ වහාම දික් කරන බවත්, යුද්ධය පටන්ගත් දින සිට RE-ENTRY විසා කල් ඉකුත් වූ පිරිසට නැවත ඊශ්‍රායලයට පැමිණීමට එය බාධාවක් නොවන බවත්ය.

    දැනට ශ්‍රී ලංකාවට ගොස් ඇති පිරිස සඳහා වන වීසා කාලය (REENTRY) දීර්ඝ කිරීමේ ක්‍රියාවලියේ දී ඔවුනට සෑම විටම උපකාර කිරීමට තානාපති කාර්යාලය කටයුතු කරනු ඇත.

    යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ සිව් දෙනාගෙන් දෙදෙනෙකු තවමත් ප්‍රතිකාර ගන්න අතර තානාපති කාර්යාලය දිනපතා ඔවුනගේ තොරතුරු සොයාබලන අතර පිපිරීම් හේතුවෙන් ඔවුන්ට ඇතිවූ මානසික ආතතිය අවම කිරීමට විසින් විට ශ්‍රී ලාංකිකයන කීපදෙනෙකු ඔවුන්ව හමුවීමට යොමුකොට තිබේ.

    තම දරුවාගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකාවට යාමට සිදු වූ ගාල්ල ප්‍රද්ර්ෂයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුට ඊශ්‍රායලයේ ELAIT හා ඊජිප්තුවේ TABA දේශසීමාව හරහා කයිරෝ ගුවන් තොටුපලට යාමට අවශ්‍ය පහසුකම් ලබා දුන් අතර ඊජිප්තු දේශසීමාවේ ආගමන කාර්යාලයට තානාපති නිලධාරීන් පෞද්ගලිකාවක කතා කොට ඒ සඳහා පහසුකම් සපයන ලදී. ඒ අනුව ඔහු අද දින (19/06/2025) උදෑසන 02,00 කොළඹ බලා යාමට කයිරෝ ගුවන් තොටුපළෙන් පිටත්වේ.

    වෙලදාම් කටයුතු සඳහා පැමිණි ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඊශ්‍රායලයේ සිටින අතර ඔවුන්ට ද මේ මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට නැවත යා හැකිබව දන්වන් ලදී.

    තානාපති කාර්යාලය ලබාදුන් whatsapp අංක තුනම ක්‍රියාත්මක අතර ගැටළු පවතින ශ්‍රී ලාංකිකයන් හා ඔවුන්ගේ ලංගම හිතවතුන්ට එම අංකයන් ඔස්සේ තොරතුරු ලබාගත හැක.

    තානාපති කාර්යාලය සති අන්තයේ නිවාඩ දින දෙකේත් ක්‍රියාත්මකවේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.