Author: LFN
පුනරින් සහ කලවාන පොලිස් වසම්වල සිදුකළ ඝාතන දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (31) මෙම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි. දෙපිරිසක් අතර ඇතිවූ පැරණි ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ. පුනරින් පොලිස් වසමේ තම්බිරායි ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුකර තිබුණි. එලෙස මියගොස් ඇත්තේ, සෙම්මන්ගුණුඩු, පුනරින් ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර කලවාන පොලිස් වසමේ හෙට්ටිකන්ද ප්‍රදේශයේ නිවසක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ. එලෙස මියගොස් ඇත්තේ, කලවාන, නාවලකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි. මරණකරු ඉඩමක මුරකරුවෙකු ලෙස රැකියාව සිදු කරමින් තම දියණියද සමග එම ඉඩමේ කම්කරු නිවසක පදිංචිව සිට ඇත. දින කිහිපයකට…
පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයින් 10,270 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. ඇද හැළුණු අධික වර්ෂාපතනය හමුවේ මේ වන විට දිවයින පුරා පිහිටි ජලාශ කිහිපයකද වාන් දෙරටු කිහිපයක් විවෘත කර ඇති බවද ඔහු පැවසීය. මේ අතර පවතින තත්ත්වය තුළ දිස්ත්‍රික්ක 05ක් සදහා නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඊයේ (01) පියවර ගත්තේය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්යය වසන්ත සේනාධීර මහතා සදහන් කළේ ගාල්ල, මහනුවර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයක් සදහා එම නායයෑමේ අනතුරු…
මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයට අනුව ඊයේ සිදු කිරීමට නියමිත ඉන්ධන ගාස්තු සංශෝධනය සම්බන්ධව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ මෙවර මාසික ඉන්ධන ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවය. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 274ක් වන අතර ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 325කි. ලංකා පෙට්‍රල් 95 ලීටරයක මිල රුපියල් 341ක් වන අතර ලංකා පෙට්‍රල් 92 ලීටයරයක මිල රුපියල් 293කි. එමෙන්ම ලංකා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 178කි.
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වර්ෂයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්ත පළකර තිබේ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර පැවැති හමුවකදී රුසියානු තානාපතිවරයා ඒ බව සඳහන් කර ඇත. පසුගිය (30) පස්වරුවේ එම හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය. මෙරට සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා රාජ්‍යයට ඉතා සාදරයෙන්, ගෞරවයෙන් පිළිගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී ප්‍රකාශ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය පවසයි. මේ අතර රුසියාව හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිතුදම පිළිබඳවත්, මෙරට සෞඛ්‍ය සේවාවේ මෙන්…
ඇද හැළෙන අධික වැසි හමුවේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ ඒකකය පැවසුවේ එම ජල පෝෂක වෙත තවදුරටත් අධික වැසි ඇදහැලුණොත් ජලාශයේ සෙසු වාන් දෙරටු ස්ව්‍යංක්‍රීයව විවෘත වනු ඇති බවය. මේ හේතුවෙන් ජලාශයට පහළින් සිටින පිරිස් ඒ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙස ආපදා කළමනාකරණ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
2025 ලෝක රූ රැජින කිරුළ තායිලන්ත තරගකාරිණියක් වන ඔපල් සුචතා චුංශ්‍රී නම් තරගකාරිණිය විසින් දිනාගනු ලැබීය. 1951 වසරේ මහා බ්‍රිතාන්‍යයේදී ඇරඹි ලෝක රූ රැජින තරගයේ 72 වැනි අදියර ඉන්දියාවේ තෙළඟනාහිදී ආරම්භ වූයේ මැයි 7 වැනිදාය. මෙවර ලෝක රූ රැජින තරගාවලිය සඳහා තරගකාරිනියන් 108 දෙනෙකු ඉදිරිපත් ව සිටින අතර ඔවුන් මහද්වීප 4කට බෙදා එක් එක් මහද්වීපයෙන් අවසන් වටයට තරගකාරිනියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි. එම මහාද්වීප වෙන්කර තිබුණේ, අමෙරිකා සහ කැරබියානු, යුරෝපා, අප්‍රිකා, ආසියා සහ ඔෂනියා ලෙසයි.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය අද (01) දින සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ගිගුරුම් සහිත වැසි…
දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟ ඉහළ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, නෝර්වුඩ්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ අද පස්වරු 4.00 සිට හෙට පස්වරු 4.00 දක්වා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක බවය.
මාස 3 ක කාලයක් රැදවුම් නියෝග මත සිටින නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ මඩකලපුව නගරයේ පිහිටි දේශපාලන කාර්යාලයේ තිබී ජීව උණ්ඩ ඇතුලු භාණ්ඩ කිහිපයක් ඊයේ සොයාගනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබුණේ ඊයේ දිනයේයි. එහිදී මිලිමීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 06 ක්, ශොට්ගන් වර්ගයේ හිස් උණ්ඩ 04 ක්, නවීන ජංගම දුරකථන 03ක්, රියදුරු බලපත්‍රයක්, විදේශ ගමන් බල පත්‍රයක්, පිස්ටල් හෝස්ටරයක් සහ ලිපිගොනු රැසක් සොයාගෙන තිබෙනවා. නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමණියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගත්…
නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා සහකාර පොලිස් අධිකාරවරුන් සඳහා පවතින බලතල සංශෝධනය කරමින් ජාතික පොලිස් කොමිෂන් සභාව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජුනි මස පළමුවන දින එනම් හෙට දින සිට බලාත්මක වන පරිදි ජාතික පොලිස් කෙමිෂන් සභාවේ සභාපති ලලිත් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. නව ගැසට් නිවේදනය හරහා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, මහ සැරයන් හා ඊට පහළ නිලයන්ට අයත් පොලිස් නිලධාරීන් මෙන්ම පොලිස් ආරක්ෂක සහායක නිලධාරීන්, අනුමත කාර්ය පටිපාටි ප්‍රකාරව තම පරිපාලන බලප්‍රදේශය තුළ ස්ථාන මාරුකිරීමේ බලතල පවරා තිබේ. එමෙන්ම අදාළ නිලයන්ට අයත් පොලිස් නිලධාරින් වැඩතහනමට ලක්කිරීම හා විනය පාලන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ බලතල ද නියෝජ්‍ය පොලිස්පතිවරුන්…