Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LFN
වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඊයේ (22) පස්වරුවේ රැස්වූ ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයාගේ යෝජනාවට මෙම අනුමැතිය ලබාදී ඇත. හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යෑමෙන් පසු එම තනතුර මේ වනවිට දින 44ක් පුරප්පාඩුව පවතී. නව විගණකාධිපති සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යෝජනා කළ නමට ව්‍යවස්ථා සභාවේ එකඟතාවය හිමි නොවීය. ඒ අනුව වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරන ජී.එච්.ඩී. ධර්මපාල මහතාට මාස හයක සේවා දිගුවක් ලබාදීම සඳහා ව්‍යවස්ථා සභාව වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කළ යෝජනාව මෙලෙස අනුමැතිය හිමිවී තිබේ.
ඉන්දියාවේ තෙලගනාහිදී මේ දිනවල පැවැත්වෙන 72වන ‘ලෝක රූ රැජින තරගයේ’ Head-to-Head Challenge අංශයෙන් රූ රැජිනියන් 107ක් අතරින් අවසන් 20 දෙනා අතරට සුදුසුකම් ලැබීමට අනුදි ගුණසේකර සමත්ව සිටියි. ඒ අනුව මේ වනවිට ඇය මෙම වටයේ ආසියානු සහ ඕෂනියා කලාපයෙන් හොඳම 5 දෙනා අතරට පැමිණ ඇත. ඇය සමගින් මෙම වටයට ආසියානු සහ ඕෂනියා කලාපයෙන් තායිලන්ත, තුර්කි, ලෙබනන් හා ජපාන තරගකාරියන් තේරීපත්ව සිටියි. මේ අතර අනුදිගේ මෙම පැමිණීම ලෝක රූ රැජින තරගයේ ශ්‍රී ලංකාවට ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එනම් වසර 74ක ලෝක රූ රැජින තරග ඉතිහාසයේ Head-to-Head Challenge අංශයෙන් අවසන් වටයට තේරී පත් වූ පළමු ශ්‍රී ලාංකික තරගකාරිය ඇය වීමයි. එමෙන්ම අනුදිගේ…
ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවාගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. එමෙන්ම එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරණ දහස් ගණන් සිසුන්ටද වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවත්, එසේ නොහැකි නම් සිය රටෙන් යායුතු බවට දැනුම් දී ඇති බවද එම වාර්තාවන්හි දැක්වේ. මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටින බවයි. එමෙන්ම ත්‍රස්ත හිතවාදී උද්ඝෝෂකයින් සිටින බවත්, ඔවුන් යුදෙව් සිසුන්ට පහරදීමට කටයුතු කිරීමෙන් විශ්වවිද්‍යාලය තුළ අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 20,000කට…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට අදාල විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇති බවට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් පෙන්වා දෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව විසින් IMF එකඟතා සම්පූර්ණ කළ යුතුව ඇති බවය. ඇය මේ බව සඳහන් කළේ සති පතා පැවැත්වෙන IMF තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය. පසුගිය අප්‍රේල් 25 වන දින, IMF විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණීමට සමත් විය. ඒ අනුව අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු ප්‍රධාන කරුණු 2ක් අවධාරණය කරන ජුලි…
දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. පසුගිය සති කිහිපයේ දී ආසියානු රටවල් කිහිපයක COVID – 19 ආසාදිතයන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත්, මෙම තත්ත්වයට ප්‍රජාව තුළ රෝගයට මුහුණ දීමේ ඇති හැකියාව අඩුවීම ඇතුළු සාධක කිහිපයක් හේතු විය හැකි බවත්, මෙය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ත්‍රීව්‍ර කර…
ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය පත්ව ඇත. කාරක සභාවේ මංගල රැස්වීම පාර්ලිමේන්තුවේදී අද (22) රැස් වූ අවස්ථාවේදී ඇය මේ සඳහා පත්ව තිබේ. මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා විසින් ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ නම යොජනා කර ඇති අතර, මන්ත්‍රී කන්දසාමි ප්‍රභු මහතා විසින් එය ස්ථිරකර ඇත. කාරක සභාවේ සෙසු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන ලක්ෂ්මන් නිපුණ ආරච්චි, නීතිඥ සාගරිකා අතාවුද, නීතිඥ නිලන්ති කොට්ටහච්චි හා තිළිණ සමරකෝන් යන අයද මෙම රැස්වීමට සහභාගි වී තිබේ.
ලුණු ප්‍රශ්නය අදින් පසු අවසන් වන බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. “ලුණු ගැන දැන් කතා කළා ඇති” යැයි ඔහු සඳහන් කළේය. හඳුන්නෙත්ති මහතා මෙසේ පැවසුවේ ආනයන අපනයන පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.
පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයන් පත් කිරීමේදී ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය පමණක් සැලකිල්ලට ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ආයතන වලට පත්වීමට සුදුසුකම් ලබන්නේ පළාත් පාලන මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රතිශතය ගත් අපේක්ෂකයන්ට පමණි. එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පත් කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින් ගන්නා ලද මෙම තීරණය කිසිම හේතුවක් නිසා වෙනස් නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 16ක කෝටි හතළිස් එක් ලක්ෂයකට අධික මුදලක් මහජනතාවගෙන් තැන්පතු ලෙස භාර ගැනීම ඇතුළු චෝදනාවලට වරද පිළිගත් චන්දන වීරකුමාර හෙවත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ වූ කුමාරි අනුරාධිනී යන අයට කොළඹ මහාධිකරණය අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කර තිබේ. එම චෝදනාවලට විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව එක් එක් විත්තිකරුට බරපතළ වැඩ සහිත වසරක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා එම සිරදඬුවම වසර 10කට අත්හිටුවන බවත් නියෝග කළේය. ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 25,000 බැගින් දඩ මුදල්ද නියම වුණි. දඩ මුදල් ගෙවීමෙන් පසුව විත්තිකරුවන්ගෙන් ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසත් ඉන් පසුව ඔවුන් මුදාහරින ලෙසත් විනිසුරුවරයා නියෝග…
වීරකැටිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.