Author: LFN
දියේ ගිලී 10 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. මොරගොඩ පොලිස් වසමේ මුරියාකඩවල ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ සිටි දරුවෙකු මෙලෙස ඊයේ (30) සවස් කාලයේදී වැවක දිය නෑමට ගොස් සිටියදී මෙම අනතුරට ලක්වී ඇත. මොරගොඩ පොලීසිය සඳහන් කළේ මරදන්කඩවල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දරුවා මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වූ බවය. මියගිය දරුවා 10 හැවිරිදි මොරොන්තුඩුව, කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මොරගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ජුනි 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දකවා වූ වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැ.කි.මී 60-70ක් දක්වා වැඩිවීමේ හැකියාව ඇති බවය. ඒ අනුව එම ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ. එමෙන්ම එම මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙසද නාවික සහ ධීවර ප්‍රජාවට එම දෙපාර්තමේන්තුව විසින් අදාළ නිවේදනය මගින් දැනුම් දී තිබේ. හලාවත සිට කොළඹ…
බලපිටිය වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී අතරමංවී සිටි ධීවර යාත්‍රාවේ ධීවරයින් තිදෙනෙකු මේ වනවිට බේරාගෙන තිබේ. මෙම ධීවරයින් බේරාගැනීම සඳහා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර් යානය යෙදවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කර තිබුණි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. නඩුව අද (30) මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේ විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයේ කරුණු දක්වමින් මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන ලේඛන ලයිස්තුවක් පැමිණිල්ල වෙත ඉදිරිපත් කරමින් ඒවා ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. සාධාරණ නඩු විභාගයකට මුහුණ දීම සඳහා එම ලේඛන තමන්ට අවශ්‍ය බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබේ. ඒ අනුව එම ලැයිස්තුවේ අන්තර්ගත ලේඛන හා ප්‍රකාශ පිළිබඳව…
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 485කට අයත් පුද්ගලයින් 1757 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රියවීමත් සමග ඊයේ (29) සවස් කාලයේ සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් සහ දැඩි සුළං තත්ත්වයක් වාර්තා විය. ඒ අනුව දිස්ත්‍රික්ක 9කට වර්ෂාවෙන් සහ සුළං තත්ත්වයෙන් හානි සිදුවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය. මෙහිදී නිවාස 3ක් පූර්ණ වශයෙන් හානි සිදුවී ඇති අතර තවත් නිවාස 365කට අර්ධ වශයෙන් හානි සිදුවී ඇත. කෙසේවෙතත් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට සුළඟින් දැඩි බලපෑම් එල්ලවී තිබූ අතර මාර්ග කිහිපයක වාහන ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවිය.
කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ (29) දින බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබේ. ඒ අනුව ඔවුන් දෙදෙනාට ජම්පරය අන්දවා ඇති අතර නිදාගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බව වාර්තා වෙයි. සතොස ආයතනය හරහා ආනයනය කරන ලද කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් 2015 ජනාධිපතිවරණ සමයේ නීතිවිරෝධි ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීමෙන් රජයට සිදුවූ රුපියල් මිලියන 53.1ක් පාඩුකිරීමට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රකාශ පත් කළේය. ඒ අනුව සිදුවීම වන සමයේ…
අද (30) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් හා ගුවන්තොටුපොළ රේගු ඒකකයේ නිලධාරීන් එක්වී සිදුකළ වැටලීමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 10යි ග්‍රෑම් 323ක් සොයාගෙන තිබුණි. එහිදී එම මත්ද්‍රව්‍ය ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි විදේශ ජාතිකයා අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38ක් වන ඉතාලි ජාතිකයෙකි. සැකකරු මෙම මත්ද්‍රව්‍ය ටෙඩිබෙයා(ර්) තුනක සඟවාගෙන රැගෙනවිත් තිබුණි.
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වෙයි. ඊයේ (29) රාත්‍රියේ ඇතිවූ තද සුළං සහ වැසි හේතුවෙන් ගස් කඩාවැටීම් වාර්තා වූ අතර ඉන් විදුලි රැහැන්වලට හානි සිදුවීමෙන් මෙම විදුලි බිඳවැටීම් සිදුවී ඇතැයි පැවසෙයි.
නුවරඑළිය ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක බස් අනතුර සිදුවූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ පරීක්ෂණ මණ්ඩල වාර්තාව නිකුත් කර තිබේ. පසුගිය 11 වනදා අලුයම 4:45ට පමණ නුවරඑළිය – මහනුවර මාර්ගයේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ NC – 1144 දරණ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථය ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය. එම අනතුරින් මගීන් 23 දෙනෙකු මියගිය අතර තවත් 60 දෙනෙකු තුවාල ලැබීය. අනතුරින් 43 හැවිරිදි තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි කතරගම ඩිපෝවට අනුයුක්තව සේවය කළ රියදුරා ද ජීවිතක්ෂයට පත්විය. මෙම අනතුර සම්බන්ධයෙන් 6 දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ මණ්ඩලයක් විමර්ශන සිදුකළ අතර ඔවුන් ස්ථානීය පරීක්ෂණ මෙන්ම කොත්මලේ පොලිස් ස්ථානයේදී අනතුරට ලක්වූ බස් රථයද…