Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්
    Featured

    වන සතුන්ගෙන් සිදුවන බෝග හානි පාලනයට විසඳුම් සෙවීමට කමිටුවක්

    By LFNJune 20, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වන සතුන්ගෙන් සිදුවන කෘෂිකාර්මික හානි පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් සිදුකර කෙටි, මධ්‍යම සහ දිගු කාලීන විසඳුම් සෙවීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජය මඟින් කමිටුවක් පත්කර තිබේ.

    වන ජීවීන්ගෙන් ආහාර නිෂ්පාදනයට ,කෘෂිකර්මාන්තයට හා වැවිලි ක්ෂේත්‍රයට සිදුවන හානිය විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළමනාකරණය හා පාලනය සඳහා තිරසර විසඳුම් සෙවීම මෙම කමිටුවේ ප්‍රධාන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව රජයේ නිලධාරින්ගෙන් සහ විද්වතුන්ගෙන් සමන්විත වේ.

    ඊයේ එහි පළමු හමුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අතර ජාතික ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය මෙන්ම, ඊට අවශ්‍ය මානව, භෞතික හා මූල්‍ය සම්පත් ලබා දීම කමිටුවේ සම්බන්ධීකරණයෙන් සිදුකිරීමට නියමිතය.

    මෙහිදී අවධාරණය කෙරුණේ, වනජීවීන් ස්වභාවධර්මයේ කොටසක් ලෙස සලකා තීරණ ගැනීම වඩාත් සුදුසු ක්‍රමවේදය මෙන්ම වන ජීවීන්ට වනාන්තරය සඳහා වන අයිතිය පිළිගනිමින් විසඳුම් සකස් කළ යුතු බවය.

    ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්ක සඳහා කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.

    විද්වතුන්, පරිසරවේදීන්, වන සත්ව විශේෂඥයන්, නිලධාරීන් මෙන්ම වනජීවීන්ගෙන් පීඩාවට පත්ව සිටින මහජනතාව ආදී සියලු පාර්ශවයන්ගෙන් මේ සඳහා අදහස් ලබාගැනීම වැදගත් බව මෙහිදී තීරණය වී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.