Author: LFN
ඇලස්කාවේ ඇලූටියන් දූපත් දාමයට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞව්කාවක් ගිනිගැනීමට ලක්ව තිබේ. මෙම නෞව්කාව මගින් මෙක්සිකොව වෙත විදුලි මෝටර් රථ (Electric Vehicles) 800ක් ඇතුළු වාහන 3,000ක් රැගෙන යමින් සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ. නෞකාවේ ඇති ගිනිනිවීමේ පද්ධතිය යොදාගනිමින් එහි කාර්ය මණ්ඩලය හදිසි ගිනිනිවීමේ ක්‍රියා පටිපාටි ආරම්භ කළත්, ඔවුන්ට ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබේ. ඒ හේතුවෙන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ 22දෙදෙනෙකු නෞකාව අතහැර ජීවිත ආරක්ෂක බෝට්ටුමගින් ඉන් ඉවත් වී තිබේ. එම කාර්ය මණ්ඩල සාමාජිකයින්ව උතුරු පැසිෆික් සාගරයේ ගමන්ගත් වෙළඳ නෞකාවක් විසින් බේරාගෙන ඇත. 2023 වර්ෂයේදී ද මේ ආකාරයෙන් ජර්මනියේ සිට සිංගප්පූරුව දක්වා විද්‍යුත් මෝටර් රථ 500යකට ආසන්න ප්‍රමානයක් සමග…
වෑන් රථයක් යතුරුපැදියක ගැටීමෙන් එම යතුරුපැදිය ඉදිරියට ඇදී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් බරපතළ අනතුරක් සිදුවී තිබේ. කුලියාපිටිය මාදම්පේ මාර්ගයේ කනදුල්ල ප්‍රදේශයේදී කුලියාපිටිය දෙස සිට මාදම්පේ දෙසට ධාවනය වූ වෑන් රථයක් එම දිසාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක මෙලෙස ගැටී තිබේ. වෑන් රථය ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදියේ ගැටී ඇත. එහිදී ඉදිරියෙන් පැමිණි බස් රථයේ ගැටීමෙන් යතුරුපැදිකරු සහ පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව යතුරුපැදිකරු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ පසුපැදිකාරිය නේවාසිකව ප්‍රතිකාර ලබෙන බවය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ බත්තුළුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු සහ බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර…
පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීන් 5කට අයත් වෘත්තීය සමිති විසින් ආරම්භ කළ වැඩවර්ජනය අද (06) දෙවන දිනටත් සිදුකරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ලේකම් චානක ධර්මවික්‍රම මහතා පවසයි. පැය 24ක මෙම වැඩවර්ජනය ඊයේ (05) උදෑසන 8ට ආරම්භ වූ අතර අද උදෑසන අවසන් කිරීමට නියමිතව තිබුණි. එහෙත් ඊයේ රැස්වූ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ විධායක සභාව තීරණය කළේ අඛණ්ඩව පැය 48ක් දක්වා වර්ජනය ක්‍රියාත්මක කීරීමට ය. උසස්වීම්, සතිඅන්ත හා නිවාඩු දින දීමනා, උපාධිධාරීන් බඳවා ගැනීම, වැටුප් හා දීමනා, විශ්‍රාම තත්ත්වයන්ට අදාළ එකඟතා නොසලකා හැරීම සහ සීමාවාසික පුහුණුව යන ගැටලු සහ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන ලෙස සඳහන් කරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරෙයි. මේ…
රාජ්‍ය සේවකයින්ට තව පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය එළැඹ ඇති බවත් එලෙස වෙනස් නොවන්නේ නම් තම රජයෙන් වෙනස් කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කෑගල්ල නිදහස් මාවතේ අද (05) පැවැති ජගත් පරිසර දින සැමරුම් උලෙළට එක් වෙමිනි. කොන්ක්‍රීට් ප්ලාස්ටික් මත විනාශයට පත් වූ පරිසරය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට සෑම දෙනාටම පුරවැසි වගකීමක් තිබෙන බවත් පරිසරය පිළිබඳ ක්ෂේත්‍රය ජාතික ඒකාග්‍රතාව ඇති කිරීමටද යොදා ගත හැකි බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය. පොදු ජාතික විඤ්ඤාණයකින් යුතුව මිහිතලය සමඟ සාමය ගොනැඟීමේ වගකීමක් අපේ පරම්පරාවට ඇති බවත් එය…
සිය නිවස තුළදීම තම පියාගේ සහෝදරිය ඝාතනය කළ පුද්ගලයකු මහබාගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මහබාගේ කෙරඟපොකුණ ප්‍රදේශයේදී පුද්ගලයෙකු 63 හැවිරිදි කාන්තාවකගේ ගෙල සිර කර මෙම ඝාතනය කර ඇත. ඒ ඊයේ (04) දහවල් 12.00ත් 1ත් අතර කාලයේදීය. ඒ පිළිබඳව මහබාගේ පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාවගේ මෘත ශරීරය ඇය පදිංචිව සිටි නිවසේ ඇඳක් යට සඟවා තිබියදී සොයාගත් බව පොලීසිය පැවසුවේය. ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණ කරගෙන තිබුණේ, අදාළ කාන්තාවගේ සහෝදරයාගේ පුත්‍රයකු මෙම ඝාතනය සිදුකර ඇති බවය. ඝාතනයෙන් පසුව 40 හැවිරිදි අදාළ සැකකරු පුත්තලම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරියගේ නිවසට පලාගොස් ඇති අතර එහිදී පොලිසිය ඔහු අත්අඩංගුවට…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක මෙරට සමාගම් කොටස් සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩ කළේ යැයි චෝදනා ලබා නිදොස් කොට නිදහස් කරන ලද හිටපු අමාත්‍ය උදය ගමන්පිල මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය අද (05) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කර තිබේ. උදය ගම්මන්පිල මහතා සිය නීතිඥවරිය මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, ඉකුත් මාර්තු මස 24 වනදා කොළඹ මහාධිකරණය විසින් තමන්ව නිදොස් කොට නිදහස් කර තිබුණද ඔහුට පනවා තිබූ විදේශ ගමන් තහනම මෙතෙක් ඉවත් කර නොමැති බවය. ඒ අනුව තම සේවාදායකයාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත්…
මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන පව පවසා රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම, අමෙරිකානු ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් එක් ලක්ෂ 91,600ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අදාළ කාන්තාවට එරෙහිව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. ඒ අනුව විමර්ශන පැවැත් වූ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි චීන ජාතික කාන්තාවක් වන අතර කොළඹ වංචා විමර්ශන කාර්යාංශය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
2020 වසරේ පැවති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ මෙරට ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව තරග පාවාදීමේ චෝදනා යටතේ අධිකරණය හමුවේ නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කළේය. එමෙන්ම තරග පාවාදීමේ චෝදනා යටතේ අපරාධ නීතිය යටතේ දකුණු ආසියාවේ ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට එරෙහිව අධිකරණයක නඩු පැවරුණු ප්‍රථම අවස්ථාව මෙය විය හැකි බවත් ඔහු සඳහන් කරයි. 2020 වසරේ නොවැම්බර් මස 21 සහ එම මස…
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි. පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.