Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බහුතරය නොතිබූ පළාත් පාලන ආයතන කිහිපයක බලය තීන්දුයි
    Featured

    බහුතරය නොතිබූ පළාත් පාලන ආයතන කිහිපයක බලය තීන්දුයි

    By LFNJune 17, 2025No Comments3 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කිසිදු පක්ෂයකට හෝ පාර්ශ්වයකට බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීම ඊයේ මෙන්ම අදත් සිදුකෙරුණි.

    ඉකුත් ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට හෝ පාර්ශ්වයකට බහුතරය හිමිනොවූ කුරුණෑගල මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය අද සමත් වුණා.

    ඒ, නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වයඹ පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද සභාව රැස්වූ අවස්ථාවේදී පැවති රහස් ඡන්ද විමසීමේදීය.

    සභිකයින් විසි 22 දෙනෙකුගෙන් සමන්විත එහි සභික ධුර 10ක් ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

    සමගි ජන බලෙවේගයට සභිකයින් පස් දෙනෙකු ඇතුළුව විපක්ෂයට හිමිව ඇති සභික ධුර සංඛ්‍යාව 12කි.

    ඒ අනුව ජාතික ජන බලවේගයෙන් නගරාධිපති ධුරය සඳහා ආනන්ද සහබන්දු මහතාගේ නමත්, සමගි ජන බලවේගයෙන් සුමේධ අරුණ ශාන්ත මහතාගේ නමත් යෝජනා කෙරුණි.

    ඒ සඳහා රහස් ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට ඡන්ද 12ක් හිමි වූ අතර, සමගි ජන බලවේගයේ අපේක්ෂකයාට හිමිවූයේ ඡන්ද 10ක් පමණි.

    ඉකුත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයකට බහුතරය හිමිනොවූ ගලේවෙල ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම ඊයේ මධ්‍යම පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහාය.

    සභිකයින් 29 දෙනෙකුගෙන් සමන්විත ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයට හිමිවූ සභික ධුර ගණන 14කි.

    සමගි ජන බලවේගයෙන් සභිකයින් 07 දෙනෙකුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සහ එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයින් 03 දෙනා බැගින් 06 දෙනෙකුත් තේරී පත්ව තිබුණි.

    සර්වජන බලයට සහ ඇපල් ගෙඩිය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායම් අංක 01ට එක් සභික ධුරය බැගින් හිමිව තිබුණි.

    සභාපතිවරයා තෝරා ගැනීම සඳහා විවෘත ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ඉන්දික කරුණාරත්න මහතාට ඡන්ද 15ක් ලැබුණු අතර, විපක්ෂයෙන් ඉදිරිපත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ එම්.පී.ආර්.ජයතිලක මහතාට ලැබී තිබුණේ ඡන්ද 13ක් පමණි.

    සභාපතිවරයා තෝරා පත්කර ගැනීමේදී එක් සභිකයෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටි අතර, ඇපල් ගෙඩියෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමේ සභිකයාගේ ඡන්දය ජාතික ජන බලවේගයට හිමිව තිබුණි.

    අනතුරුව උප සභාපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය යෝජනා කළ ඇපල් ගෙඩිය ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායම් සභිකයා වූ මොහොමදු මකීම් මහතා ජයග්‍රහණය කළේය.

    මේ අතර, වවුනියාව දකුණ සිංහල ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයටත්, උප සභාපති ධුරය නිතරගයෙන් සමගි ජන බලවේගයටත් ඊයේ හිමිවුණි.

    සභිකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සභාවට ජාතික ජන බලවේගයෙන් සභිකයින් 07 දෙනෙකු තේරීපත්ව තිබූ අතර, සමගි ජන බලවේගයෙන් සභිකයින් 04 දෙනෙකු තේරී පත්ව තිබුණි.

    සභාපතිවරයා තෝරා ගැනීම සඳහා උතුරු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් සභාව ඊයේ රැස්වුණි.

    එහිදී සභාපති ධුරයට ජාතික ජන බලවේගයේ සුදර්ශන චාමර වීරකෝන් මහතාගේ සහ ස්වාධීන කණ්ඩායම් අංක දෙක යටතේ තරග කළ කසුන් බණ්ඩාර අලගල්ල මහතාගේ නම් යෝජනා වුණි.

    එහිදී ඡන්ද 12ක් ලබාගත් ජාතික ජන බලවේගයේ සුදර්ශන චාමර වීරකෝන් සභාපතිවරයා ලෙස තේරී පත්වූ අතර, කසුන් බණ්ඩාර අලගල්ල මහතාට හිමිවූයේ ඡන්ද 05ක් පමණි.

    අනතුරුව උප සභාපති ධුරයට සමගි ජන බලවේගයෙන් ගුණපාලගේ සරත් මධූ මහතාගේ නම යෝජනා කළ අතර, ජාතික ජන බලවේගය ඔහුගේ නම ස්ථිර කිරීම විශේෂත්වයක් වුණි.

    මේ අතර, කිසිදු පාර්ශ්වයකට බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වූ වව්නියාව මහ නගර සභාවේ බලය ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයට ඊයේ හිමිවුණි.

    උතුරු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් නගරාධිපතිවරයා තෝරා ගැනීමට ඊයේ එම සභාව රැස්වූ අතර, එහිදී ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානයෙන් සුන්දරලිංගම් කාර්තීපන් මහතා සහ ජාතික ජන බලවේගයෙන් සිවසෝදි ශිවශංකර් මහතා ඉදිරිපත් වුණි.

    අනතුරුව පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 11ක් ලබාගත් සුන්දරලිංගම් කාර්තීපන් මහතා නගරාධිපතිවරයා ලෙස තේරී පත්වුණි.

    මේ අතර, අද පැවති සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත්කර ගැනීමට රහස් ඡන්දයක්ද, නැතහොත් විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න විමසීමේදී සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් තිබුණි.

    ඒ, රහස් ඡන්දයක් පැවැත්වීමට විරෝධය පළ කරමින්ය.

    ඒ අනුව සභාවේ ඝන පූරණය නොමැතිවීම හේතුවෙන් සභාව විනාඩි 30කට කල් තැබීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කළේය.

    මේ අතර, ඊයේ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වූ ජාතික ජන බලවේගයේ අබ්‍දුල් සත්තාර් මොහොමදු රික්කාස් මහතා ගමන් කළ මෝටර් රථයට මදුරන්කුලිය – විරුතෝඩේ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් පහරදී තිබේ.

    එහිදී සභාපතිවරයාට පහරදීමක් සිදුව ඇති අතර, ඒ පිළිබඳ මදුරන්කුලිය පොලීසියට පැමිණිලි කිරීමට ඔහු කටයුතු කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026010 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.