Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නැන්දාව ඝාතනය කළ ඥාති පුතා සියල්ල වමාරයි
    Featured

    නැන්දාව ඝාතනය කළ ඥාති පුතා සියල්ල වමාරයි

    By LFNJune 5, 2025No Comments2 Mins Read166 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සිය නිවස තුළදීම තම පියාගේ සහෝදරිය ඝාතනය කළ පුද්ගලයකු මහබාගේ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

    මහබාගේ කෙරඟපොකුණ ප්‍රදේශයේදී පුද්ගලයෙකු 63 හැවිරිදි කාන්තාවකගේ ගෙල සිර කර මෙම ඝාතනය කර ඇත.

    ඒ ඊයේ (04) දහවල් 12.00ත් 1ත් අතර කාලයේදීය.

    ඒ පිළිබඳව මහබාගේ පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාවගේ මෘත ශරීරය ඇය පදිංචිව සිටි නිවසේ ඇඳක් යට සඟවා තිබියදී සොයාගත් බව පොලීසිය පැවසුවේය.

    ඒ අනුව විමර්ශන සිදුකළ පොලීසිය අනාවරණ කරගෙන තිබුණේ, අදාළ කාන්තාවගේ සහෝදරයාගේ පුත්‍රයකු මෙම ඝාතනය සිදුකර ඇති බවය.

    ඝාතනයෙන් පසුව 40 හැවිරිදි අදාළ සැකකරු පුත්තලම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරියගේ නිවසට පලාගොස් ඇති අතර එහිදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, උපායදූතයෙකු මාර්ගයෙනි.

    පසුව පොලීසිය සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පාපොච්ඡාරණය කරඇත්තේ, සිය නැන්දණියගෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ණයට ගත් බවත් එය නැන්දා නැවත ඉල්ලීම හේතුවෙන් ඇති වූ අරවුලකදී ඇයගේ ගෙල සිරකර ඝාතනය කළ බවය.

    අනතුරුව දේහය නිවසෙහි වූ ඇඳක් යට සඟවා ඈ සතුව තිබූ රත්‍රං සොරකම් කර හෙට්ටිවීදියේ පිහිටි රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථානයකටදී රුපියල් ලක්ෂ අටහමාරක් මුදලක් ලබාගත් බවත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ.

    තමන් අදාළ මුදල සිය බිරියගේ නිවසේ සැඟවූ බව ඇය නොදන්නා බවත් සැකකරු පොලීසිය හමුවේ පවසා ඇති බව වාර්තා වේ.

    අධික ණයබරකින් පෙළීම නිසා මෙම ඝාතනය සිදුකර මුදල් ලබාගත් බවත් සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.