Close Menu
Lanka Focus News
    What's Hot

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහින්දානන්ද සහ නලින් ජම්පරේ ඇඳගෙන වැඩට බසී
    Featured

    මහින්දානන්ද සහ නලින් ජම්පරේ ඇඳගෙන වැඩට බසී

    By LFNMay 30, 2025No Comments2 Mins Read174 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ඊයේ (29) දින බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළ හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය‍ සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඇතුළත් කර තිබේ.

    ඒ අනුව ඔවුන් දෙදෙනාට ජම්පරය අන්දවා ඇති අතර නිදාගැනීම සඳහා පැදුරක් සහ කොට්ටයක් ලබාදී ඇති බව වාර්තා වෙයි.

    සතොස ආයතනය හරහා ආනයනය කරන ලද කැරම් බෝඩ් 14,000ක් සහ දාම් බෝඩ් 11,000ක් 2015 ජනාධිපතිවරණ සමයේ නීතිවිරෝධි ලෙස ක්‍රීඩා සංගම් අතර බෙදාහැරීමෙන් රජයට සිදුවූ රුපියල් මිලියන 53.1ක් පාඩුකිරීමට අදාළව හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුට එරෙහි නඩුවේ තීන්දුව කොළඹ මහාධිකරණය ඊයේ ප්‍රකාශ පත් කළේය.

    ඒ අනුව සිදුවීම වන සමයේ සතොස සභාපතිවරයා ලෙස ක්‍රියා කළ නලින් ප්‍රනාන්දු මහතාට බරපතළ වැඩසහිත වසර 25ක සිරදඬුවමක් සහ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතළ වැඩසහිත වසර 20 සිරදඬුවම් නියම කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කර තිබුණි.

    ඊට අමතරව විත්තිකාර නලින් ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ හතරක දඩයක් සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියම කෙරුණි.

    දඬුවම් නියමවූ හිටපු අමාත්‍යවරුන් දෙදෙනා ඊයේ පස්වරුවේම වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ආවේය.

    එහිදී හිටපු අමාත්‍යවරුන් දෙදෙනා වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර ඇති අතර ඉන් අනතුරුව සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට යොමු කර ඇත.

    එසේම අධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබු සිරකරුවන්ට අන්දවන “ජම්පරය” ඔවුන් දෙදෙනාටද ඇඳීමට ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.

    මේ අතර අද දිනයේදී ඔවුන්ට බන්ධනාගාරය තුළ වැඩ නියම කිරීමට නියමිත අතර බොහෝ විට ඔවුන් දෙදෙනාම වැලිකඩ බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ සේවයේ යොදවනු ඇතැයි වාර්තා වෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,419 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,621 Views
    Don't Miss

    ඇපල් සමාගමෙන් තවත් පිම්මක් – iPhone නව මාදිලිය එළිදැක්වීම සැප්තැම්බර් 9 වැනිදා

    August 27, 2026014 Views

    ඇපල් සමාගමේ නවතම iPhone මාදිලි සහ බොහෝ දෙනා මඟබලන් සිටින නැමිය හැකි (Foldable) iPhone දුරකථනය…

    මෝටර් රථයක් දුම්රියේ ගැටී 17 දැරියක් මරුට

    August 27, 2026

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.