Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
නුවරඑළිය – මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී නුවරඑළිය දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී ගොස් ඊයේ (23) රාත්‍රියේ අනතුරක් සිදුව ඇත. පොලීසිය සඳහන් කළේ, අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු ඇතුළු පුද්ගයින් 54 දෙනෙකු ගමන්කර ඇති බවයි. ඉන් රියදුරු හා කොන්දොස්තර ඇතුළු පිරිමි පුද්ගලයින් 03ක් හා කාන්තාවන් 20 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර ඇත. මෙම බස් රථයේ ගමන්ගත් පිරිස විනෝද චාරිකාවක් සඳහා කුරුණෑගල ප්‍රදේශයේ සිට බදුල්ල ප්‍රදේශයට ගොස්, නැවත ආපසු යමින් සිටයදී මෙම අනතුරට මුහුණපා තිබේ. ඔවුන් කුරුණෑගල, කිරිවවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටත් අනාවරණය වී ඇත. නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු…
කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත. අද (24) අලුයම 2.45ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන් 12 දෙනෙකු හා ටිපර් රථයේ රියදුරු තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කර තිබේ. එහිදී බරපතළ තත්ත්වයේ පසු වූ එක් මගියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැත. මෘත ශරීරය තංගල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
හෙළ සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි වාර්තා වේ. මිය යනවිට ඇය 78වන වියෙහි පසුවූවාය. 1947 අප්‍රේල් මස 30වනදා කැලණිය ප්‍රදේශයේදී වන්නි ආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා නමින් උපත ලැබූ ඇය පසු කාලීනව මාලනී ෆොන්සේකා නමින් හෙළ සිනමාව අතික්‍රමණය කරමින් ප්‍රකට විය. 1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය. 1973 වසරේදී ජනප්‍රියම රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලැබූ ඇය, හොඳම නිළිය ඇතුළුව ජනාධිපති, සරසවි, ඕ.සී.අයි.සී, සුමති වැනි…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයා වන ඇන්ජලෝ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත. සිය සමාජ මාධ්‍ය ගිණුම් සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, එළැඹෙන ජුනි මාසයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසු තමන් මෙම තීරණය ක්‍රියාත්මක කරන බවය.
සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තමන් දැරූ බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඊට අදාළ ලිපිය අද (23) පෙරවරුවේ පක්ෂ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පාර්ලිමේන්තුවේ විපක්ෂනායක කාර්යාලයේදී භාරදී ඇත.
දයාසිරි ජයසේකර මහතාගේ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තාකිරීම සඳහා කථානායක වික්‍රමරත්න මහතා විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත. අද (23) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කථානායකවරයා විසින් මේ බව පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේය. එහිදී ඔහු නිවේදනය කර සිටියේ, ඉකුත් මැයි 20වනදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කළ බවයි. ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාකිරීමට පත්කළ මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර මහත්මිය නම්කර ඇත. එහි සෙසු සාමාජිකයන් වන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක…
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි කාන්තාවකගේ ගමන් මල්ලේ තිබී සොයාගත් රන් ආලේපිත ගිනි අවිය සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය අඟහරුවාදා මෙම ගිනිඅවිය හමුවූ අතර ඒ සම්බන්ධයෙන් මේ වනවිට කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලට අදාළව අනාවරණය කරුණු අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහාය ලබාදීමට තැපැල් පෙට්ටිය ලකුණින් තරගකළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය තීරණය කර ඇත. එම පක්ෂයේ ඊයේ (22) රැස්වූ විධායක සභාව මෙම තීරණය ගත් බව පක්ෂ නායක ප්‍රභා ගනේෂන් මහතා පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා සිටියේ, විපක්ෂනායකවරයා මෙන්ම ජනාධිපතිවරයාද තම පක්ෂයට ආරාධනා කර තිබූ බවයි. කෙසේ නමුත් කොළඹ මහ නගර සභාව තුළ සිටින ජනතාවට සේවය කිරීමට තම පක්ෂයට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් වත්මන් ආණ්ඩුව සමග එක්ව එම කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමේ සිය සහයෝගය ලබාදීමට තීරණය කළ හෙතෙම පැවසීය.
වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවර ලිපි මේ වනවිට විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඊයේ (22) මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේ මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇති බවය. මෙරට ආර්ථිකය දරුණු කඩා වැටීමකට මුල පිරූ 2020 වසරේ මුල් භාගයේ සිට මෝටර් වාහන ඇතුළුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට හා සීමා පැනවීමට බලධාරීන් කටයුතු කර තිබුණි. කෙසේවෙතත් පසුගිය සමයේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙන් පසු රජය තීරණය කළේ, අදියර තුනක් යටතේ වාහන ආනයනයට යළි අවසර ලබාදීමටය. ඒ අනුව…
අද (23) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු- මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට පැ.කි.මී.…