Author: LFN

ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරීම සඳහා නිලධාරීන් දෙදෙනකු පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත. ඩෙංගු සහ වසංගත රෝග තත්ත්වයන් පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජගත වීම නිසා සමාජයේ අනිසි බියක් ඇතිවීම වැලැක්වීමත්, නිල නොවන අයුරින් සිදු කරන ප්‍රකාශයන් හේතුවෙන් මාධ්‍යයෙන් වැරදි අර්ථකථනයක් ඉදිරිපත් වීම වැලැක්විමත් යන කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම පත්කිරීම් සිදු කිරීමට තීරණය කර ඇත. ඒ අනුව ඩෙංගු රෝගය පිළිබඳව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මියත්, වසංගත රෝග තත්ත්වයන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත…

Read More

ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්‍යාධාර අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේද (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබෙන බවද ජනපති කාර්යාලය පවසයි. එහි එක් පියවරක් ලෙස උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම්වරු හා ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් ලබන 21 දා කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙම වැඩසටහන මඟින්, උතුරු පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය…

Read More

වාරියපොළ වැවක පාවෙමින් තිබූ මළ සිරුරක් පරීක්ෂා කිරීමට එම වැව මැදට පිහිනා ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බව වාරියපොළ පොලීසිය පවසයි. පසුව කරන ලද පරීක්ෂණවලදී නිරීක්ෂණය වී ඇත්තේ, පාවෙමින් තිබී ඇත්තේ නරක්වූ පුද්ගල මළ සිරුරක් බවය. වාරියපොළ කළුගමුව මාර්ගයේ වාරියපොළ නගරයට ආසන්නයේ පිහිටි විලාකටුපොත වැවෙහි මෙම සිදුවීම සිදුව ඇත. දියේ ගිලුණු පුද්ගලයා වැව මැදට පිහිනා ගොස් ඇත්තේ, එහි සිටි පොලිස් නිලධාරීන්ගේ උපදෙස් නොතකා බව පොලීසිය පවසයි. කෙසේ වෙතත් පසුව මළ සිරුරු දෙකම පුත්තලම නාවික හමුදා සෙබළුන් විසින් ගොඩට ගෙනවිත් තිබේ. වාරියපොළ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් සිදුකර ඇති අතර, වාරියපොළ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read More

සමසෞඛ්‍ය ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (05) දිනයේදී වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි. එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ ගැටළුව විසඳා ගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදීම අමාත්‍යවරයා විසින් මඟ හරිමින් සිටින බවය. පරිපූරක වෛද්‍ය සේවාවේ උසස්වීම් සම්බන්ධයෙන් පොරොන්දු වූ විසඳුම් මේ වනතෙක් ලබාදීමට පියවර ගෙන නොමැති බව ඔහු පැවසීය. ඒ අනුව සාකච්ඡාවකින් තොරව වර්ජන ක්‍රියාමාර්ගය අත්හැරීමට පියවර නොගන්නා බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය අවධාරණය කරයි.

Read More

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (03) අවසර ලබාදුන්නේය. ඉකුත් වසරේ ජනාධිපතිවරණය කැඳවූ දා සිට ජනාධිපතිවරණය පැවති දින දක්වා කාලසීමාව තුළ මෙන්ම ඉකුත් වසර තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළේය. මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ…

Read More

පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්‍ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ අද්විතීය හැඳුනුම්පතක් (Unique Identity Card) මෙමගින් හඳුන්වාදීමට ද නියමිත බව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 2026 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන පරිවර්තය යටතේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යයන, අනධ්‍යන සේවකයින්, දරුවන් සහ පාසල් ඇතුළු සමස්ත තොරතුරු ඇතුළත් ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මේ බව තීරණය කර තිබේ. ජාතික උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු දරුවන්ගේ සියලු දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීමට මෙහි දී යෝජනා…

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ. කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය. ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි. එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Read More

නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිදේශබන්දු තෙන්නකොන් මහතාගේ පාර්ශ්වය වෙත ලබා දීම සිදුකර තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් ක‍ළේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇති බව කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුවේදී මෙය සිදුකෙරුණු බවය. මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී රැස්වුණි. මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය…

Read More

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරා බදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම මඟින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබේ. ඉකුත් වසරේ ජනාධිපතිවරණය කැඳවූ දා සිට ජනාධිපතිවරණය පැවති දින දක්වා කාලසීමාව තුළ මෙන්ම ඉකුත් වසර තුළ නිකුත් කළ මත්පැන් බලපත්‍ර පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වත්මන් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයාට නියෝග කළ බව වාර්තාවේ. මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද…

Read More