Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නැන්දාව ඝාතනය කළ ඥාති පුතා සියල්ල වමාරයි
    Featured

    නැන්දාව ඝාතනය කළ ඥාති පුතා සියල්ල වමාරයි

    By LFNJune 5, 2025No Comments2 Mins Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය නිවස තුළදීම තම පියාගේ සහෝදරිය ඝාතනය කළ පුද්ගලයකු මහබාගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    මහබාගේ කෙරඟපොකුණ ප්‍රදේශයේදී පුද්ගලයෙකු 63 හැවිරිදි කාන්තාවකගේ ගෙල සිර කර මෙම ඝාතනය කර ඇත.

    ඒ ඊයේ (04) දහවල් 12.00ත් 1ත් අතර කාලයේදීය.

    ඒ පිළිබඳව මහබාගේ පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාවගේ මෘත ශරීරය ඇය පදිංචිව සිටි නිවසේ ඇඳක් යට සඟවා තිබියදී සොයාගත් බව පොලීසිය පැවසුවේය.

    ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණ කරගෙන තිබුණේ, අදාළ කාන්තාවගේ සහෝදරයාගේ පුත්‍රයකු මෙම ඝාතනය සිදුකර ඇති බවය.

    ඝාතනයෙන් පසුව 40 හැවිරිදි අදාළ සැකකරු පුත්තලම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරියගේ නිවසට පලාගොස් ඇති අතර එහිදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, උපායදූතයෙකු මාර්ගයෙනි.

    පසුව පොලීසිය සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කරඇත්තේ, සිය නැන්දණියගෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ණයට ගත් බවත් එය නැන්දා නැවත ඉල්ලීම හේතුවෙන් ඇති වූ අරවුලකදී ඇයගේ ගෙල සිරකර ඝාතනය කළ බවය.

    අනතුරුව දේහය නිවසෙහි වූ ඇඳක් යට සඟවා ඈ සතුව තිබූ රත්‍රං සොරකම් කර හෙට්ටිවීදියේ පිහිටි රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකටදී රුපියල් ලක්ෂ අටහමාරක් මුදලක් ලබාගත් බවත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

    තමන් අදාළ මුදල සිය බිරියගේ නිවසේ සැඟවූ බව ඇය නොදන්නා බවත් සැකකරු පොලීසිය හමුවේ පවසා ඇති බව වාර්තා වේ.

    අධික ණයබරකින් පෙළීම නිසා මෙම ඝාතනය සිදුකර මුදල් ලබාගත් බවත් සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.