Author: LFN
2025 වර්ෂයේ මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලිම්වලදී බහුදින ධීවර යාත්‍රා මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මෙරටට රැගෙන එන ලද හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1758 ක තොගයක් සිය භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි. නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එක්ව සිදු කළ එම මහා පරිමාණ වැටලිම්වලදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 542ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1216ක් සොයාගැනීමට හැකිවු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. එහිදී බහුදින ධිවර යාත්‍රා 04ක් සහ සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය පැවසීය. එම සැකකරුවන් පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා ලබා වරදකරු වී සිර දඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ගනු ලැබූ තීරණයට අදාළ ලේඛන අධිකරණයට ඉදිරිපත් කර ඇති බව නීතිපතිවරයා ඊයේ (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී ඇත. ඥානසාර හිමිට ප්‍රදානය කර තිබෙන සමාව බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා මහතා මෙම දැනුම්දීම සිදු කළ බව වාර්තාවේ. මෙම පෙත්සම් එස්. තුරෙයි රාජා කුමුදුනී වික්‍රමසිංහ සහ සම්පත්…
මෙරටට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය Wang Wentao මහතා ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා පැවැත්විය. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන සහ අර්ථික ස්ථාවරත්වය සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ චීන ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව මෙහිදී සඳහන් කළ අමාත්‍යවරයා ආයෝජකයින් 100කට වැඩි පිරිසක් සමඟ සිදු කෙරෙන මෙම සංචාරය තුළින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු වන බව පැවසීය. අභියෝගාත්මක සමයක දෙරටටම වාසි සහගත අයුරින් වෙළෙඳ සහ ආර්ථික අරමුණු ජයගැනීමට එක්වී කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ගෝලීය ආර්ථික…
බදු ශක්ති නමින් බදු සතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන් ජයවීර මහතා පවසයි. ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ එළඹෙන 02 වනදා සිට 07වනදා දක්වා ක්‍රියාත්මක සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවය. “මිලියන 10කට වැඩි ප්‍රමාණයකට මේ වෙද්දි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ටින් අංක නිකුත් කරලා තියෙනවා. හැබැයි ඒ අංක නිකුත් කරලා තියෙන්නේ විවිධ මූලාශ්‍ර මගින් ගත්ත තොරතුරු මත. රටේ ජනතාවට විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ඔබ වෙනුවෙන් මේ වෙද්දි දෙපාර්තමේන්තුවෙන් ටින් අංකයක් නිකුත් වෙලා තියෙන්න පුලුවන්. ඒක හින්දා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔබගේ හැඳුනුම්පත් අංකය දාලා මේ…
සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරන පුවත අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයක ඒ බව දැක්වෙයි. ලංකා සීනි සමාගම හෝ වත්මන් රජය විසින් එවැනි තීරණයක් ගැන සාකච්ඡා කොට නොමැති බවත් මෙම පුවත තුළ අඩංගු උක් අස්වැන්න මිලදී නොගන්නා බවට පළවන කරුණු ද සාවද්‍ය බවත් එහි තවදුරටත් දැක්වෙයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇති වෙයි. උතුරු-මැද පළාතේත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් පවතී. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින්විට හමන පැ.කි.මී. (30-40) ක පමණ…
පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇත. ඊයේ (29) රාත්‍රියේ මෙම මාර්යට ගස් කඩාවැටීම හේතුවෙන් දුම්රිය ප්‍රමාදයක් සිදුව තිබුණි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පුත්තලම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ, ඊයේ රාත්‍රියේම මාර්ගය යථාවත්කිරීමේ කටයුතු සිදුකෙරුණි.
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඊයේ (29) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟක් හේතුවෙන් ගස් කඩාවැටී දැඩි අලාභහානි සිදුව තිබේ. කොළඹ – ගාලු පාරේ කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත දක්වා මෙන්ම ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශ කිහිපයකම ගස් කඩාවැටී තිබෙන අයුරු දැකගත හැකිවිය. ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් මාවතේ විශාල ප්‍රමාණයේ ගසක් කඩාවැටීමෙන් අසල තිබූ නිවාස 6කට හානි සිදුව ඇත. මෙම අනතුරෙන් සිය ජීවිත බේරාගැනීමට නිවැසියන්ට හැකිවී ඇති බවද වාර්තාවේ.
නාරාහේන්පිට ප්‍රදේශයේදී තුසිත හල්ලොලුව මහතා ගමන් ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) එලෙස නියම කළේය. මෙම නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නිල මැදිරිය තුළ කැඳවා තිබුණි.
දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී හෙරොයින් සහ අයිස් මත්කුඩු කිලෝග්‍රෑම් 778 කට ආසන්න ප්‍රමාණයක් ධීවර යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 11 දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අවසර ලබාදී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම සැකකරුවන් අද (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කර තිබුණි. මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් මෙම සැකකරුවන් පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරුවන් සතික කාලයක් පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුනි. අත්අඩංගුවට…